සමෝධානික ගොවිතැන
 එකම භූමියක සත්වපාලනයත්, බෝගවගාවත්, බලශක්ති නිෂ්පාදනයත් කිරීම ස`දහා එක් වගාවක අවද්‍රව්‍ය අනෙක් වගාවේ අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරමින් කරනු ලබන්නා වු ගොවිතැන් ක‍්‍රමයකි.

ස්වභාවික සමතුලිතතාව රැුකෙනපරිදි ශක්තිය අපතේ නොහැරීම මෙම වගා ක‍්‍රමයේ ප‍්‍රධාන මූලධර්මයවේ. සමෝධානික ගොවිතැන් ක‍්‍රමයකදී කරුණු කීපයක් කෙරෙහි සැලකිල්ල යොමුකල යුතුවේ.
* නීතිමය කරුණු :- නාගරික සීමාව තුල සමහර වගා ක‍්‍රමවලට අවසර නොලැබේ.
* භෞතික කරුණු :- මාර්ග පහසුකම් හා ඒවායේ තත්වයන් සැලකිල්ලට ගතයුතුය
* ප‍්‍රාග්ධනය :- මුදල් ලබාගැනීම, අවදානම දැරීම ගැන සැලකිල්ල යොමුකිරීම වැදගත්ය.
* සමාජීය කරුණු :- අවට පරිසරයට වෙන බලපෑම මෙන්ම, ආගමික කරුණු සත්ව පාලනය කෙරෙහි කෙරෙන බලපෑමද සැලකිය යුතුය.
* දේශගුණික තත්වය :- සමහර බෝග සදහා අධික වැසි සහිත දේශගුණය අයහපත්වේ.

සමෝධානික ගොවිතැනේදී මසුන් ඇතිකිරීම ද යොදාගත හැකිය. ඒ තුළින් මාංශජනක ධාතු හිඟයට පිළියම් ලැබේ යයි අපේක්ෂා කෙරේ.කෙසේ වතත් සමෝධාන ගොවිතැනේදි බෝගවගාව, සත්වපාලනය මසුන් ඇතිකිරීම එකිනෙකට ගැලපෙන අන්දමේ රටාවක් විය යුතුය. සමෝධාන ගොවිතැන් ක‍්‍රම රාශියකි.

* වී වගාව, මසුන් ඇතිකිරීම හා එළවළු වගාව
* ඌරු පාලනය, කුකුලන් ඇතිකිරීම හා මසුන් ඇති කිරීම
* තාරාවුන් ඇතිකිරීම, ඌරන් ඇතිකිරීම, මසුන් ඇතිකිරීම හා වී වගාව

මෙම ක‍්‍රමයේදී ඌරන්ගේ හා කුකුළන්ගේ මළ, මත්ස්‍යයන්ගේ ආහාරයක් වේ. ඌරන් 15-20 අපද්‍රව්‍ය හෙක්ටාර 1 ක මසුන්ගේ ආහාරය සදහා සෑහේ. ඌරු ගොමවල 20% ක් ප්‍රෝටීන් ඇත. හොදින් වේ්ලන ලද අලූත් ඌරුගොම කුඩුකොට තරකරන ඌරන්ගේ කෑම ලෙස 15%-2% ක් යොදා ගත හැකිය.

සෙන්ටිගේ‍්‍රට් අංශක 70-90 දක්වා වියලන ලද කුකුල් පොහොර 30% දක්වා කිරිදෙනුන්ගේ ආහාරයට යෙදිය හැකිය. ගොවිපලේ කෙසෙල් බඩ ඌරන්ට ආහාර ලෙස දියහැකිය.වී වගාවේ අපතේ යන පිදුරු නයිට‍්‍රජන් පොහොර ලෙස වසුන් ලෙස යෙදිය හැකිය. කොම්පෝස්ට් පොහොර සාදාගත හැකිය. සරල කාර්මික දැනුමක් සහිතව සුලූ ප‍්‍රාග්ධනයක් යෙදවිය හැකිනම් මත්ස්‍ය/ඌරු/වී සත්ව බෝග යන රටාව තුළ නිවසට ජීව වායුව ලබාගත හැකිය.ප්‍රෝටීන අධික ඒක ෙසෙලීය ඇල් ගී ජලාශවල බෝකර සතුන්ගේ ආහාර පිණිස යොදා ගතහැකිය.

සත්ව අපද්‍රව්‍ය එම සතුන්ගේ ආහාර සොයාගත හැකි නිසා සමෝධානික ගොවිතැනේදී සත්ව සනීපාරක්ෂාවද රැකේ. ගවගාල සෝදායන අපද්‍රව්‍ය යෙදීම තුළින් ඇග් ගී වගාව ජලාශයන් තුළ කළ හැකිය.

ඇල් ගී පැලෑටි ඌරන්ගේ හා කුකුළන්ගේ ආහාර වේ. මසුන් සමග තාරවුන් ඇතිකළ හැකිය. තාරවුන්ගේ මළ කිලෝ 6 කින් මත්ස්‍යමාංශ කි.ගෑ. 1 ක් නිපදවේ.

තාරාවුන් 500 ක් අවුරුදු 1 කදී පෝර ටොන් 36 ක් නිපදවයි. ඉන් මත්ස්‍ය මාංශ කිලෝග්‍රෑම් 1800 ක් පමණ ලබාගත හැකිය.

තාරාවුන්ගේ ප්‍රෝටීන්වලින් අඩක් උන් ලබා ගන්නේ පොකුණට එන කුඩා ප‍්‍රාණින්, බත්කුරන්, කුරුමිනියන් වැනි සතුන්ගෙනි. තාරාවුන්ට ආහාර දෙන බක්කි පොකුණට ඉහළින් සවිකර ගැනීමෙන් අපතේ යන ආහාරද මසුන්ට ලැබේ.

පොකුණේ කණ්ඩිවල වැඩෙන ශාක ආහාරයට ගැනීමට එළුවන්ද ඇතිකල හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017