ගණිත ප්‍රශ්න දහස 161-170
 
161.සුළු කරන්න.(1/2 - 1/3) ÷ 5/6
162.3y=2x+3 සරල රේඛාවට සමාන්තර වූද (0,2) ලක්ෂය හරහා යන්නා වූද සරල රේඛාවේ සමීකරනය ලියන්න.
163.සාධක පිළිබඳ දැනුම භාවිත කොට 100.2 X 99.8 හි අගය සොයන්න.
164.ε={1,2,3,4,5,6,7,8} A={3,4,5,6} B={1,3,5,7} නම් A'∩B සොයන්න.
165.ABCD රොම්බසයේ පාදයක දිග 15cm වේ.BDවිකර්ණයේ දිග 24cm නම් ACවිකර්ණයේ දිග සොයන්න.
166.පරිවෘත්තයේ කේන්ද්‍රය ත්‍රිකෝණය තුළ පිහිටන්නේ කවර වර්ගයේ ත්‍රිකෝණ වලද?
167.පරිවෘත්තයේ කේන්ද්‍රය ත්‍රිකෝණයේ පාදයක මධ්‍ය ලක්ෂයක් මත පිහිටන්නේ කවර වර්ගයේ ත්‍රිකෝණ වලද?
168.මහාකෝණී ත්‍රිකෝණයක පරිවෘත්තයේ කේන්ද්‍රය ගැන ඔබට කුමක් කිව හැකිද?
169.y=x√a+1 මෙහි y=9,x=3 නම් a සොයන්න.
170.ඉඩමකින් 3/4 ක් අයිති තැනැත්තෙක් එයින් 5/6ක් විකුණූ පසු ඔහුට හෙක්ටයාර 3 ක් ඉතිරි වී නම් මුළු ඉඩම හෙක්ටයාර කීයද?
(c) Shilpa Sayura Foundation 2006-2017