පේලි අනුව වගා කරන ලද බෝග සහිත ක්ෂේත‍්‍රයක එම බෝගය හා තරගකාරී නොවන ලෙස ක්ෂේත‍්‍රය තුළ බෝග 2 ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් එකවිට වගාකිරීම අතුරුබෝග වගාව ලෙස හදුන්වයි.
මෙහිදි වැදගත් වනුයේ, ජලය හිරුඑළිය, භූමිය යන සම්පත් වලින් තරගයක් ඇති නොවන සේ උපරිම ප‍්‍රයෝජන ගන්නා බෝග තෝරා ගැනීමයි.
පොල් පමණක් වවා ඇති ඉඩම්වල 50% 75% ක් අතර හිරු එළිය අපතේ යාම සිදුවන බවත් එම හිරුඑළිය මගින් අතුරුබෝග නිෂ්පාදනයට යෙදිය හැකි බවත් සොයා ගෙන ඇත.
බඩඉරිගු වගාවේ අස්වැන්න 30-35% කින් පමණ වැඩිකිරීමට මං ඇට අතුරු බෝගයක් ලෙස යෙදීම උපකාරි වන සොයාගෙන ඇත.