ශාකවල ප‍්‍රභාසංස්ලේෂණය මගින් නිපදවෙන ආහාර ශාාකයේ විවිධ කොටස්වලට සන්නායනය කිරීම ප්ලෝයම මගින් සිදුවේ. මේ සඳහා ප්ලෝයම පටකය සෛල වර්ග 4 කින් නිර්මාණය වී ඇත.
* පෙනේරනල
* සහචර සෛල
* ප්ලොයමීය තන්තු
* ප්ලෝයමිය මාදුස්තර
පෙනේරවල : න්‍යෂ්ටි රහිතව පිහිටා ඇත. මේවා කෙළවර වලින් එකිනෙක සමග තදින් සම්බන්ධ කර ඇති දික්වූ ෙසෙලයි. කුඩා සිදුරු සහිත හරස් බිත්ති මේවායේ පිහිටා ඇත. එය පෙනේරයකට සමාන වේ.
සහචර සෛලය : න්‍යෂ්ටි සහිතය. මේවායේ සෛල ප්ලාස්මය, පෙනේරතලයේ සෛල ප්ලාස්මය හා සම්බන්ධ වී ඇත. ප්ලොයමීය සෛල පාලනය කරයි.
ප්ලෝයමීය තන්තු : දෘඪස්තර සෛල වලින් නිර්මාණය වී ඇත.
ප්ලෝයමීය මාදුස්තර : මාදුස්තර සෛල වලින් යුක්තය.
ශාකයක නිපදවන ආහාර ඉහත කොටස් 4 හි සාමුහික කි‍්‍රයාකාරීත්වයෙන් ආහාර අවශ්‍ය වන වෙනත් ස්ථාන කරා සන්නායනය කිරීමේ කාර්යාවලිය පරිසංක‍්‍රමණය ලෙස නම් කෙරේ.
ප්ලෝයම ආධාරයෙන් ආහාර සංචිත කරන ස්ථාන කරාද, ආහාර රැස්කරන සථානවල සිට ආහාර අවශ්‍ය කරන ප‍්‍රදේශවලට ද පරිසංක‍්‍රමණය සිදුකල හැකිය. ශාකයක පොතු ගසා බැලූවහොත් ටික දිනකට පසු අග‍්‍රසථයේ සිට පහලට ආහාර ගමන් කිරීම නිසා පොතු ගසන ලද කොටසේ ඉහළ සීමාව මහත්වි ආහාර රැස්ව තිබෙන බව පෙනේ.