පාස්කු දර්ශන කතෝලික ආගම හා සම්බන්ධ ආගමික සංදර්ශනයකි. මුල් යුගයේ පාස්කු රඟ දක්වනු ලැබුවේ රූකඩ මාර්ගයෙනි. පැරණිම පාස්කු නාට්‍ය සංදර්ශනය කරවනු ලැබූයේ මන්නාරම් පේසාලේ නම් ගමෙහිය. මීට අවුරුදු හාරසියයකට පමණ උඩදී මෙය ආරම්භ විය. පේසාලේ රංගගත කරන ලද පාස්කු නාට්‍ය සම්ප්‍රදාය යාපනයෙහි ව්‍යාප්ත වන්නට විය. එයින් පසුව මීගමුව ප්‍රදේශයෙහි, පමුණුගම, දූව, පිටිපන ආදී ගම්වල මෙම පාස්කු සංදර්ශන ආරම්භ විය.
පාස්කු සංදර්ශන පවත්වනු ලබන්නේ පාස්කු මඬුවෙහිය. එනම් රංග භූමිය වශයෙන් යොදා ගනු ලබන්නේ පාස්කු මඬුවයි. මෙම සංදර්ශන අවුරුදු අසූවක පමණ කාලයක් තිස්සේ මීගමුවේ පිටිපන නම් ගමෙහි පවත්වාගෙන යනු ලැබේ. ඒ සඳහා ඉඳිකළ පාස්කු මඬුවක් පමුණුව ද වේ. මෙම පාස්කු මඬුව පහත සඳහන් ලක්ෂණවලින් යුක්තය. මෙය සිමෙන්ති, ගඩොල් උපයෝගි කරගෙන බිත්ති බැඳ තිබේ. වහලට උළු සෙවලි කරයි. මැද ගබඩාවකි. දෙපස කුඩා ගබඩා දෙකකි. ගබඩා තුනෙහිම තිර එල්ලා ආවරණය කර තිබේ. ඒ සඳහා ආරුක්කු යොදා තිබේ. දෙපස ගබඩා දෙකකින් එකක් හෙරොද් රජුගේ රාජ මාලිගාව ලෙසද, අනිත් ගබඩාව පිලාත් රජුගේ රාජ මාලිගාව ලෙසද සැලකේ. මෙම පාස්කු මඬුව ඉදිරියේ උස තාප්පයකි. සුරුවම් (රූකඩ) ක්‍රියාත්මක කරන්නේ (එහා මෙහා ගෙන යන්නේ) රංග සේවින් මගිනි. මෙහි හිඳ නාට්‍ය නරඹන ප්‍රේක්ෂක ජනතාවට රංග සේවින් හෙවත් රූකඩ එහා මෙහා ගමන් කරවන්නන් උස් තාප්පය නිසා නොපෙනේ. පාස්කු නාට්‍ය සංදර්ශනයක් පැවැත්වීමේ දී තාවකාලිකව ඒ සඳහා ඉහත සඳහන් වූ පාස්කු මඬුවට සමාන වූ රංග භූමියක් ඉඳිකරනු ලැබේ. පාස්කු නාට්‍ය සංදර්ශන සඳහා ඉඳිකරනු ලබන මඬුව අඩි 20 ක් පමණ උස වන්නේය. එම මඬුව අඩි හයක් පමණ උස වනසේ පොල් අතු වැටකින් ආවරණය කරනු ලැබේ. එසේ ආවරණය කරන්නේ රංග ශාලිකාවෙහි වාඩි වී සිටින ප්‍රේක්ෂක ජනතාවට ඔබමොබ ගමන් කරන රංග සේවින් දර්ශනය නොවීමටය. මේ ආකාරයට මඬුව ආවරණය කිරීමෙන් ප්‍රේක්ෂකයින්ට, රංග සේවින් විසින් ගෙන යනු ලබන රූකඩ ජීවමාන ආකාරයෙන් රංගනයක යෙදෙන ආකාරය දෘශ්‍යමාන වේ. මෙම රූකඩ නටවන අතර පොතේ ගුරු හෙවත් අන්නවි රාල පොතක් අතින් ගෙන එය කියවයි. මේ සඳහා යොදා ගනු ලබන පොතේ ගුරු ඈතට විහිදී යන මිහිරි භාවයෙන් හා මනා කටහඬකින් යුක්ත විය යුත්තේය.
