පටක රෝපණය හැඳින්වීම
 

ජනගහනය වර්ධනය වීමත් සමග වැඩිවන ආහාර ඉල්ලූමට නිෂ්පාදනය වැඩි කළ යුතුව ඇත. නිෂ්පාදනය වැඩි කළ හැකි ක්‍රම දෙකකි.
1. වගා කරන බිම් ප්‍රමාණය වැඩි කිරීම.
2. ඒකක බිමකින් ලැඛෙන අස්වැන්න වැඩි කිරීම.

මෙම පලමු වන ක්‍රමය සීමාසහිත වන බැවින් දෙවන ක්‍රමය අනුගමනය කළ යුතුව ඇත. එම ක්‍රියාවලිය සඳහා දෙමුහුම් කිරීම තුලින් නව වර්ග බිහි කරගත්තත් බලාපොරොත්තු වූ ප්‍රමාණයට අස්වනු වැඩි නොවූයෙන් විද්‍යාඥයින්ට තවදුරටත් සොයා ගැනීම් කෙරෙහි යොමු විය. එA සඳහා විශාල මෙහෙයක් පටක රෝපණය මගින් ඉටු කරගැනීමට හැකි වී ඇත.

පටක රෝපණය පළමුවරට අත්හදා බලා ඇත්තේ ජර්මනියේ හබර්ලන්ඩ් ගොඩ්ලිබ් නම් විද්‍යාඥයා 1898 දී පමණය. සංවෘත ක්‍රමයට බීජ ප්‍රරෝහණය, කලල ප්‍රරෝහණය පරාග කණිකා ප්‍රරෝහණය, පටක රෝපණය යනුවෙන් අදහස් කරන අතර ශාකයක හෝ සත්වයකුගේ වර්ධක හෝමෝන අඩංගු පෝෂ්‍ය මාධ්‍යයක වගා කොට පැළ කීපයක් හෝ සමූහයක් බිහි කර ගැනීම පටක රෝපණයෙන් අදහස් වේ.

සෛලවල පවතින "ටොටි පොටෙන්සි" මුලධර්මය හෙවත්, (පුනරාවර්තන න්‍යාය)
සුදුසු තත්ත්ව යටතේ සෛල විභාජනය වීම. එම සෛල විභේදනය වී සම්පූර්ණ ශාකයක් හෝ කොටසක් බිහිවීම යන ක්‍රියාවලීන් පටක රෝපණයේ දී මුලධර්මය වී ඇත.

පටක රෝපණයේ වැදගත්කම
01. ජාන ඉංජිනේරු තාක්ෂණය පටක රෝපණය මගින් දියුණු කළ හැකිය.
02. පොල් වැනි බීජවලින් පමණක් ලබා ගත හැකි ශාකවල නව වර්ග බිහි කරගත හැකිය.
03. අහිතකර පරිසර තත්ත්ව මඟහැරෙන වර්ග බිහිකර ගැනීමට හැකිවීම.
04. දුර්ලභ ගණයේ බෝග බිහිකර ගැනීම.
05. "දී කිරි" වර්ගයේ පොල් අඩු සංඛ්‍යාවක් නිපදවේ. පටක රෝපණය මගින් මෙම පැළ වැඩි සංඛ්‍යාවක් ලබාගත හැක.
06. ශාක රෝගවලට ඔරොත්තු දෙන වර්ග බිහිකර ගැනීම.
07. අභාවයට යන පැළ වර්ග අභාවයට යා නොදී ආරක්ෂා කර ගැනීම.
08. පළදාව වැඩිවන වර්ග නිපදවිමට උදව් වීම.
09. ශාක ප්‍රගුණනය මගින් මව් ශාකයට සමාන පැළ විශාල සංඛ්‍යාවක් එකවර බෝකර ගත හැකි වීම.
10. රබර් වැනි ශාකවල බද්ධ පැල නිපදවීමේදී ක්ලෝන සමාන වුවත්, මූල පද්ධතියේ වෙනස්වීම නිසා අස්වැන්න වෙනස්විය හැකිය. නමුත් පටක රෝපණයෙන් ලැඛෙන පැලවල අස්වැන්න එක සමාන වේ.
11. වසර පුරා පැළ ලබා ගත හැකි වීම.
12. අඩු කාලයකදී වැඩි පැළ සංඛ්‍යාවක් ලබා ගත හැකිවීම.
13. නියඟයට හෝ ලවණතාවයට ප්‍රතිරෝධී ප්‍රභේද ලබා ගැනීම.
14. විශේෂිත ඖෂධ, සුවඳකාරක, රසකාරක, ජෛව සංශ්ලේෂණය කිරීම.

(c) Shilpa Sayura Foundation 2006-2017