බෝග මාරුවේ වාසි සහ අවාසි
 

* එකම බෝගයක් නොකඩවා වගාකරන විට ඉවත්වන එකම වර්ගයේ පෝෂ්‍ය ද්‍රව්‍ය වෙනුවට, විවිධ බෝග වගා කිරීමෙන් ඉවත්වන පෝෂ්‍ය ද්‍රව්‍ය විවිධ වේ.
* මෙමගින් පස නිසරුවීම අවමවේ.
* රනිල බෝග මගින් පසට නයිට‍්‍රජන් ලබා දිය හැකිවේ.
* පළිබෝධ හානි අඩුවේ.
* පාංශු ව්‍යූහය දියුණු කරයි.
* කම්කරවැන්ට වරෂය පුරාම රැුකියාව ලබාදිය හැකිය.
* එක්බෝගයක අස්වැන්න පාලූවුවද අනෙක් බෝගවල අස්වැන්න නිසා අවදානම සහ අඩමානය අඩුකර ගත හැකිය.
* පසේ වාතනය දියුණු වේ.
* විවිධ කාලවලදී අස්වැන්න ලැබෙන නිසා අවුරුද්ද පුරා ආදායම ලැබේ.
* සමබල ආහාරයක් ගොවිපලින් ලබාගත හැකිය.
* පසේ විවි ස්ථරයන්හි පෝෂ්‍ය පදාර්ථ ප‍්‍රයෝජනයට ගැනේ.
* අලබෝග නිසා පස බුරුල්වීම බිම් සැකසීමේ වියදම අඩු කරයි.
* බතල වැනි බෝග වගා කිරීමෙන් වල්පැල වැඞීම කලකට නතර කරගත හැකිය.

ශෂ්‍යමාරුවක අවාසි
* නිවර්තන කලාපීය රටවල නිෂ්පාදන වියදම වැඩිවන බව සොයාගෙන ඇත.
* කාබනික ද්‍රව්‍ය පස තුලින් අනවශ්‍ය ලෙෂ විනාශ වීමට ඉඩ ඇත.
* පසේ ඇති අක‍්‍රිය වල්පැල පෙලෝ මතුපිටට පැමිණි නිසා වල් මර්ධනය ගැටලූ
විය හැක.
* නිවර්ථන කලාපීය රටවල පසේ සාරත්වය වැඩිදියුණු වීම හෝ පැවති
* තත්වයන් ආරක්ෂා කර ගැනීම දුෂ්කර නිසා වසර 30 කට වරක්වත් තෘණ
වගාවක් ලෙස ඉඩම නිදහස් කිරිමට සිදුවන බවත් සොයාගෙන ඇත.
* බෝග තෝරා ගැනීම සඳහා විශේෂ නිපුණතාවක් අවශ්‍ය වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017