මට්ටම් ගැනීම - Leveling
 තලමිතික මැනුමේ දී (Plane surveying) සෑම විට ම පොළොව තිරස් තලයක් ලෙස සැලකේ. එහෙත් සත්‍ය ලෙස ම භූමිය තිරස් තලයක් නොවේ. නොයෙකුත් භූ ලක්ෂණයන් පොළොව මත පිහිටයි.

තිරස් තලයකට සාපේක්ෂ ව මෙම එක් එක් ලක්ෂණවල පිහිටීම සෙවීමේ දී එම ලක්ෂණවල සාපේක්ෂ මට්ටම් වෙනස දැක්වීමට හැකි නම් එය වඩා වැදගත් වේ. එනම් "X" සහ "Y" තිරස් තලයක් මත තලමිතික මැනුම් සිදු කරයි නම් ඊට ලම්බක වූ Z නම් අක්ෂරයක් ඔස්සේ කරන මැනුම් මටිටම් ගැනීම ලෙස හැඳින්විය හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017