සොකරි, කෝලම්, නාඩගම් වැනි නාට්‍ය සම්ප්‍රදායන් පසුකොට අලුත් නූර්ති නාට්‍ය කලාව අප රටේ ව්‍යාප්ත විය. එහෙත් නූර්ති ශිල්පීන්ට ඔවුන්ගේ එම නාට්‍ය සම්ප්‍රදාය එතරම් කාලයක් යථා තත්ත්වයෙන් රැක ගන්නට නොහැකි විය. ඉන්පසු බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න මහතා හරහා ගොඩනැඟුණු "ජයමාන්න නාට්‍ය" නමැති සරල නාට්‍ය ආකෘතිය විදග්ධ ප්‍රේක්ෂකයාගෙන් ඈත් විය. මේ වකවානුව තුළ ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව මංමුළා වූ ස්වරූපයක් දක්නට ලැබේ. නූර්ති මෙරටට සංක්‍රමණය වීම තුළින් දේශීය රඟමඬල පෝෂණය කරමින් සිටි කෝලම්, සොකරි, නාඩගම් වැනි සම්ප්‍රදායන් මිනිසුන් අතරින් ක්‍රමයෙන් ඈත් වන්නට විය. ජයමාන්න නාට්‍ය තුළ බටහිර සංවාද නාට්‍යයන්හි ආකෘතිය ගුණාත්මක අගයකින් තොරව උකහා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තව තවත් දේශීය නාට්‍ය කලාව බංකොලොත් භාවයට පත්විය.
මෙවැනි අරාජික කාල වකවානුවකදී දේශීය නාට්‍ය කලාවට පහන් වැටක් සේ ආලෝකය සපයන්නට වූයේ 1921 දී පමණ කොළඹ විශ්ව විද්‍යාල කොලීජිය ආරම්භ වීමත් සමගය. මේ කාලය තුළදී කොළඹ අවට ඉහළ මධ්‍යම පාන්තිකයන්ගේ විනෝද මාධ්‍යයක් ලෙස ඉංග්‍රීසි නාට්‍ය නිෂ්පාදනය වන්නට විය. බොහෝ විට ඔවුන් විසින් කරන ලද්දේ ෂේක්ස්පියරි නාට්‍ය ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන්ය. මෙම උණුසුම මත කොළඹ විශ්ව විද්‍යාලය තුළ ඉංග්‍රීසි අංශයේ ආචාර්යවරයෙකු වූ ඊ.සී. ලුඩොවයික් මහතාගේ උපදේශකත්වයෙන් මෙම ඉංග්‍රීසි නාට්‍ය සංගමය මගින් 1933 සිට විශ්ව විද්‍යාලය තුළ ඉංග්‍රීසි නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කරන ලදී.
1. 1933 දී ස්පාඤ්ඤ ජාතික ක්වීන්ටරෝ සහෝදරයින්ගේ "Where Women Rule" නමැති ඉංග්‍රීසි නාට්‍යය.
2. 1934 දී ෂෙරිඩන්ගේ "The Rivals" නාට්‍යය.
3. 1935 දී වොලියර්ගේ "Imaginary Invalid" නාට්‍යය.
4. 1936 දී ක්වීන්ට රෝස් සහෝදරයින්ගේ "The Ladias From Alfaqueque" නාට්‍යය.
5. 1937 දී කාලෝ ගෝල් ඩොනිගේ "The Servent of Low masters" නාට්‍යය.
6. 1938 දී ජෝර්ජ් බර්නාඩ් ෂෝගේ "Arms snd the man" නාට්‍යය.
7 1939 දී "Lady precious stream" නාට්‍යය.
8. 19540 දී ෂේක්ස්පියර්ගේ "The Marry wives windsor" නාට්‍යය.
9. 1941 දී ක්වින්ටරෝ සොහොයුරන්ගේ "Peace and quiet" නාට්‍යය.
1942 දී කොළඹ විශ්ව විද්‍යාල කොලිජිය ස්වාධීන විඡ්ව විද්‍යාලයක් බවට පත් වීමෙන් පසුව බිහි වූ "ලංකා විශ්ව විද්‍යාල නාට්‍ය සංගමය" මගින්,
1. 1942 දී යුජින් ඩිහිල්ගේ "Marco Millions" නාට්‍යය.
