කෝලම් නාට්‍යවල නළුවන් රංග භූමියට පිවිසෙන අනුපිළිවෙළ මෙසේය.
1. කාරිය කරවන රාල හෙවත් සබේ විදානේ
කාරිය කරවන රාල පියවි ස්වභාවයෙන් සබයට අවතීර්ණ වෙයි. එසේ අවුත් පොත කියවීමට පටන් ගනී. ත්‍රිවිධ නමස්කාරයෙන් අනතුරුව කෝලම් උපත පිළිබඳ විස්තරයක් කවියෙන් කියවෙයි. කාරිය කරවන රාලට ඉන්පසු නියම වන්නේ සබයට පැමිණෙන කෝලම් නළුවන් හා කතාබස් කිරීම, ඔවුන් සබයට හඳුන්වා දීම යනාදි කටයුතුය.
2. අණබෙර කෝලම
අණබෙරකරු පනික්කලේ යන නමින් ද හඳුන්වයි. මොහු රතුපාට පච්චවඩමක් පැළඳගෙන සිටී. කුඩා දවුලක් කරේ එල්ලාගෙන සැරයටියකින් වාරු දිදී පැමිණෙයි. ජටාවක් බඳියි. ඇතැම් වෙස් මුහුණුවල ජටාව වෙස් මුහුණේම කැටයම් කර ඇත. ඇතැම් කෝලම් නැටුම්කරුවෝ රැවුලක් සහිත වෙස් මුහුණු පළඳිති.
අණබෙරකරු සබයට පැමිණෙන්නේ බීමත්වය. අණබෙර කෝලම හඳුන්වා දෙන්නේ මෙම කවියෙන්ය.
අණබෙරකරු සබයට පැමිණෙන්නේ බීමත්වය. අණබෙර කෝලම හඳුන්වා දෙන්නේ මෙම කවියෙන්ය.
බීමත ලෙසින්නේ
දවුල උරලා ගන්නේ
නොහැර වෙව්ලන්නේ
මෙවර අණබෙර ගුරා එන්නේ
දවුල උරලා ගන්නේ
නොහැර වෙව්ලන්නේ
මෙවර අණබෙර ගුරා එන්නේ
සැරයටිය අතකට
දවුල ලා ගෙන උරපිට
ගන් ගන් වලම සිට
කරයි අඬබෙර රාජ පනතට
3. නොංචි කෝලම
දවුල ලා ගෙන උරපිට
ගන් ගන් වලම සිට
කරයි අඬබෙර රාජ පනතට
3. නොංචි කෝලම
අණබෙරකරුගේ බිරිඳ නොංචි අක්කා නමින් හැඳින්වේ. නොංචි අක්කාගේ චරිතය එක් අතකින් හාස්‍යයෙත් තවත් අතකින් උපහාසයත් නිරූපණය කරන සේ සකස් වී ඇත. මැයගේ වෙස් මුහුණ තුළට ඒ හැඟුම් කාවද්දා තිබෙන්නේ සියුම් ලෙසය.

පුංචි වයසෙන් පසුවන්නේ
කොංචි මා විසිනේ
නොංචි අක්කා එන්න එන්නේ
කටේ දත් වැටෙමින
කබත් කුණු කෙල පෙරමින
ගතත් වෙව්ලා ගෙන
නොංචි අක්කා ඒය දුවගෙන
කබත් කුණු කෙල පෙරමින
ගතත් වෙව්ලා ගෙන
නොංචි අක්කා ඒය දුවගෙන
නොංචි අක්කාගේ දත් වැටුණු කට නිසා හාස්‍ය මතු කරයි. තවද වැහැරී ගිය පියවුරු නිරූපණය කිරීම සඳහා මඤ්ඤොක්කා අල දෙකක් එල්ලා තිබේ.
නොංචි අක්කාත් කාරිය කරවන රාලත් අතර ප්‍රථමයෙන් සංවාදයක් ඇති වේ.
කාරිය කරවන රාල : "නොංචි අක්කේ"
නොංචි අක්කා : (වටයක් යයි) පසුව කාරිය කරවන රාලට මෙසේ පවසයි. "මල්ලියේ මොකද කතා කළේ?"
කාරිය කරවන රාල : (තමන් මල්ලියේ යි අමතනු ලැබීම ගැන උරණ වී නොංචිට පහර දෙන්නට යයි)
නොංචි අක්කා : "ඒකයෑ පොඩි මහත්තයා, (ගරු නම්බු දී කතා කරන්නට පටන් ගනී) මං ගියා උදේම මොරටුවට. පලා කඩන්න ගිහින් එනකොට දවුලත් නