මෙම දශකය තුළම බර්ටෝල්ඩ් බිරෙෂ්ටිගේ නාට්‍ය දෙකක් සිංහලට පරිවර්තනය කරමින් හෙන්රි ජයසේන "හුණුවටයේ කතාව" වශයෙන්ද, සුගතපාල ද සිල්වා "හිත හොඳ අම්මණ්ඩි" නමින්ද නාට්‍ය දෙකක් නිෂ්පාදනය කළේය. මේ යුගයේ බිරෙෂ්ටි සම්ප්‍රදාය සිංහල නාට්‍ය කලාවට මහත් බලපෑමක් ඇති කළේ රංග ශෛලිය අතින් පමණක් නොවේ අන්තර්ගතය අතින්ද වේ. තදාත්ම විඝටන රීතිය නමින් හැඳින්වෙන බ්‍රේෂ්ට් රංග රීතිය සිංහල වේදිකාවට හඳුන්වා දෙන ලදී.
එකල සාංදෘෂ්ටිකවාදී දර්ශනය පදනම් කරගත් විදේශීය නාට්‍යකරුවෙකු වූ පින් පෝල් සාත්‍රේගේ නාට්‍යයද ලංකාවේ පරිවර්තනය කර නිෂ්පාදනය වන්නට විය. ගුණසේන ගලප්පත්තිගේ "ලියතඹරා" නාමල් වීරමුනිගේ "සකල බුජං පැනලා ගිහින්" යන නාට්‍ය පිල් පෝල් සාත්‍රේගේ පරිවර්තන නාට්‍ය දෙකකි. සාංදෘෂ්ටික වාදයේම වර්ධනීය අවස්ථාවක් ලෙසින් විකාර රූපි නාට්‍ය ක්‍රමය අපේ රටට හඳුන්වා දෙන ලදී. සැමුවෙල් බෙකට් නමැති විදේශ නාට්‍යකරුවාගේ නාට්‍යයක් "ගොඩෝ එනකං" යනුවෙන් ජේ. සෙල්වදොරේ මහතා සිංහලෙන් නිෂ්පාදනය කරන ලදී.
හැටේ දශකය සිංහල නාට්‍ය කලාවේ සන්ධිස්ථානයක් වූයේය. සියලු අංශයන්ගෙන්ම මුහුකුරා ගිය නාට්‍ය රැසක් මෙකල වේදිකාගත වූ අතර බටහිර නාට්‍ය කලාවෙන් බහුල ලෙස ආභාසය ලැබූ බව සනාථ වේ. ශෛලිගත හෙවත් නාට්‍ය ධර්මි කෘතීන්හි ඉහළටම මුහුකුරා යාම මෙකල සරත්චන්ද්‍ර නාට්‍ය තුළින් සිදුවී තිබේ. එමෙන්ම දේශපාලන තේමාවන්හි විකසිත වීමද සිදු වූයේ හැටේ දශකයේදීය. තවද විවිධ ආකෘතික අත්හදා බැලීම් අතින්ද හැටේ දශකය වැදගත් වේ.
එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී සිංහල නාට්‍යය දියුණුව තවත් වැඩි විය. සයිමන් නවගත්තේගම විසින් "සුභ සහ යස" නාට්‍ය නිර්මාණය කළේ මෙම අවධියේදීය. සාම්ප්‍රදායික කතාවකට නව අර්ථකථනයක් දෙමින් රජ කෙනෙකු ඉතා ප්‍රබල ලෙස විවේචනයට ලක් කරන සුභ සහ යස නාට්‍යයත්, පණ්ඩුකාභය නාට්‍යයත් සයිමන් නවගත්තේගමගේ නිර්මාණයන්ය. මෙම කාල වකවානුවේදී නාට්‍ය සඳහා රාජඅනුග්‍රහය ලැබීමද ක්‍රමයෙන් වැඩි වනනට විය. වාර්ෂිකව පැවැත්වෙන තරඟාවලි මගින් විශිෂ්ටතම නිෂ්පාදනය, රචනා රංගය ආදී අදාළ අංශවලින් කුසලතා ඇති නාට්‍යකරුවන් තෝරාගෙන ත්‍යාග හා සම්මාන පිදීම සිදු කළේය.
