නූර්ති යනු "නෘත්‍ය" යන වචනයේ සාමාන්‍ය කතා ව්‍යවහාරයකි. සිංහල නාඩගමෙන් වෙනස් වූ මෙම නවීන සංගීත නාට්‍යයන්ට "නෘත්‍ය" යන වචනය භාවිතා වීම ආරම්භ වූයේ මක්නිසාදැයි කිව නොහැක. නව නාට්‍ය සම්ප්‍රදායේ සිංහල පුරෝගාමියා වූ සී. දොන් බස්තියන් තම කෘතී හැඳින්වීම පිණිස ප්‍රථමවරට මෙම වචනය යොදා ගැනීම මෙය ඇබ්බැහි වීමට ප්‍රධාන හේතුව විය හැක. නාට්‍ය සෑදෙන්නේ නෘත්‍ය (එනම් නැටීම, නර්තනය) සමග නෘත්‍ය (එනම් අනුකරණය, නිරූපණය, ගීතය හා වචන) සංයෝග වීමෙන් යැයි භරත මුනින්ගේ නාට්‍ය ශාස්ත්‍රයෙහි කියැවේ. මේ නිසා සී.දොන් බස්තියන් මහතා නූර්ති යන නම යෝදන්නට ඇතැයි අනුමාන කළ හැකිය.
19 වන ශතවර්ෂය අවසාන වන විට නූර්ති නාට්‍ය සම්ප්‍රදාය මෙරට ප්‍රචලිත විය. මෙම අලුත් නාට්‍ය සම්ප්‍රදාය මෙරටට රැගෙන ආවේ සංචාරක ඉන්දියානු නාට්‍ය කණ්ඩායම් විසිනි. මෙකල ඉන්දියාවේ බොම්බාය ප්‍රදේශයේ සිටි "පාර්සි" නම් ජාතිකයන් අතර තිබූ "තියටර්" කණ්ඩායම් අතිශයින් ජනප්‍රියව පැවතුණි. මේ අතර "බලිවාලා" නමැති "පාර්සි" ජාතිකයාගේ නායකත්වයෙන් වූ බොම්මායේ ඇල්පින්ස්ටන් තියටර් සමාගම කොළඹට පැමිණ කොළඹ නගරය ආසන්නයේ නාට්‍ය දර්ශන පවත්වන්නට විය. ඔවුන්ගේ නිෂ්පාදන වූයේ ඇලඩින්, හරිස්චන්ද්‍ර, ඔතැලෝ, රොමියෝ සහ ජුලියට් හා අරාබි නිසොල්ලාසයේ කතා ආදියයි. මෙම නූර්ති නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ගෙන් ශාලාව පිරී ඉතිරී ගියහ. මෙම අලුත් නාට්‍ය සම්ප්‍රදාය සඳහා මෙතරම් ආකර්ශනය වන්නට හේතු වූයේ,
1. පස්ගොඩ ගසා නාඩගම් සඳහා සාදන ලද කරලිය වෙනුවට විචිත්‍ර නවීන අංග හෙවත් වේෂ නිරූපණ, වේදිකා ආලෝකනය, නවීන වේදිකා සැලසුම්වලින් යුත් නවීන රංග භූමියක් යොදා ගැනීම.
2. විචිත්‍ර දර්ශන පසුතල හා රංග භාණ්ඩ භාවිතය.
3. නාඩගම් මෙන් රෑ එළිවෙන තුරු හෝ දින දෙක තුනක් රඟ දක්වනවා වෙනුවට පැය තුන හතරකට නූර්තිය සීමා වීම.
4. නාඩගම්වල පිරිමි පමණක් රඟ පෑ නමුදු නූර්තිවල ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම ඉතා අලංකාර ලෙස සැරසී චරිත නිරූපණය කිරීම.
5. නාඩගම්වල භවිතා කෙරෙන කඨෝර දකුණු ඉන්දියානු සංගීතය වෙනුවට නූර්ති සඳහා උතුරු ඉන්දියානු සංගීතය භාවිතයට ගැනීම.
6. උතුරු ඉන්දියානු සංගීතය ආශ්‍රයෙන් ගොඩ නැඟුණු මියුරු තනු නාට්‍ය තුළ අන්තර්ගත වීම.
7. විනෝදාස්වාදයේ විචිත්‍රත්වය සොයන කාර්ය බහුල නාගරික ප්‍රේක්ෂකයින්ට නූර්තිය කදිම විනෝද මාධ්‍යයක් වීම.
බලිවාලා නාට්‍ය කණ්ඩායමට ඔවුන්ගේ ගීත රචනා කොට තිබුණේ ගුජරාටි හා උර්දු භාෂාවෙන්ය. වැඩි කලක් යන්නට මත්තෙන් එම ගීත එම රාග තාලවලටම අනුව සිංහල වචන යොදා නූර්ති ගී ගයන්නට විය. මේ අතර එතෙක් මෙරට ප්‍රචලිතව තිබූ නාඩගම් ගීය නූර්ති සංගීතය අනුව හැඩ ගැසෙන්නට විය. එසේම නාඩගම් සම්ප්‍රදායේ යම් යම් අංග අතහැර ඒ වෙනුවට නූර්ති ලක්ෂණ ඇතුළත් කරන්නට විය. නාඩගම් පොතේ ගුරු ඉවත් කරන ලදී. නාඩගම් බහුබූතයා වෙනුවට කවටයා එකතු කරන ලදී.

