බ්‍රමිපෝටි නාඩගමෙහි බහුබූතයාට පොතේ සිංදුව මෙසේය.

කෙතේ බැඳි පඹයාසෙ, වැරදි ඇඳ කොරල ගත වසාගන
කැතේ යන තුරා බී සුරාමින් මෙමින් බඩ නෙරාගෙන
නෙතේ රතු ඔරවමින් නාට කර, විහිළු මැත දොඩාගෙන
සිතේ ලෙඩ මැදට බහුබූත කෝලමා එන්නේ හඬ දීගන
බහුබූතයා බඩ මහත බේබද්දෙකු ලෙසය නිතරම සිතුවම් කර තිබෙන්නේ "ස්ථාක්ති" නාඩගමෙහි පිලිප්පු සිංඤෝ, කළු මුහුණක්ද සුදු දත්ද ඇති ගරා යකාට ඔහු සමාන කරයි.

පොදු නළුවන් අතර දෙවැන්නා සෙල්ලම් ළමාය. ඔහුට සමහර විට සෙල්ල පිල්ලෙ කියාද ව්‍යවහාර කරති. ඔහු දෙමළ නාඩගමෙන් සංක්‍රමණය වූ නාටක පාත්‍රයකු විය යුතුය. මදුරාසියේ විශ්ව විද්‍යාලය විසින් සපයන ලද දෙමළ ඉංග්‍රීසි ශබ්දකෝෂයෙහි සෙල්ල පිල්ලෙ වූ කලී දෙමළ නාට්‍යයට අයත් දෙවෙනි නාටක පාත්‍රයා යයි කියා තිබේ. සෙල්ලන් ළමා යනු විහිළු චරිතයක් නොවේ. ධනවතා යන අර්ථය එම නමෙහි ගැබ් වී තිබේ. තවද, මොහු බහුශ්‍රැතයෙකු ලෙස නම් කර තිබේ.
පැරණි නාඩගම්වල පොදුවේ එන තවත් නළුවෙක් නම් බෙරවායාය. ඔහුද කෝලමින් පැවත එන්නකු සේ පෙනේ. මෑත නාඩගම්වල බෙරවායෙකු වෙනුවට රජුගේ හඬ දූතයා නමින් නළුවෙක් එයි. ඇතැම් විට හඬ දූතයෝ දෙදෙනෙක් එති. එයින් පසුව රාජසභා ඇමති කරලියට පැමිණේ. රජු අසුන් ගැනීමෙන් පසුව නාඩගමේ පූර්ව භාගය අවසන් වේ. එයින් පසුව නාඩගමේ දෙවන කොටස ආරම්භ වේ. එය නාට්‍යමය කතා වස්තුව වේ. උදාහරණයක් ලෙස වෙස්සන්තර කතා වස්තුව දැක්විය හැකිය.
එදිරිවීර සරත්චන්ද්‍ර මහතා "කපුවා කපෝති" නාට්‍ය පොතෙහි හැඳින්වීම තුළ නාඩගම් රංග ශෛලිය පිළිබඳ පැහැදිලි විස්තරයක් සඳහන් කොට තිබේ.
"නාඩගම වූ කලී වර්තමාන අදහස් අනුව නාට්‍ය සංඛ්‍යාවෙහිලා ගිණිය හැකි නොවන බව යට කරන ලද විස්තරයෙන් පෙනේ.