නාට්‍ය මාධ්‍ය ජනප්‍රිය වීම හා රසික ප්‍රතිචාර ක්‍රමයෙන් වැඩි දියුණු ස්වරූපයෙන් අසූව දශකය වන විට දක්නට ලැබුණි. නාට්‍ය නිෂ්පාදකයන්ගේ සංඛ්‍යාව වැඩිවිය. රාජ්‍ය නාට්‍ය උළෙලට අමතරව ජාතික තරුණ සේවා සභාව මගින් සම්මාන උළෙලක් පැවැත්වීම ආදිය ඊට හේතු වශයෙන් බලපෑවේය. නව තාක්ෂණික දියුණුවත් සමඟම එම අංගෝපාංග ද වේදිකාවට උපයෝගි කරගෙන නව අර්ථකථන, ස්වතන්ත්‍ර, අනුවර්තන ආදී විවිධ ස්වරූපයේ භාවිතයන් දක්නට ලැබුණි.

විශේෂ මතක සටහන් තැබූ නාට්‍ය, වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබූ නාට්‍ය මේ කාලයේදී වරින්වර නිෂ්පාදනය විය. ලූෂන් බුලත්සිංහල විසින් රචනා කරන ලද "තාරාවෝ ඉඟිලෙති" නාට්‍ය එවැනි නිෂ්පාදනයකි. මෙහි සංගීතය නාට්‍යය ජනප්‍රිය වීමට විශේෂ හේතුවක් දැක්විය හැකිය. අදටත් අප අතර ජනප්‍රිය ගීතයක් වන "සෝභාව දේ මෙපුර සිරිවිසිතුරු" තාරාවෝ ඉගිලෙති නාට්‍යයෙනි.
ස්වභාවික නාට්‍ය කලාවේ ස්වතන්ත්‍ර නිර්මාණ අතරින් වැදගත්ම තැනක් ඉසිලුවේ ආර්.ආර්. සමරකෝන්ගේ "කැළණි පාලම" නාට්‍යයයි. 1978 දී නිෂ්පාදනය කළ කැළණි පාලම ඉතා සාර්ථක නිෂ්පාදනයකි. ජයලත් මනෝරත්න විසින් නිෂ්පාදනය කරන ලද නාට්‍යයන් බොහෝමයක් රට වටා සාර්ථක ලෙස රංග ගත කරන ලදී. එයට හේතුව ඔහුගේ නාට්‍ය තුළ ගැඹුරක් මෙන්ම සරල බවක්ද මතුකරමින් සංගීතය වැනි අංග වැඩිපුර යොදා ගෙන තිබීමය. "පුත්‍ර සමාගම" "තලමල පිපිලා" "අන්දරේලා" "ගුරුතරුව" "සඳගිර" "කනේරුමල" ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය නිර්මාණයන්ය. දයානන්ද ගුණවර්ධම මහතා වාර්තා කථන ශෛලිය මෙරටට හඳුන්වා දුන්නේ "ගජමන් පුවත" නාට්‍යයෙන්ය. පසුව එතුමා විසින් නිෂ්පාදනය කරන ලද "මධුර ජවනිකා" "ආනන්ද ජවනිකා" නාට්‍ය තුළින් වාර්තා රංගයෙහි ප්‍රවණතාවයන් දක්නට ලැබුණි. මෙම වාර්තා රංග ක්‍රම ආභාසයට ගෙන ජයලත් මනෝරත්න ඔහුගේ නිර්මාණ චාරිකාව පෝෂණය කරගෙන තිබේ.
මීට අමතරව 90 දශකයේ රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල හරහා සාර්ථක කෙටි නාට්‍ය කලාවක් බිහි විය. තවද 1996 වර්ෂයෙ දී නැවත පිහිට වූ අනුමණ්ඩල මගින් රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ද ක්‍රියාකාරි විය. ඒ තුළින් මෙතෙක් අප රටට හඳුනාගෙන නොතිබූ ළමා නාට්‍ය සංකල්පය සෑහෙන දුරකට ප්‍රචලිත විය. ඒ සමගම ළමා නාට්‍ය නිර්මාණකරුවන් කිහිප පළක්ම මෙම නාට්‍ය උළෙල තුළින් බිහිවිය.