2. 1943 දී ජෝර්ජ් බර්නාඩ් ෂෝගේ "The simpleton of the unexpected isles" නාට්‍ය නිෂ්පාදනය විය.
2. 1943 දී ජෝර්ජ් බර්නාඩ් ෂෝගේ "The simpleton of the unexpected isles" නාට්‍ය නිෂ්පාදනය විය.
1933-1943 දක්වා කාලය තුළ මහාචාර්ය ලුඩොවයික් විසින් විශ්විද්‍යාලයීය නාට්‍ය සංගමය වෙනුවෙන් සම්භාව්‍ය ඉංග්‍රීසි නාට්‍ය දහයක් පමණ නිපදවීමෙන් මෙරට නාට්‍ය කලාවකට සුදුසු පසුබිමක් ඇති කළේය. මහාචාර්ය ලුඩොවයික්ගේ ඉංග්‍රීසි නාට්‍ය තුළින් විශ්ව විද්‍යාලය තුළ සම්භාව්‍ය නාට්‍ය කෘති හඳුනාගත් උගත් ප්‍රේක්ෂක පිරිසක් හා නළනිළි පිරිසක්ද බිහිවෙමින් සම්භාව්‍ය නාට්‍ය කෘති නිපදවීමට මනා පසුබිමක් ඇති කෙරුණි.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1943 විශ්ව විද්‍යාලයීය සිංහල සමිතිය මගින් වොලියර්ගේ නාට්‍යයක් අනුවර්තනය කර "මුදලාලිගේ පෙරළිය" නමැති නාට්‍යය සිංහල මාධ්‍යයෙන් ජෝර්ජ් රාජ ශාලාවේ ප්‍රදර්ශනය කරමින් විශ්ව විද්‍යාලය තුළ සිංහල නාට්‍ය වංශයක ආරම්භය සනිටුහන් කළේය. පසුව විශ්ව විද්‍යාලයේ දෙමළ සමිතිය විසින් 1944 දී "තාත්තා කොළඹ එයි" නමැති දෙමළ නාට්‍යයක් නිෂ්පාදනය කරන ලදී. ඉන්පසු පහත සඳහන් නාට්‍ය නිෂ්පාදනය විය.
01. මහාචාර්ය ලුඩොවයික් විසින් 1945 දී පිරෙන්ඩෙලෝගේ "Right you are" නාට්‍යය.
02. ආචාර්ය සී.බඩිලිව්. අමරසිංහ විසින් 1946 දී හෙන්රික් ඉබ්සන්ගේ "The pillars of the socity" නාට්‍යය.
03. ආචාර්ය අමරසිංහ විසින් 1947 දී පිසාරෝගේ "The second mrs, tanqueray" නාට්‍යය.
04. 1948 දී ප්ලොටස්ගේ "The twins" නාට්‍යය.
05. 1949 දී බර්ඩිගේ "Tobias and the angel" නාට්‍යය.
06. 1949 ජේ.ජේ. බර්නාඩ්ගේ "The sulk fire" නාට්‍යය.
07. 1949 දී බර්ටෝල්ට් බ්‍රෙෂටිගේ "The good women of setsuan" නාට්‍යය.
08. 1950 දී ෂියෝන් අනියුගේ ඇන්ටිගන් නාට්‍යය.
09. 1950 දී මුර්ව කටි නම් සංස්කෘත නාට්‍යයේ ඉංග්‍රීසි පරිවර්තනය "Little clay cart" නාට්‍යය.

1951 දී රොබට් පී. නිව්ටන් නම් වෘත්තීය නාට්‍ය නිෂ්පාදකවටයෙක් විශ්වවිද්‍යාල නාට්‍ය සංගමයේ උපකාරයට පැමිණියේය. ඉන්පසුව,
10. 1952 දී ෂේක්ස්පියර්ගේ "The twelyth night" නමැති නාට්‍ය ඊ.සී.බී. විජේසිංහ, වින්සන්ට් සේරසිංහ, ජින් පින්තු හා පර්සි කොලින් තෝමේ යන අය විසින් නිෂ්පාදනය කරන ලදී.
