මිශ්‍ර බෝග වගාව
 

එකම ක්‍ෂේත්‍රයක එකවිට බෝග කීපයක් මිශ‍්‍රව වගාකිරීම මිශ‍්‍රබෝග වගාව ලෙස හදුන්වනු ලැබේ. මෙහිදී බොහෝවිට සමාන වයස් සහිත බෝග තෝරාගනු ලබයි. මිශ‍්‍රබෝග වගාවන් ආරම්භයට පෙර සැලකිය යුතු කරුණු කීපයක් වේ.

1. රෝග හෝ පළිබෝධ පිළිබඳව දැඩිලෙස සැලකිලිමත්වීම
උදා :- එකම දිලීරය ශාක කීපයකට හානිකර විය හැකිය. පොල්ගොබය කුණුවීම ඇති කරන පයිටොප්තෙරා පාමිචෝරා දිලීරය, කොකෝවා ගෙඩි කුණුවීමටත් ගම්බිරිස් මුල්වලට හානිකිරීමටත් ආධාර විය හැකිය.
2. පෝෂ්‍ය පදාර්ථ, ජලය හා ආලෝකය අතර තරගකාරී බව පිළිබඳව සැලකිලිමත්වීම
3. ශාකයකට අවශ්‍ය වන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමාණය ගැන සැලකිලිමත්වීම
මිශ‍්‍රබෝග වර්ග කීපයකි

* නයිට‍්‍රජන් ලබාගැනීම අරමුණු කොට රනිලබෝග/වෙනත් බෝග මිශ‍්‍රව වගාකිරීම.
* හේන් ගොවිතැනේදි මෙන් මිරිස්, බටු, තක්කාලි, කුරක්කන්, බඩඉරිගු ආදිය පේළිරහිතව එකම භූමියක අක‍්‍රමවත්ව ඉසීම.
* මැදරට තෙත් කලාපීය ගෙවතුමෙන් කෝපි, කොකෝවා, ගම්බිරිස් පුවක් ආදිය මිශ‍්‍රව වගාකිරීම.
* පේළිවල එක්පේළියක බෝග 1ක් සිටිනසේ බෝග දෙකක් වගා කිරීම.
* පේළිවල එක් පේළියක බෝගවර්ග 1ක් සිටින සේ බෝගවර්ග 3 ක් 4 ක් වගා කිරීම.

(c) Shilpa Sayura Foundation 2006-2017