ශාක හා සත්වයන්ගේ ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍යවෙයි. එම ශක්තිය හසුරුවනු ලබනුයේ ශ්වසනය ආධාරයෙනි.
වායුගෝලීය ඔක්සිජන් වායුව පත්‍රසෛල තුළ කාබෝහයිග්‍රේඩ් සමග සංයෝජනය වීමෙන් ඔක්සිකරණය වී ශක්තිය පිටවීමේ ක්‍රියාවලිය ශ්වසනය නම් වේ.
රසායන සමීකරණයක් ලෙස දැක්වුවහොත් එය ප්‍රභාසංස්ලේෂණය දක්වන සමීකරණයේ විරුද්ධ දිසාවට සිදුවන ක්‍රියාවලියක් සේ පෙනේ.
සමහර බැක්ටීරියාවන්ට ඔක්සිජන් නොමැතිව ජීවත්විය හැකිය. නිර්වායු ශ්වසනය එහිදී සිදුවේ.
නිර්වායු ශ්වසනයේදී සිදුවන පැසීම නම් වූ ක්‍රියාවලිය විනාකිරි, මධ්‍යසාර නිපදවීමට මෙන්ම පොල්ලෙලි පදම් කිරීමට යොදාගනී.
ශ්වසනය සාධක කීපයක් මගින් පාලනය වේ. උෂ්ණත්වය වැඩිවීම ශ්වසන වේගය වැඩි කරයි. ආලෝකය උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරයි. තුවාල වූ පටක ශ්වසනය වැඩිකරයි. එන්සයිම ක්‍රියාකාරිත්වය ශ්වසනයට ආධාර කරයි. ශ්වසනය කෙරෙහි ජලද්‍රාවනය ආහාර ප්‍රමාණය, ප්‍රාක්ප්ලාස්ම ප්‍රමාණය හා තත්වයද බලපානු ලබයි. ශ්වසනය නිසා ශාකවල වියළි බර අඩු වූවත් ශාකවල සිදුවන පරිවෘත්තික ක්‍රියා සඳහා අවශ්‍ය රසායනික ශක්තිය ලබාදෙනුයේ ශ්වසනය මගිනි.
ශ්වසනයේදී කාබන්ඩයොක්සයිඩ් (CO2)පිටවන බව පෙන්වීමට රෝපණය කරන ලද මුංඇට බීජ සිදුරු නොවූ පිරිසිදු පොලිතින් කවර 02, හුණුදියර ස්වල්පයක් යොදාගත හැකිය.
පොලිතින් උර 02 පුම්බා එක උරයකට මුංඇට මේස හැඳි 02ක් පමණ දමන්න. අනික් උරය හිස්ව තබන්න. පොලිතින් උර 02 ට ම සුළඟ නොවදින සේ ගැටගසන්න. පැය 04කින් පමණ විවෘත කර ඒ තුළට හුණුදියර සම ප්‍රමාණයක් යොදන්න. ශ්වසනයේ දී පිටවන CO2 නිසා බීජ සහිතව තිබූ උරයේ හුණුදියර වැඩිපුර කිරිපාටක් පෙන්වයි. ඉන් පැහැදිලි වනුයේ ශ්වසනයේ දී CO2 පිටවන බවය.