රූකඩ හෙවත් රූපයක කොටසක් හෝ කඩක් යනු කුමක්ද? නැත්නම් කවරෙක්ද? මේ නම් යොදා ඇත්තේ ප්‍රාණවත් මිනිසකු හෝ සතකු ලෙස ක්‍රියා කරවනු හැකි අප්‍රාණවත් එබඳු රූපයකටයි.
ආදිම යුගයේ සිට රූකඩ නැටුම් ලොව සෑම රටකම වාගේ පැවතුනු බව ඉතිහාසයෙහි සඳහන් වේ. මුලදී පුද පූජා සඳහා ඉඳිකරන ලද කුඩා දේව පිළිම හා රූප සැදැහැවතුන්ගේ ආගමික විශ්වාස පිළිගැන්වීම සඳහා භාවිතා කරන ලදී. මෙවැනි රූප ඇතැම් අවස්ථාවලදී පෙරහැරක යන රිය තුළ පෙන්වීමට සලසන ලදී.
ඒවා පසු කලෙක ක්‍රියා කරවීමෙන් මිනිසුන්ගේ ආගමික භක්තිය පුබුදු කිරීමට සමත් විය. හැම රටකම ආගමික විශ්වාස මුල් කරගෙන මෙවැනි රූප හා දේව පිළිම බිහි වූ බව පිළිගනු ලැබේ. පැරණි චීනය, ඉන්දියාව, ග්‍රීසිය, මිසරය ආදි රටවල භාවිතා වූ පැතලි හා රවුම් රූප ඇසුරුව පූජා විධි පමණක් නොව නාට්‍ය ක්‍රම සමහරක්ද ඒවා මුල් කරගෙන පැන නැඟී ඇතැයි අනුමාන කෙරේ.
පැරණි නාට්‍ය හෝ නාඩගම් පිළිබඳ විමසීමේ දී රූකඩ නාට්‍ය කලාවක් තිබුණු බවට සාක්ෂියක් සොයා ගැනීම බෙහෙවින් අපහසු කාරණයකි. එය එසේ වුවද යම් යම් උත්සව අවස්ථාවන්හිදි යම් යම් ක්‍රම උපයෝගි කර ගනිමින් දේවරූප, සත්ත්ව රූප ආදිය නටවන ලද බවට යම් යම් තොරතුරු ජනප්‍රවාදයෙහිද සාහිත්‍යයෙහිද සඳහන් වේ. දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී පවත්වන ලද දළදා වහන්සේ වැඩම වීම හා සම්බන්ධ වූ උත්සවයක යන්ත්‍ර බලයෙන් ගමන් කළ කෘත්‍රීම අශ්වයින් හා හස්තීන් සිටි බවද සඳහන් වේ. එසේම චූලවංශයේ එන පුවතකට අනුව සමින් සාදන ලද රූකඩ නැටවූ ශිල්පීන් සිටි බව සඳහන් වේ. එහෙත් ඒ යුගයෙහි මෙය කලාවක් වශයෙන් දියුණු තත්ත්වයේ පැවති බවට සාධක නැත.
ගැමි කලා ක්‍ෂේත්‍රය දෙස බලන විට අපේ ගැමි කලාකරුවන් දැවයෙන් විවිධ ගණයේ රූකඩ හා ඊට සමාන කලා කෘති නිර්මාණය කර ඇත. එයට ඇත්තේ රූකඩ නාටක ඉතිහාසයට වඩා පැරණි ඉතිහාසයකි. ගම්බද ආදී කාලයේ සිට පැවැත්වූ උත්සව, සැණකෙලි, පෙරහැර ආදිය සඳහා යොදා ගත් රූකඩ විය. එසේම පොළවල් අසලදී පවත්වන ලද රූකඩ නැටුම් ද විය. සමහර විට එවැනි රූකඩ පඹයකු වූවාට සැකයක් නැත. දැනට වැව්වුරුකන්නල මහ පෙරහැරෙහි ගෙන යන "මහ බඹා" රූකඩයද මෙය නූතනයේදී සිහියට නංවන්නකි. ආදි කාලීන යුගයේ දී මෙසේ සත්ත්ව රූප, පක්ෂි රූප ලීවලින් නිර්මාණය කිරීම සිංහල කලාකරුවන් අතර විය.
නූතන යුගයේ අප අතර විද්‍යාමාන වන රූකඩ නාට්‍ය කලාවේ ආරම්භය කවදා ඇති වී දැයි නිගමනය කිරීම අපහසුය. එය එසේ වුවද ලංකාවේ නාඩගම් කලාව බිහි වී වර්ධනය වීමෙන් පසුව මෙය බිහිවන්න ඇතැයි නිගමනය කිරීම යුක්ති යුක්තය. ඒ අනුව රූකඩ කලාව නාඩගම් කලාවට වඩා පැරණි යයි නිගමනය කිරීම අපහසුය. පසුව මෙම රූකඩ කලාවේ යෙදෙන්නට ඇත්තේ නාඩගම්කරුවන්ම යයිද විශ්වාස කළ හැකිය.
