පටක රෝපනය සිදු කිරීම
 

රෝපණ මාධ්‍යය සඳහා ශාක පෝෂණ මූලද්‍රව්‍යය, කාබන් ප්‍රභවයක් වශයෙන් සුක්රෝස්, ප්‍රක්ටෝස්, හෝ ග්ලූකෝස් වැනි ද්‍රව්‍ය වලින් එකක් ද විටමින් වලින් තයමීන්, නිකොටනීක් අම්ලය, රොඩොක්සීන් පැන්තොතෙනික් අම්ලය, පෝලික් අම්ලය, රයිබොප්ලේවින් අම්ලය යන විටමින් සී ලෙස ඇස්කෝබික් අම්ලය ද කාබෝහයිඩ්‍රේටයක් ලෙස ඉනසිටෝල් නම් ද්‍රව්‍යයද, ශාක හෝමෝන ලෙස ඔක්සීන හා සයිටොකයනීන් ද, යොදා ගැනේ. පටක රෝපණයේදී නව ශාක ලබාගත හැකිවාක් මෙන්ම විභේදනය නොවුනු ෙසෙල සමූහයක් හෙවත් ෙසෙල කණිකාවන් වශයෙන්ද ආරක්ෂා කර අනාගත ප්‍රයෝජනයට තබාගත හැකිය. අප ලබා ගන්නේ සම්පූර්ණ ශාකයද ෙසෙල කණිකාවන් ද යන්න පාලනය කිරීම සඳහා වෙනස් වූ හෝමෝන භාවිතා කිරීම අවශ්‍ය වේ.

ඔක්සීන මූල වර්ධනයට ද, කයිටීන වර්ධක වර්ධනයට ද උපයෝගී වේ. රෝපණ මාධ්‍ය ගණවීම සඳහා එගාර් මාධ්‍යයක් යොදා ගනී. ෙජ්ල් රයිට් නම් ද්‍රව්‍යයක් ද මෑතකදී එගාර් වෙනුවට යොදා ගනී. ජීවානුහරිත කිරීම සඳහා 70% ඊතයිල් මධ්‍යසාරය 10% කැල්සියම් හයිපොක්ලෝරයිඩ් වලින් සෝදා ඇස්‍රැත ජලයෙන් සේදීම කරයි.

පටක රෝපණය ක්‍රියාවලිය සිදු කරන ප්‍රදේශයද ජීවානුහරණය කර ගැනීම සඳහා පාරජම්බෝල කිරණ භාවිතා කරතොත් එය ශරීරයට හානි දායක බැවින් "ලැමිනාරි" වායු ධාරා මෑතකදී භාවිතයට පැමිණ ඇත. රෝපණ ක්‍රියාවලිය පසු කළ විට උෂ්ණත්වය, ආලෝක තීව්රතාවය, ප්‍රභා අවධිය, පාලනය කළ හැකි විශේෂිත කාමරයක ^Culture - room& ජීවානුහරිත තත්ව යටතේ විශේෂ රාක්කවල තැන්පත් කර තැබිය යුතුය.

වගා කිරීම ආරම්භ කිරීම සඳහා යොදා ගනු ලබන ශාක පටකය, ලබා ගන්නා කොටස අනුව, පටක රෝපණය හඳුන්වන නාමය වෙනස් විය හැක.

 

1.කෝපි, දඹල, උක්, මල්ගෝවා, ඇන්තූරියම්   

ශාක පත්‍රය - පත්‍ර රෝපණය හෝ වගාව

2.     අර්තාපල්, තක්කාලි  

තනි සෛල - සෛල රෝපණය හෝ ෙසෙල වගාව

3.බතල, ඉගුරු, අන්නාසි 

කක්ෂීය අංකුර - කක්ෂීය අංකුර රෝපණය හෝ කක්ෂිය අංකුර වගාව

4.රබර්, කෝපි, අඹ, පැපොල්
සෛල කණිකාව - සෛලි කණිකා රෝපණය හෝ ෙසෙල කණිකා වගාව

5.වී, කොට්ටම්බ, කැරට්, පොල්, අඹ, බාර්ලි
බීජයෙන් වෙන් කල කළලය - කලල රෝපණය හෝ කළල වගාව

6.ගෝවා, කෙසෙල්, අර්තාපල්, බතල, ලූණු, පැපොල්
කදේ අග්‍රස්ථ අංකුරය - කද අග්‍රස්ත අංකුර රෝපණය හෝ අග්‍රයට අංකර වගාව

7.පොල්, ඇඹුල් දොඩම්, වී, රබර්, බාර්ලි
පරාග කණිකා - පරාග කණිකා රෝපණය හෝ පරග කණිකා වගාව

8.මිරිස්, අර්තාපල්, කැරට්, බෝංචි, තක්කාලි, දුම්කොල
ප්‍රාක් ප්ලාස්මය - ප්‍රාක් ප්ලාස්මය රෝපණය හෝ ප්‍රාක් ප්ලාස්ම වගාව

9.කඩල, කැරට්, දුම්කොළ, උක් දඹල
තනි සෛල හෝ ෙසෙල සුළු ප්‍රමාණයක් ඇති ෙසෙල සමූහය
සෛලය/සෛල අවලම්භිත මාධ්‍යයක රෝපණය හෝ වගාව

10. බතල , තක්කාලි, මල් ගෝවා
මුලෙහි අග්‍රස්ථ අංකුර - මුල් අග්‍රස්ථ අංකුර රෝපණය හෝ මුල් අග්‍රස්ථ අංකුර වගාව

11. මඤ්ඤොක්කා, කඩල, තේ 

ශාක විභාජක පටක පමණක් අඩංගු අග්‍රස්ථ අංකුර කොටස් 

විභාජක පටක රෝපණය හෝ විභාජක පටක වගාව


පටක රෝපණ තාක්ෂණයේදි සම්මත රෝපණ මාධ්‍ය : -
1. නිෂ්වි
2. මුරුසිගේ සහ සිකූබ්
3. වයිට්, බිලෙයඩ්ස්
4. ගැම්බර්ග්

වි සදහා N6 මාධ්‍යයද, රබර් සදහා MS හා N6 ද පොල් සදහා MS හා Y3 ද යන මාධ්‍යයන් සාර්ථක වී ඇත. බෝගය සදහා සුදුසු මාධ්‍යයන්ගේ වර්ගය බෝග අනුව වෙනස්විය හැකි බව ඉන් පෙනේ.

පටක රෝපණයට ගන්නා ශාක කොටස් මව් ශාකයෙන් වෙන්කර ගත් අවස්ථාවේ සිට නැවත අලූත් ශාකයක් ක්ෂේත්‍රයට ලබාදෙන තුරු සියළුම ක්‍රියාවලියන් සංවෘත වීදුරු භාජන තුළ සිදු කරන නිසා පටක රෝපණය වගා කිරීමේ සංවෘත ක්‍රමය ලෙස ද හදුන්වනු ලැබේ. මෙම සියලූම ක්‍රියාවලියන් හිදී ජීවාණුහරන තත්ත්වයන් සහ පරිසරයන් භාවිතය ඉතාමත් වැදගත් වේ.

(මූලාශ්‍ර ජාන සම්පත් මධ්‍යස්ථානය රබර් පුවත් - ආචාර්ය පුෂ්පිකා සෙනවිරත්න)

(c) Shilpa Sayura Foundation 2006-2017