කෘෂිකාර්මික රටක් ලෙස සලකන ශ්‍රී ලංකාවේ අපට ශාක හා සතුන් පිළිබඳව අධ්‍යයනය කිරීමට සිදුවේ. දැනට ලෝකයේ සත්ව විශේෂ ලක්ෂ 4 ක් පමණ සොයාගෙන ඇති නිසා එම ශාක එක එකක් පිළිබඳව අධ්‍යයනය කිරීම අපහසුය.
යම් ශාකයක නමක් කාලයක් භාවිතාවීම නිසා, එය පොදු නාමයක් ලෙස ව්‍යවහාර විය හැකිය. උදාහරණ වතුපාළු, කටුකරෝසන එවැනි ශාක වේ. සමහර ශාක ඛෙහෙත්මය අගය අනුව හඳුන්වන අවස්ථා ද ඇත. උදාහරණ වාතභංග, නගාමැරූ අල, කතුරුපිල එසේම එකම ශාකය විවිධ නම් වලින් ද හඳුන්වයි. උදාහරණ කිරි අගුන, අගුන, කුරිඤ්ඤං කොල ලෙස හඳුන්වන්නේ එකම ශාකයයි. එමෙන්ම එකම නමින් ගස් වර්ග රාශියක් ඇති බව ද පෙනේ. මාර සහ මැහෝගනී එවැනි ශාකයන් වේ.