අංග සම්පූර්ණ නාට්‍යයට ළංවන්නේ අතරින් පතර තිබෙන සංවාද කොටස් පමණී. සිංදු හා නැටුම් හැර පාත්‍ර වර්ගයාගේ වේෂ්ටා නිරූපණය ඉතා අඩුය. කතා වස්තුවද රීතිය අනුව ගළපා නැත. ජවනිකා වශයෙන් හෝ අංක වශයෙන් හෝ බෙදා නැත. පොතේ ගුරුගේ වර්ණනාව අනුව ජවනිකාවද වෙනස් වෙයි. නාඩගම් බොහෝ විට මුළු රෑම නටමින්, සමුද්‍ර යාත්‍රාද, වනාන්තරද, රාජ සභාද, යුද්ධද, ගීත, වාදන, නෘත්‍ය යන තුනෙහි ආධාරයෙන් ශ්‍රෝතෘ ජනයාගේ ඇස් හමුවේ නිර්මාණය වේ. සමහර තැන්වල ගැඹුරු භාෂාවෙන් කියන වාසගම් පදවල උපකාරයෙන් වෘත්තාන්තයෙහි අඩුතැන් පිරවෙයි. එකෙකු කතාන්දරයක් කියන විට අනිත් අය ඇවිත් කතාවෙහි නායිකාවන් හා නායකයන් අතර පෙනී සිටින, නාට්‍ය විකාශනයෙහි අංකූර අවස්ථාවකටය නාඩගම අයත් වන්නේ. කෝලම වූ කලී, නාට්‍ය පරිණාමයෙහි මීටත් වඩා පැරණි බීජ අවස්ථාවන්හි ඇති වූවක් සේ සැලකිය හැකිය"
නාඩගම් සම්ප්‍රදායේ තිබූ ඒකාකාරි ස්වරූපයත්, කර්ණාටක සංගීතය ඒකාකාරි ලෙස පරිහරණය කර තිබීම නිසාත් ක්‍රමයෙන් නාඩගම් සම්ප්‍රදාය පරිහානියට පත්වුණු බව පෙනේ. 19 වන සියවසේ අග භාගයේ පළ කරන ලද පුවත්පත්වලින් නාඩගම් සම්ප්‍රදාය ගැන ඇතැම් සාමාජික හේතු නිසා ඒ ගැන අප්‍රසාදයක් පළ වී තිබුණු බව හෙළි වේ. බහුබූතයා, සෙල්ලම් ළමා වැනි චරිත අසභ්‍ය කතා කීමත්, නාඩගම් නළුවන් මත්පැන් පානය කිරීමත්, එමෙන්ම ඔවුන් අමිහිරි හඬින් ගී ගැයීමත් වැනි තවත් සාමාජික හේතු මෙම කලාංගයේ පරිහානියට හේතු වූ බව පෙනේ. නාඩගම් කලාවේ ඇති වූ පරිහානියට ප්‍රතික්‍රියාවක් වශයෙන් 19 වන සියවස අවසාන කාලයෙහි නූර්ති නම් රංග කලාව ප්‍රවේශ විය.
නාඩගම් රංග භූමිය
පැරණි නාඩගම්වල පොදුවේ එන තවත් නළුවෙක් නම් බෙරවායාය. ඔහුද කෝලමින් පැවත එන්නකු සේ පෙනේ. මෑත නාඩගම්වල බෙරවායෙකු වෙනුවට රජුගේ හඬ දූතයා නමින් නළුවෙක් එයි. ඇතැම් විට හඬ දූතයෝ දෙදෙනෙක් එති. එයින් පසුව රාජසභා ඇමති කරලියට පැමිණේ. රජු අසුන් ගැනීමෙන් පසුව නාඩගමේ පූර්ව භාගය අවසන් වේ. එයින් පසුව නාඩගමේ දෙවන කොටස ආරම්භ වේ. එය නාට්‍යමය කතා වස්තුව වේ. උදාහරණයක් ලෙස වෙස්සන්තර කතා වස්තුව දැක්විය හැකිය.
එදිරිවීර සරත්චන්ද්‍ර මහතා "කපුවා කපෝති" නාට්‍ය පොතෙහි හැඳින්වීම තුළ නාඩගම් රංග ශෛලිය පිළිබඳ පැහැදිලි විස්තරයක් සඳහන් කොට තිබේ.
"නාඩගම වූ කලී වර්තමාන අදහස් අනුව නාට්‍ය සංඛ්‍යාවෙහිලා ගිණිය හැකි නොවන බව යට කරන ලද විස්තරයෙන් පෙනේ.