11. 1952 දී හියුමාන් ජුබාල්, පෙරන්ස් මොල්නර්ගේ "ලිලියොමි" නමැති නාට්‍යය නිෂ්පාදනය කළේය.
12. 1954 දී ජුබාල් විසින් බර්නාඩ් ෂෝ ගේ "මේජර් බාර්බරා" නිපදවන ලදී.
13. 1956 දී ලුඩොවයික් මහතා විසින් බර්නාඩ් ෂෝ ගේ "Androcies and the lion" නාට්‍ය නිෂ්පාදනය කරන ලදී.
14. 1956 වන විට ලුඩොවයික් මහතා හා ඔහුගේ බිරිඳ ලංකාව හැර එංගලන්තයට පදිංචියට යාම තුළින් දේශිය නාට්‍ය කලාවේ ගමන් මග වෙනස් අතකට යොමුවිය. එහි පුරෝගාමියා වූයේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතාය. මොහු යටතේ "සිංහල නාට්‍ය මණ්ඩලය" නම් සංවිධානයක් බිහිවිය.
මෙම සිංහල නාට්‍ය මණ්ඩලය හා එකතුව සරත්චන්ද්‍ර මහතා පළමුවෙන්ම නිර්මාණය කළේ "බහින කලාව" නාට්‍යයයි. මෙය විවිධ විචාරකයන්ගේ දැඩි විවේචනයට ලක්වුණු නිර්මාණයකි. මින් පසුව ඔස්කා වයිල්ඩ් නම් ඉංග්‍රීසි නාට්‍යකරුවාගේ "The importance of being Earnesrt" නම් නාට්‍යයේ සිංහල අනුවර්තනය "හැංගි හොරා" නමින් නිෂ්පාදනය විය. අනතුරුව ඇන්ටන් චෙකොෆ්ගේ නාට්‍ය තුනක් සිංහලයට අනුවර්තනය විය. එනම්, මඟුල් ප්‍රස්තාව" "වළහැඬියා" සහ "මැනෙජර්" නාට්‍යයන්ය.

බහින කලාවෙන් අනතුරුව සිංහල නාට්‍ය මණ්ඩලයේ දෙවන නිෂ්පාදනය වශයෙන් සරත්චන්ද්‍ර මහතා විසින් ලියන ලද "පබාවතී" නාටකය 1951 දී කොළඹ ජෝර්ජ් රාජ ශාලාවේදී රඟ දක්වන ලදී. පබාවතී නාට්‍යයද විචාරකයන්ගේ තදබල දෝෂ දර්ශනයට ලක්විය. මෙහි රජවරුන්, බිසවුන් පවා රජ පවුලේ අය ලෙස නොව සාමාන්‍ය මිනිසුන් ලෙස කතා කිරීමත්, ජාතික කතාව වෙනස් කිරීමත්, රජවරුන්ට නුසුදුසු පරිදි ඇඳ තිබූ සාමාන්‍ය ඇඳුම් පෙළඳුම් ආදියද බොහෝ දෙනාගේ නිර්දය විවේචනයට හා දෝෂ දර්ශනයට ලක්විය. එහෙත් පබාවතී නාට්‍යය දේශීය නාට්‍ය කලාවේ වැදගත් කඩඉමක් ලෙස සැලකිය යුතුය. දේශීය නාඩගම්, බටහිර ස්වාභාවික හා සංස්කෘත යන සම්ප්‍රදායන් තුනේම සංකලනයක් වශයෙන් සැලකිය හැකිය. තවද පබාවතී සිංහල නාට්‍යය ප්‍රේක්ෂකයින්ට අමුතු ආස්වාදයක් විය. ස්වභාවික චරිත නිරූපණය හා කතා කරන ව්‍යවහාරෝචිත දෙබස්වලින් යුතු වේදිකා නාට්‍යයක් ලෙස බිහිවීම අලුත් දත්දැකීමක් විය.
