බහූ බෝග වගාව
 

ඒකක බිම ප‍්‍රමාණයකින් නිශ්චිත කාල පරිච්ඡේදයකදී, උපරිම ආදායම් ලබාගැන්මේ අරමුණු ඇතිව පාංශු සශ‍්‍රීයකතාව රැකගනිමින් ක‍්‍රමවත් සැලැස්මකට අනුව බෝග කිහිපයක් වගාකිරීම බහුබෝග වගාව ලෙස හදුන්වනු ලැබේ.

විද්‍යානුකූලව බෝග ගලපා බිම් සකස් කිරීමේ කාලය අඩුකොට පොහොර ක‍්‍රමානුකූල භාවිතය මගින් උපරිම අස්වැන්නක් මෙහිදි ලබාගත හැකිය.

බහුබෝග වගාවක කාලය ඉතිරිකර ගැනීමට යොදාගත හැකි විශේෂ ක‍්‍රම

* කෙටිකාලයකින් අස්වැන්න ලැබෙන බෝග ප‍්‍රභේද තෝරාගැනීම
* යාන්ත‍්‍රික ක‍්‍රම යොදා ගැනීම - අත්ට‍්‍රෑක්ටර් මාර්ගයෙන් වැටි හා කාණු පිළියෙල කිරීම
* උපරිම ලෙස මේරීමට පෙර අස්වැන්න ලබාගත හැකි වර්ග යොදා ගැනිම
උදා :- බඩඉරිගු සොයාබෝංචි
* වී වගාකිරීමේදි වියළි ලෙස බිම් සකස් කිරීම
* විද්‍යානුකූලව බෝග ගැලපෙනසේ බෝග අතර බෝග වැවීම උදා:- ගොයම්
* අස්වැන්න නෙලීමට සති 3 කට පෙර මිරිස් සිටුවා ගැනීම
* තවාන් භාවිතාකර තවාන් සදහා ගතවන කාලය අඩුකර ගැනීම
* බීජ ප‍්‍රතිකාර ක‍්‍රම මගින් බීජ ප‍්‍රරෝහණය ඉක්මන් කිරීම

බහුබෝග වගාවට බෝග තෝරා ගැනීම
* ප‍්‍රදේශයේ දේශගුණික තත්වවලට ගැලපෙන බෝගවර්ග වීම.
* සමබර ආහාරයක් ලැබෙනසේ බෝග තෝරා ගැනීම.
* ප‍්‍රභා අවධි සංවේදි නොවන බෝග තෝරා ගැනිම.
* පාංශු පෝෂක තත්වයක ගැලපෙන බෝග තෝරා ගැනීම.
* බෝග අතර ඇතිවන අන්තර් ක‍්‍රියා පිළිබඳ අවබෝධයක් සහිතව බෝග තෝරා ගැනිම (ආදේශක තරගකාරී සම්බන්ධතාවක් හෝ තරගකාරී සම්බන්ධතාවයක් ඇති බෝග තෝරා නොගත යුතුය).

(c) Shilpa Sayura Foundation 2006-2017