අංග සම්පූර්ණ නාට්‍යයට ළංවන්නේ අතරින් පතර තිබෙන සංවාද කොටස් පමණී. සිංදු හා නැටුම් හැර පාත්‍ර වර්ගයාගේ වේෂ්ටා නිරූපණය ඉතා අඩුය. කතා වස්තුවද රීතිය අනුව ගළපා නැත. ජවනිකා වශයෙන් හෝ අංක වශයෙන් හෝ බෙදා නැත. පොතේ ගුරුගේ වර්ණනාව අනුව ජවනිකාවද වෙනස් වෙයි. නාඩගම් බොහෝ විට මුළු රෑම නටමින්, සමුද්‍ර යාත්‍රාද, වනාන්තරද, රාජ සභාද, යුද්ධද, ගීත, වාදන, නෘත්‍ය යන තුනෙහි ආධාරයෙන් ශ්‍රෝතෘ ජනයාගේ ඇස් හමුවේ නිර්මාණය වේ. සමහර තැන්වල ගැඹුරු භාෂාවෙන් කියන වාසගම් පදවල උපකාරයෙන් වෘත්තාන්තයෙහි අඩුතැන් පිරවෙයි. එකෙකු කතාන්දරයක් කියන විට අනිත් අය ඇවිත් කතාවෙහි නායිකාවන් හා නායකයන් අතර පෙනී සිටින, නාට්‍ය විකාශනයෙහි අංකූර අවස්ථාවකටය නාඩගම අයත් වන්නේ. කෝලම වූ කලී, නාට්‍ය පරිණාමයෙහි මීටත් වඩා පැරණි බීජ අවස්ථාවන්හි ඇති වූවක් සේ සැලකිය හැකිය"

නාඩගම් රංග භූමිය
නාඩගම් රංග භූමිය කරලිය නමින් හැඳින්වේ. මෙම රංග භූමිය පස් ගොඩ ගැසීමෙන් පොළොව මට්ටමෙන් උස් කොට, අර්ධ කවාකාරව තනන ලද්දකි. කරළිය පිටතට නෙරා එන්න සලස්වා ඊට යාබද පොල්අතු මඬුවක් තනනු ලැබේ. මේ මඬුවේ වහල ඉදිරියට විත් කරළිය ආවරණය කරන අයුරින් කණු දෙකක් සිටුවා සාදති. මඬුවත්, කරළියත් අතර සිතුවම් කරන ලද තිර දෙකක් තුනක් එල්ලා තිබේ. මෙම තිරවලින් කරළියත්, මඬුවත් වෙන් කෙරේ. මෙවැනි චිත්‍ර වස්ත්‍ර ව්‍යවහාරයට ගැනීමට පෙර පිටුපසින් වූයේ කඩතුරාවක් පමණී.
නේපථ්‍යාගාරයක් වශයෙන් පාවිච්චි කරනු ලැබූ මෙම මඬුවෙහි සිට නළුවන් කරළියට ආහ. පොතේ ගුරුන්නාන්සේ කරළියේ පිටුපසට වෙන්නට අත්වැල් ගායක කණ්ඩායම සමග සිටිති. ප්‍රේක්ෂකාගාරය වශයෙන් පාවිච්චි කරනු ලැබුවේ එළිමහන් බිමය. වැඩිදෙනා එහි බිම හිඳගත්හ. සමහරුන් සඳහා අසුන් පනවා තිබුණි. ඇතැම් කාලයක මේ ප්‍රේක්ෂකාගාරය පොල් අතු වැටකින් කොටුකර ඇතුල් වෙන්නන් සඳහා මුදලක් අයකරනු ලැබීය. පොතේ ගුරුන්නාන්සේ සිටින තැනට අනික් පස වාදක කණ්ඩායම හා අත්වැල් ගායකයෝ බිම හිඳගෙන සිටිති. මද්දල් වාදකයෝ දෙදෙනෙක්ද, හොරණෑ ගසන්නෙක්ද, කයිතාලම් ගසන්නෙක්ද, වාදක කණ්ඩායමට අයත් වෙති. බෙර දෙකේ කඳන් එකක් අනිකට යාබදව තබා වාදකයෝ මුහුණට ලා හිඳගෙන අඩුතාල හා වැඩිතාල වාදනය කරති.
නාඩගම් රංග ශෛලියේ විශේෂ ලක්ෂණ

01. අර්ධ වෘත්තාකාර වූ රංග භූමියක් යොදා ගැනීම.
02. පූර්ව රංගනය නම් වූ ස්ථාවර පාත්‍රයින්ගේ පැමිණීම හා ඔවුන්ගේ රංග කාර්යයන්.
03. දක්ෂිණ භාරතීය සංගීතය ආභාෂයෙන් යුත් රාග තාලවලින් යුක්ත වීම.
04. පොතේ ගුරු හා අත්වැල් ගායක කණ්ඩායම මගින් නාට්‍ය ඉදිරිපත් කිරීම.
05. විචිත්‍ර තිර භාවිත කිරීම.
06. විචිත්‍රවත් රංග වස්ත්‍ර, අංග රචනය වැනි රංග ශිල්ප භාවිතය.
07. එක් නාඩගමක් රාත්‍රී කිහිපයක් පුරා රඟ දැක්වීම.
08. වෙස් මුහුණු භාවිතයට නොගැනීම.