රසෝද්ගමනය
 

ඛනිජ ලවණ සහිතව පස තුලදී අවශෝෂණය කරගන්නා ජලය, මූල මණ්ඩලයේ වූ මූලකේශවල සිට කඳතුලින් අතු සහ පත‍්‍ර දක්වා ඉහළට ඇදයාමේ ක‍්‍රියාවලිය රසෝද්ගමනය ලෙස හඳුන්වනු ලබයි.

මිටි ශාකවලදී රසෝද්ගමනය පහසුවෙන්වෙතත් උසින් වැඩි විශාල ශාක සඳහා ගුරුත්ව බලයට විරුද්ධව විශාල පීඩනයක් යෙදිය යුතුවේ. මේ සඳහා

* මූල පිඩනය
* සක‍්‍රිය අවශෝෂණය
* නිපානය
* නිෂ්ක‍්‍රිය අවශෝෂණය
* සංසක්නිය
* කේශාකර්ශණය
* උත්ස්වේදන චූෂණය
* ජිව බලය යනාදී කරුණු රාශියක බලපෑම අතීතියේදී ඉදිරිපත් වුවද නූතන මතයන්ට අනුව වැඩි දායකත්වයක් දක්වනුයේ උත්ස්වේදනය හා උත්ස්වේදන චුෂණ ක‍්‍රියාවලියයි.

එනම් බාහිර වායුගෝලයට ආසන්නව ඇති පත‍්‍රවලින් උත්ස්වේදනය නිසා ජලය පිටවී යයි. එම සෛලවල සෛල යුෂයේ සාන්ද්‍රනය මේනිසා අධික වේ. එවිට ආසන්න සෛලයෙන් ජලයේ ඇතුළු වේ. මෙලෙස එකිනෙක සෛල අතර ජලය ඇදගැනීමේ ක‍්‍රියාවලියක් සිදුවේ.

මේ අනුව පත‍්‍රවල වාහිනිවලත් වාහකාහ වලත් ජලය ඇද ගැනීමේ බලයත් ක‍්‍රියාකාරිවේ. ජල අනුවල සංසක්ති බලයද උපකාරිවීමෙන් මෙම බලය, ශෛලම ඔස්සේ කඳේ සහ මුල්වල ඇති සන්නායක සෛලවලටද ව්‍යාප්තවේ. මේ නිසා ශාකවල උස මීටර් 150 ක් පමණ ඉහලට වුවද ජලය ඔසවා යැවිය හැකි බව සොයා ගෙන ඇත.


(c) Shilpa Sayura Foundation 2006-2017