බෝග මාරුව (ශෂ්‍යමාරුව)
 


එකම බෝගය නොකඩවා වැවිමෙන් පෝෂ්‍ය පදාර්ථ ඌනවේ. පලිබෝධ හානිද වැඩිවන නිසා විවිධ කරුණු සලකා බැලිමෙන් පසු තෝරාගන්නා බෝග කීපයක් (ධාන්‍යබෝග, අලබෝග, රනිල බෝග, වෙළඳ බෝග) ක‍්‍රමානුකූලව එකම ඉඩමේ මාරුවෙන් මාරුවට වගාකිරීම බෝගමාරුව හෙවත් ශෂ්‍ය මාරුව ලෙස හඳුන්වනු ලැබේ.

බෝග මාරුවකට බෝග තෝරාගන්නේ හේතු කීපයක් පදනම් කර ගැනීමෙනි.
(1) ධාන්‍යබෝග :- මතුපිට පසෙන් වැඩිපුර නයිට‍්‍රජන් හා පොටෑසියම් අවශෝෂණය කරගනී. (2) රනිල බෝග :- පසට නයිට‍්‍රජන් ලබා දෙයි.
(3) අලබෝග :- අස්වැන්න නෙලන විට පසුබුරුල්වන අතර පොටෑසියම් අධිකව අවශෝෂනය කරයි
(4) එළවලූ හෝ වෙළඳ බෝග :- පසේ ගැඹුරු ස්තරවලින් පෝෂක උරාගනී මෙම ශාකවල පත‍්‍ර මියගොස් පස මතුපිට සාරවත් කරයි. මෙම බෝග වලට පොටෑසියම් අවශ්‍යවන ප‍්‍රමාණය සුළු වේ.

ශෂ්‍ය මාරුවක් කිරීමේදී
* වෙළඳ පොළ තත්වය පිළිබඳ අවබෝධය අවශ්‍යය
* ලබාගත හැකි කම්කරුවන් ප‍්‍රමාණය හා
* ප‍්‍රදේශයට ඉතා සුදුසු බෝග ගැන අවබෝධයෙන් කටයුතු කල යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017