රූකඩ කලාව උපයෝගි කර ගනිමින් පවත්වනු ලබන රූකඩ නැටුම් සංදර්ශන සඳහා වෙස්සන්තර ජාතකය වැනි කතා වස්තු උපයෝගි කරගෙන ඇත. රූකඩ කණ්ඩායමක රූකඩ නටවන ශිල්පීන්, බෙර වාදකයන්, රූකඩ කපන්නන්, රූකඩ අලංකාර කරන්නන්, වෙනත් ස්වර භාණ්ඩ වාදකයන්, ගී සින්දු කියන්නන්, නාට්‍ය ලියන්නන්ද සිටිය යුතුය.
නූල් රූකඩ, ඇඟිලි රූකඩ හා කෝටු රූකඩ ආදි වශයෙන් රූකඩ වර්ග කිහිපයකි. චීනයේ වර්ණවත් ඡායා රූකඩ, ඉන්දුනීසියාවේ රිටි රූකඩ හා ඡයා රූකඩ දක්නට ලැබේ. වර්තමානයේ මපට් යනුවෙන් හඳුන්වන රූපවාහිනි මාධ්‍යයට උචිත රූකඩ නිර්මාණ දැන් ලොව පුරා ප්‍රචලිතය. රූපවාහිනී රූකඩ කලාව අමුතු මගකට යොමු කොට ළමුන්ගේත්, වැඩිහිටියන්ගේත් රස වින්දනය වැඩි දියුණු කොට ඇත. විශේෂයෙන් ළමුන් වෙනුවෙන් ලියැවුණු, නිපදවුණු රූකඩ නාට්‍ය විවිධාකාර වන අතර ඔවුන්ගේ බුද්ධි ප්‍රබෝධයට මහඟු සේවාවක් සලසයි. අධ්‍යාපනික, සංස්කෘතික අංශවලින්ද මේ රූකඩ නාට්‍ය මහත් රුකුලක් වේ.
නූල් රූකඩයක් බොහෝ විට සැහැල්ලු ලී උපයෝගි කරගෙන සාදයි. පසුව චරිතයට අදාළ ආකාරයට සැහැල්ලු අලංකාරවත් ඇඳුම් අන්දවා, මුහුණද වර්ණවත් කරයි.
රූකඩයේ අත් පා ආදී අවයව වලට නූල් ගැටගසා එහි කෙළවරවල් කතිර හැඩයට සකස් කරගත් ලී දඬු දෙකක ගැට ගසයි. මෙම රූකඩයක් අඩි තුනක් හතරක් පමණ උසය. මෙම රූකඩ නැටවීම සඳහා විශේෂ පුහුණුව ලැබූ ශිල්පීන් සිටී. සමහර ශිල්පීන් අත් දෙකට රූකඩ දෙකක් ගෙන නටවයි. රූකඩවලට අදාළ දෙබස් නටවන පුද්ගලයා විසින්ම කියයි. පසුබිම් සංගීතය ප්‍රේක්ෂකාගාරය ඉදිරියේ සිටින වාදක මණ්ඩලය විසින් සපයනු ලැබේ. සංගීතය සඳහා වැඩි වශයෙන් යොදා ගනු ලබන්නේ හාමොර්නියම් එක, වයලින් එක, තබ්ලාව, ඩොලැක්කය ආදියයි.
රූකඩ නැටවීම සඳහා විශේෂයෙන් වේදිකාවක් සකස් කරයි. මේ වේදිකාව දෙපැත්තෙන් පිහිටුවා ඇති අංශ දෙකකින් හා මැද ගබඩාවකින්ද යුක්තය. දෙපැත්තෙහි ඇති අංශ දෙක තනනු ලබන්නේ මැද ගබඩාව කෝණාකාරයෙන් සිටින පරිදි ප්‍රේක්ෂකාගාරය වෙතට මඳක් හරවාය. "පත්තිරිප්පුව" නමින් හඳුන්වන මැද ගබඩාව නාට්‍යාරම්භයෙහි රජු සිංහාසනාරූඨව අමාත්‍යයන් කැඳවා රාජ සභාව පවත්වන ස්ථානය ලෙස පරිහරණය ලරනු ලැබේ. රංග භූමියෙහි මේ කොටස් තුනෙහි පිටුපසට කළු තිර එල්ලා ඇත.
රංග භූමියේ උස ප්‍රමාණය අඩි හතරකට අධික නොවන පරිදි ප්‍රොසිනියම් ආරුක්කුව සාදනු ලැබේ. වේදිකාව පිටුපසින් අඩි හයක් පමණ උස ඇති අර්ධ කවාකාර වැටක් තනා තිබේ. මේ වැටටත් පිටුපසින් වේදිකාවේ උස ප්‍රමාණයට අඩියක් වැඩි වූ අර්ධ කවාකාර පඬියක්ද ඇත. රංග භූමියෙහි කොටස් තුනෙහිම රූකඩ නටවනු ලැබේ. එහෙත් මෙය කෙරෙන්නේ එකවර නොවේ. එක් කොටසක් සූදානම් කරන අතර අනික් කොටසෙහි නාටකය දක්වනු ලැබේ. රූකඩ ශිල්පියෝ (සූත්‍රධර) ඉහත විස්තර කරන ලද පඬිය මත සිටගෙන, වැටට හේත්තු වී නූල් අඳිමින් රූකඩ නටවති.