පාස්කු නාට්‍ය සංදර්ශනය සඳහා මෙවැනි මඬුවක් සාදන නමුත් එම සංදර්ශනයේ බොහෝ ජවනිකා ඉදිරිපත් කරනු ලැබුයේ එළිමහන් ප්‍රේක්ෂක ජනතාව මධ්‍යයේදීය. මෙම පාස්කු සංදර්ශනය සඳහා නළු නිළි, ප්‍රේක්ෂක භේදයකින් තොරව බොහෝ දෙනෙක් එයට සහභාගි වූ බව පෙනේ.
පාස්කු දර්ශන තුළ අන්තර්ගත වූ අවස්ථා වූයේ කතෝලික ආගම හා සම්බන්ධ ප්‍රධාන සිද්ධීන්ය. මෙහිදී ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය කරා ගෙනයන ආකාරය, අවශේෂ අය ඔහු පසු පස ගමන් කිරීම, යේසුස් කුරුසියේ ඇණ ගැසීම, කුරුසියේ ඇණ ගැසූ දිනට පසු දින යක්ෂයින් හිස් ලූ ලූ අත දිවීම පෙන්නුම් කිරීම සඳහා කොළ අතු හැඳගෙන ශරීරයේ දැලි තවරා ළමයින් කණ්ඩායම් යෙදීම, ඔවුන් කඩවල් මංකොල්ල කෑම මෙම නාට්‍යයේ දක්නට ලැබෙන විශේෂ දර්ශනයන්ය.
මෙම ක්‍රමය අනුගමනය කරමින් මීගමුව අවට ගම්වල පාස්කු දර්ශන පවත්වනු ලැබේ. එසේම මෙම ක්‍රමය හලාවත ප්‍රදේශයේ ද ක්‍රියාත්මක කෙරෙයි. මීගමුවේ කොච්චිකඩේ අසල පිහිටි නංජුංඩංකර ගමේද, පිටිපන ප්‍රදේශයේද, පමුණුගමද, කටුනේරියේද අනුරුද්දක් පාසා පාස්කු නාට්‍ය රඟ දක්වනු ලැබේ.
මීගමුවේ දූව ප්‍රදේශයේද පාස්කු සංදර්ශන හා සම්බන්ධ වැදගත් ප්‍රදේශයකි. එය අවුරුදු තුනකට දෙවරක් දූව ගමෙහි රේ දක්වන අතර තුන්වැනි වාරය රඟ දක්වන්නේ මීගමුවේ පිහිටි සාන්ත පීතර දේවස්ථාන භූමියේදීය.
මීගමුවේ දූව ප්‍රදේශයේද පාස්කු සංදර්ශන හා සම්බන්ධ වැදගත් ප්‍රදේශයකි. එය අවුරුදු තුනකට දෙවරක් දූව ගමෙහි රේ දක්වන අතර තුන්වැනි වාරය රඟ දක්වන්නේ මීගමුවේ පිහිටි සාන්ත පීතර දේවස්ථාන භූමියේදීය.
පාස්කු සංදර්ශන පැවැත්වෙන හැම තැනකම, පිටිපන හා පමුණුගම තිබෙන පාස්කු මඬුවලට සමාන රංග භූමි ඉඳිකරනු ලැබේ. පසු කාලයේදී සුරුවම් (රූකඩ) වෙනුවට මෙම රංගනය සඳහා නළුවන් ඉදිරිපත් විය. මේ නිසා ප්‍රධාන මඬුවක් සහ ඒ දෙපස කුඩා මඬු දෙකක් ඉඳි කරන්නට විය. මෙහි අඩි හයක් පමණ උස් වූ වේදිකාවක් ඉදි කෙරේ.
