ගණිත ප්‍රශ්න දහස 151-160
 
151.රති‍ කරලක් දැල්වූ විට එය පිපිරීමේ සම්භාවිතාව 0.6 ක් නම් රති කරල් 36 ක් ඇති පැකට්ටුවක සියලුම කරල් දැල්වූ විට කීයක් පිපිරේදැයි අපේක්ෂා කළ හැකිද?
152.(a-b)2 = 25 ab = 14 ද නම් a2+b2 හි අගය සොයන්න.
153.සමපාද ත්‍රිකෝණයක පාදයක දිග a cm වේ.එම ත්‍රිකෝණයේ වර්ගඵලය සඳහා a ඇසුරින් ප්‍රකාශයක් ලබා ගන්න.
154.a + 3b = 1 ද 2a - 6b = 14 ද නම් (a-b) හි අගය සොයන්න.
155.මිනිසුන් 6 දෙනෙකු දින 4 ක් වැඩකර එක්තරා වැඩකින් 1/3 ක් අවසන් කරයි.ඉතිරි වැඩ කොටස මිනිසුන් 12 දෙනෙකුට අවසන් කිරීමට දින කීයක් ගතවේද?
156.අමු තේ කොළ වියලූ විට 40% කින් බර අඩු වෙයි නම් වියලි තේ කොළ 1kg ක් ලබා ගැනීමට අමු තේ කොළ කිලෝග්රෑම් කීයක් වියලා ගත යුතුද?
157.A≡(0,-2), B≡(5,5) ලක්ෂ්‍ය අතුරින් 3x + 5y = 10 රේඛාව මත පිහිටන්නේ කවර ලක්ෂයද?
158.20,24,,36 යන සංඛ්‍යාවලින් හරියටම බෙදෙන කුඩාතම සංඛ්‍යාව කුමක්ද?
159.විසඳන්න.(x/4)- (2-x / 2)= 5
160.AC//CDවේ.දී ඇති දත්ත අනුව AOC^ හි අගය සොයන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017