1953 දී හියුමන් ජුබාල් මහතා විසින් "වෙද හටන" නාට්‍යය නිෂ්පාදනය කරන්නට විය. ඔහුට සිංහල භාෂාව නොතේරෙන නිසා සරත්චන්ද්‍ර මහතාද ඊට දායක වන්නට විය. එහෙත් සරත්චන්ද්‍ර මහතා එහිදී මෙම නාට්‍යය තුළින් අපේ නාට්‍ය කලාව අවබොධ කරගත් පසු එම නිර්මාණයෙන් ඉවත් විය.

පසුව බිහි වූ ජුබාල්ගේ "වෙද හටන" අසාර්ථක නාට්‍ය නිෂ්පාදනයක් විය. වෙද හටන සාර්ථක නාට්‍යයක් නොවූයේ එය අපේ සමාජයට සරිලන ලෙස සකස් නොකළ නිසා බව සරත්චන්ද්‍ර නහතා විසින් අවබෝධ කරගන්නා ලදී. ඉන්පසුව සරත්චන්ද්‍ර මහතා ලංකාවේ උඩරට, පහතරට, ගම්බද පැවැති යක් තොවිල්, කංකාරි, කොලම්, සොකරි, නාඩගම් වැනි දේශීය නාට්‍ය කලාව පිළිබඳ පර්යේෂණ පවත්වන්නට විය. එම කලාවන්ගෙන් නාට්‍ය කලාවට ගත හැකි සාරමය අංග පිළිබඳ මනා වූ අවබෝධයක් එතුමා විසින් ලබා ගන්නා ලදී. දේශීය නාට්‍ය කලාවක් පිළිබඳ සිහින රුවාගත් සරත්චන්ද්‍ර මහතා පාරම්පරික දේශීය කලාව තුළින් එම ගමන දියත් කළේය. මීට අමතරව ඉන්දියාව, තායිලන්තය, ජපානය, චීනය වැනි රටවලද සංචාරය කරමින් සිංහල නාට්‍ය කලාව ගොඩ නැංවීමට පෙරදිග සංස්කෘතියෙන් කිසියම් පිටුවහලක්, ආභාෂයක් ලද හැකිද යන්න ගවේශණය කළේය. ඔහුගේ මෙම පර්යේෂණවල ප්‍රතිඵල 1954 දී "සිංහල ගැමි නාටකය" නමින් ඉංග්‍රීසි කෘතියක් වශයෙන් පළ කැරුණි. එම ග්‍රන්ථය තුළින් සොයාගත් නාට්‍යාත්මක දේ ප්‍රායෝගිකව අත්හදා බැලීමට සරත්චන්ද්‍ර මහතා මීළගට කටයුතු කළේය. 1954 දී දේශීය යක් තොවිල් ආදී දේශීය සම්ප්‍රදාය අනුව යමින් "රත්තරන්" නමැති ගුවන් විදුලි නාටකය ලිව්වේය.
නාට්‍යයක් වූ වඳින්න ගිය දේවාලය අසාර්ථක දුර්වල නාට්‍යයක් ලෙස වාර්තා වී ඇත. එසේම නාට්‍යමය අවස්ථා නිරූපණයකින් තොර ප්‍රේක්ෂකයා වෙහෙසට පත් කරවන නීරස කෘතියක් වශයෙන්ද මේ නාට්‍යය ගැන සඳහන් වී ඇත.
නාට්‍යයක් වූ වඳින්න ගිය දේවාලය අසාර්ථක දුර්වල නාට්‍යයක් ලෙස වාර්තා වී ඇත. එසේම නාට්‍යමය අවස්ථා නිරූපණයකින් තොර ප්‍රේක්ෂකයා වෙහෙසට පත් කරවන නීරස කෘතියක් වශයෙන්ද මේ නාට්‍යය ගැන සඳහන් වී ඇත.
දේශීය නාට්‍ය කලාවක් පිළිබඳ සරත්චන්ද්‍රයන්ගේ සිහිනය සැබෑ කරමින් 1956 නොවැම්බර් 03 දින කොළඹ ලයනල් වෙන්ට්ඩ් ශාලාවේ දී මනමේ නාටකය වේදිකා ගත විය.