පාස්කු සංදර්ශනය ආරම්භ වන්නේ ඉරිදා උදෑසන දේව පූජාවෙන්ය. ඉන්පසු යේසුස් කොටළුවකු පිට නැගී ජෙරුසලමට පැමිණි ආකාරය දැක්වෙන පෙරහැරකි. එයට පසුව ගොක්කොළවලින් කුරුස සාදනු ලැබේ. පාස්කු සංදර්ශන පැවැත්වීමේදී ඇතැම් ගම්වල ඉරිදා උදේ බයිබලයේ පරණ ගිවිසුමෙහි සඳහන් පරිදි ලෝකාරම්භය වැනි කතා නළුවන් මගින් රඟ දක්වනු ලැබේ. පස්වරුවෙහි අලුත් ගිවිසුමෙහි එන ඇතැම් කතා රඟ දක්වනු ලැබේ.
මීළඟ බ්‍රහස්පතින්දා රඟ දක්වනු ලබන්නේ පිලාත් රජතුමා ඉදිරියෙහි කරනු ලබන නඩු විභාග හා මරණ තීන්දුව ඇතුළත් අවස්ථා කිහිපයක්ය. මහ සිකුරාදා සන්ධ්‍යා භාගයෙහි පවත්වනු ලබන සංදර්ශනයෙන් දර්ශනය කරන්නේ යේසුස් වහන්සේ කුරුසිය කරතබාගෙන යන ආකාරයයි. මේ සඳහා යේසුස් වහන්සේගේ ප්‍රතිමාව ගෙන ගීත ගායනා කරමින් පෙරහැර පවත්වයි. මෙයින් පසුව යේසුස් වහන්සේගේ මුහුණ සටහන් වීම, දේව මෑණියන් යේසුස් හමුවීම, යේසුස් දෙවැනිවර බිම වැටුණු විට සිමොක් සිරියෙසුස් වඩුවා පැමිණ උන්වහන්සේ ඔසවා කුරුසිය ගෙන යාමට උදව් වීම, දරුවන් වඩාගෙන අඬිමින් එන ස්ත්‍රීන් යේසුස් වහන්සේ විසින් සනසාලීම වැනි සිද්ධීන් ජනකාය මධ්‍යයෙහි නිරූපණය කරනු ලැබේ. මෙම අවසාන ජවනිකාවෙහි ස්ත්‍රීහු බෝනික්කන් වඩාගෙන විත් පසන් ගී ගයමින් මඳක් දුර පෙරහැරේ ගමන් කරති. යේසුස් වහන්සේගේ සුරුවම මෙතැනදී වේදිකාවට ගෙන යනු ලැබේ. මෙහිදී රංග මණ්ඩපයේ කඩතුරාව ඉවත් කළ විට දක්නට ලැබෙන්නේ මැද වේදිකාවෙහි යේසුස් වහන්සේත්, දෙපස වේදිකා දෙකේ සොරුන් දෙදෙනාත් කුරුසවල ඇණ ගසා සිටීමයි. ජීවමාන නළුවෝ කුරුසයේ ගැට ගසා පැය තුනක පමණ කාලයක් සිටිති.

සෙනසුරාදා උදේ වරුවේ යක්ෂයන් ලෙස කොළ අතු හැඳගත්, දැලි තවරාගත් ළමුන් පිරිසක් කඩවල් මංකොල්ල කති. නොයෙක් උසුළු විසුළු පාමින් අරගල ඇති කරති. අනතුරුව ඝන්ටා නාදයත් සමඟ ලුසිපේර් නම් යක්ෂ සේනාධිපතියා හෙවත් සාතන් පැමිණේ. යක්ෂයෝ කරන ලද වැරදි අසා බලයි. එවිට යක්ෂයින් අතින් ගමේ ඇති නොයෙකුත් රහස් හෙළි කෙරෙයි. ඇතැම් ප්‍රදේශවල මෙම පාස්කු දර්ශනය තහනම් කොට තිබේ. පිටිපන ප්‍රදේශයේ මෙම අවස්ථාව "සාතන්ගේ පරාජය" නමින් රඟ දක්වනු ලැබේ.