සිංහල සින්දු කපිරිඤ්ඤා තාලයට ගායනා කිරීම ආරම්භ විය. නාඩගමේ පැවති නැටුම් ක්‍රම ක්‍රමයෙන් ඉවත් විය. මේ අනුව මෙරට කලින් පැවති නාඩගම් පිටපත් සංස්කරණය වන්නට විය. මෙම පරිවර්තන අවදියේ බිහි වූ ඇතැම් නාට්‍යවල නාඩගම් හා නූර්ති ලක්ෂණ දෙකම ඇතුළත් වූ බව විචාරකයන් පෙන්වා දෙති. මෙසේ නූර්ති නමින් පොදු ජන ව්‍යවහාරයේ පවතින මෙම අලුත් නාට්‍ය ක්‍රමය පෙරදිග ගීත නාටක හා බටහිර සංවාද නාට්‍යයේ සම්මිශ්‍රණයකින් ඇති වූවක් යැයි සිතිය හැකි බව සරත්චන්ද්‍ර මහතා පවසයි.
ජෝන් ද සිල්වා මහතාගේ "රාමායණ" නූර්ති නාට්‍යයෙන් කොටසක්
සීතා : දුටුවා ද ස්වාමි - මගේ ස්වාමි ලක්ෂණ මුවයාය. - ලක්ෂණ මුවයාය චර්ම පුල්ලි පේළි සැදී - නේත්‍ර මගේ ප්‍රීති වේවි - රැගෙන උගේ හම රන්වන් සාදනු මට හැට්ටේ ස්වාමි - සිත ආශාවේ බොහෝ මාගේ - වයිරන් පුල්ලි ලාපු - ලක්ෂණ මුවයාය.
ලක්ෂ්මන : ඔය මුවාට රැවටෙන්න එපා
සීතා : අනේ ඌ මට අල්ලා දෙන්න
රාමා : මම ඌ පාරේ එලවා ගොසින් අල්ලා ගෙනෙඤ්ඤා
ලක්ෂ්මණ : ඔය මුවා රාවණාගේ මායාවක් බව දැනගන්න සොදා
සීතා : මොන බොරුද, අපේ ප්‍රිය සැමි ඌ මෙහාට අල්ලාගෙන එනු මැනවි
රාමා : මම ගොසින් ඌ අල්ලා ගෙනෙඤ්ඤා (රාමා මුවා පාරේ යයි. සිතියමෙන් පිට "ලක්ෂ්මන්, ලක්ෂ්මන්" කියා හඬක් ඇසේ)
නූර්ති සම්ප්‍රදාය ජනතාව අතර ජනප්‍රිය වූවත් නාට්‍ය කලාවේ ප්‍රගමණයට මෙම සම්ප්‍රදාය දායක වූයේ ඉතා මඳ වශයෙනි. ඊට හේතු සාධක වශයෙන් පහත සඳහන් කරුණු පෙන්වා දිය හැකිය.

1. නූර්ති, භාරතයේ නූතන නගරවල විසූ භින්නරුචික ප්‍රේක්ෂකයන්ගේ විනෝද මාර්ගයක් ලෙස වැඩුණු සංකර නාට්‍ය කලාවක් වීම.
2. නූර්ති ක්‍ෂේත්‍රයට අදා: ලේඛකයන් අතර නාට්‍ය සන්දර්භය පිළිබඳ හසළ බුද්ධියකින් යුත් රචකයන් දුර්ලභ වීම.
3. පාර්සි නාට්‍ය කලාව වූ කලී නියම භාරතීය නාට්‍ය සම්ප්‍රදායේ විකාශනයක් නොව භාරතීය හා යුරෝපීය සංස්කෘතිය සහ මෙම දෙකේ නොමනා සංසර්ගයෙන් හටගත් අවජාත ඵලයක් වීම.
4. පාර්සි රැඟුම් හා ඉංග්‍රීසි නාට්‍යයන් දුටු සිංහල නාට්‍යකරුවෝ පැරණි නාඩගම යල් පැනපු ශෛලියකින් යුක්ත වූවාක් බව සිතන්නට වීම.
5. නාඩගමෙහි විශේෂ රංග ශෛලියක් තිබෙන බවත්, පොතේ ගුරෙකු පැමිණීම, පාත්‍රයන් විවිධ ගමන් රංගාවතරණය කිරීම, යම් යම් ක්‍රියා ආංගිකාභිනයෙන් දැක්වීම යනාදිය මේ ශෛලියේ ලක්ෂණ බවත් ඔවුන්ට නොවැටහුණු.
6. විත්‍රිත පට හා රංග සැලසුම් පසුබිමට යොදා සේසත්, චාමර, පුටු, සිංහාසන ආදිය රංග භූමියෙන් තබා සියල්ල තත්ත්වාකාරයෙන් නිරූපණය කිරීමත් කඩතුරාවක් ඉවත් කොට මේ හාස්කම් ප්‍රේක්ෂකයාට දැක්වීමත් නූතන නාට්‍යයේ ලක්ෂණ ලෙස සැලකූ අප නාට්‍යකරුවෝ එතෙක් ගෙන ආ නාඩගම් සම්ප්‍රදාය අමතක කළහ.
7. නාට්‍යමය අවස්ථා මතුවන පරිදි කතා වස්තු ගොතා රචනා කරන ලද කෘති නූර්ති අතර දුර්ලභ වීම.