ශාක සෛලයක 80% ක් පමණ සමන්විත ජලයෙනි. සෛලවල ශුනතාව රැක ගැනිමට එන්සයිම, හා හෝමෝන කි‍්‍රයාකාරීත්වයට, ප‍්‍රභාසංස්ලේෂණයට, ශ්වසනයට හා ආහාර පරිසංක‍්‍රමණයට ජලය ඉතා වැදගත් වේ.
ශාකවලට අවශ්‍ය ජලය ලබාගනුයේ මුල්වල අවශෝෂණ ප‍්‍රදේශයේ පිහිටා ඇති මූලකේශ නැමති ඒක සෛලීය ව්‍යුහයන්ගෙනි.
මෙම මූලකේශ සෛලයෙහි රික්තය තුළ ඇති සෛල යුෂය, පාංශූ ද්‍රාවණයට වඩා වැඩි සාන්ද්‍රනයකින් යුක්ත ය.
ලවණ දියවී තිබුණත් පාංශු ද්‍රාවණය තනවුක ද්‍රාවණයක් ලෙස සාපේක්ෂව සලකයි.
පසේ පවතින ජලය, සෛලයේ රික්තය තුළ ඇති සෛල යුෂයෙන් වෙන්වි ඇත්තේ සෛල ප්ලාස්ම පටලයෙනි. එය අර්ධපාරගම්‍ය පටලයක් ලෙස කි‍්‍රයා කරයි.
අර්ධ පාරගම්‍ය පටලයකින් වෙන්වූ වෙනස් සාන්ද්‍රණය සහිත ද්‍රාවණ 2 කින්, වැඩි සාන්ද්‍රණය ඇති ද්‍රාවණය දෙසට, අඩු සාන්ද්‍රණයේ ද්‍රාවකය ගමන් කිරිම ආස‍්‍රැතිය ලෙස හැඳින්වේ.
මේ නිසා ආස‍්‍රැති කි‍්‍රයාවලිය ශාකය හා පාංශු ද්‍රාවණය අකර සිදුවේ. සෛල රික්තයේ සෛල යුෂය වැඩි සාන්ද්‍රණයකින් යුතුව ප‍්‍රබලවන නිසා එහි ආස‍්‍රැකි පීඩනය වැඩිවේ.
එම ආස‍්‍රැති පීඩනය වැඩි සෛලයට පිටතින් ජලය ඇතුල්විම නිසා සෛල යුෂයේ ප‍්‍රබලතාව අඩුවේ. එමනිසා ආස‍්‍රැති පීඩනය අඩුවන්නට පටන් ගැනේ. නමුත් ඇතුල්වන ජලය මගින් සෛලය තුළ පීඩනයක් ඇති කරයි. එය ශූන්‍යතා පීඩනය ලෙස හැඳින්වේ.
මෙම ශූනතා පීඩනය ඇති වූ විට සෛලයේ බිත්තිය මගින් විරුද්ධ දෙසට කේන්ද්‍රභිසාරිව පීඩනයක් ඇති කරයි. එය බිතු පීඩනය නම් වේ.
බිතු පීඩනයත් ශූන්‍යතා පීඩනයත් අගයෙන් සමාන ලෙස සැලකේ.
* සෛල යුෂයේ ආස‍්‍රැති පීඩනය - K (කේ) ලෙසද
* පාංශු ද්‍රාවණයේ ආස‍්‍රැති පීඩනය S (එස්) ලෙසද
* සෛලයේ ඇතිවන ශූනතා පීඩනය R (ආර්) ලෙසද
සෛලයේ බිතු පීඩනය T (ටී) ලෙසද සලකමු.
අගයෙන් R = T වේ.
සෛලයේ ජලය උරාගන්නා පීඩනය වූෂණ පීඩනය
වූෂණ පිඩනය = U
දෙස සලකා බැලූවිට
U වූෂණ පීඩනය : සෛල යුෂයේ ආස‍්‍රැති පීඩනයෙන්, පාංශු ද්‍රාවණයේ ආස‍්‍රැති පීඩනය හා (ශූනතා පීඩනය / බිතු පීඩනය) අඩුවීමෙන් ලැබෙන පීඩනය වේ.
වූෂණ පීඩනය අධික සෛලය වූෂණ අඩුවූ යාබද සෛලයෙන් ජලය උරාගනි. මූළක අභ්‍යන්තර දෙසට වූෂණ පීඩනය අධිකව සෛල පිහිටන බව සොයාගෙන ඇත.
මේ ආකාරයෙන් අධික චූෂණ පීඩනය නිසා සෛලයෙන් සෛලයට මූලකේශයේ සිට බාහිකය දක්වා ජලය ගමන්කර, ශෛලම වාහිනී දක්වාම ජලය ගෙනයයි.
සෛල වාහීනී තුළදි ජලය මගින් ඉහළය ඇතිකරන පීඩනය හෙවත් මූලපීඩනය ශාකයේ ඉහළට ජලය තල්ලූ කරමින් ජල අවශෝෂණය කි‍්‍රයාවලියට ආධාර පතයි.