ඉරිදා නිරූපණය වන්නේ යේසුස් වහන්සේ මියගොස් යළි ඉපදීමේ සිද්ධියයි. මෙහිදී මරිය මද්දලිනා හා මර්තා යන දෙදෙනා සොහොනකට ගොස් යේසුස් වහන්සේගේ ශරීරය සොයන අයුරුත්, උන්වහන්සේ ස්වර්ගස්ථ වූ බව දේවදූතයා විසින් දැනුම් දෙනලද අයුරුත් ගීත හා සංවාද යොදා රඟ දක්වනු ලැබේ. එතැනට දේව මෑණියෝද අනතුරුව ගෝලයෝද පැමිණෙති. කෙළවරදී යේසුස් වහන්සේගේ සුරුවම රැගෙන සියලු දෙනාම පෙරහැරේ යති.
පාස්කු නාට්‍ය සඳහා භාවිතා වන්නේ බටහිර සංගීත ශෛලියයි. මේ යටතේ නිර්මාණය වී ඇති ක්‍රිස්තියානි භක්ති ගී හෙවත් කන්තාරු ගී මෙම අවස්ථාවලදී ගායනා කෙරේ. යාපනේ පාස්කු නාට්‍යවලදී මුල් කාලයේ කර්ණාටක රාග තාල යෙදූ බව සඳහන් වේ. මෙම ගායනා සඳහා සහාය වාදන භාණ්ඩය වන්නේ ඕගනයයි.
බොරලැස්ස පාස්කු දර්ශනය
බොරලැස්ස පාස්කු දර්ශනය
පාස්කු දර්ශන අතර ඉතා වැදගත් තැනක් හිමි කර ගන්නා සංදර්ශනය ලෙස බොරලැස්ස පාස්කු දර්ශනය සඳහන් කළ හැකිය. මෙම නාට්‍ය රචනා කර නිෂ්පාදනය කරන ලදදේ කේ. ලෝරන්ස් පෙරේරා මහතාය. බටහිර සංගීතයත්, භාරතීය සංගීතයත් හැදෑරූ ලෝරන්ස් පෙරේරා මහතා නූර්ති ශෛලිය අනුව යමින් ආගමික නාට්‍ය නිෂ්පාදනය කිරීමෙහි යෙදුනේය. ලෝරන්ස් පෙරේරාගේ මූලික අභිප්‍රාය වූයේ ජීවමාන නළුවන් යොදා උසස් ගණයේ පාස්කු නාට්‍යයක් ඉදිරිපත් කිරීමයි. එහෙත් ඔහු එම රංගන දුටුවේ ග්‍රාම්‍ය ගොරහැඬි රැඟුම් ලෙසය. මේ නිසා ආගමික ක්ෂේත්‍රයට යෝග්‍ය පරිදි පාස්කු නාට්‍යයක් සම්පාදනය කිරීමට කල්පනා කළ ලෝරන්, ජර්මනියේ ඔබර් අම්මර්ගවි නමැති ගමේ වසර දහයකට එක් වරක් බැගින් රඟ දක්වනු ලබන ලෝක ප්‍රසිද්ධ මහා පාස්කු නාට්‍යයේ ආභාෂය ලබමින් අලුත් පිටපතක් සකස් කළේය. මෙහිදී ඔහු දේශීය නාට්‍ය සම්ප්‍රදාය අනුගමනය කරමින් ගී, සින්දු සඳහා හින්දුස්ථානි රාග තාල යොදා ගන්නා ලදී.
"ශ්‍රීධර බොරලැස්ස පාස්කු නාට්‍ය"යන නමින් ලෝරන්ස් පෙරේරාගේ නාට්‍ය කණ්ඩායම හඳුන්වන්නට විය. මෙම නාට්‍ය නිෂ්පාදනය පළමුවෙන්ම එළි දැක්කේ 1923 දීය. මෙම නාට්‍යයේ රඟපාන ලද නළුවන් වූයේ අවට සිටින, සාමාන්‍ය රැකියා කරන, ගැල්කරුවන් වැනි පුද්ගලයන්ය. ගැහැණු චරිත නිරූපණය කළේද පිරිමි නළුවන් විසිනි. පස්වරු තුනට පමණ ආරම්භ කරන පාස්කු දර්ශනය පසුදා උදෑසන හතර පහ වන තෙක් රඟ දැක්වේ.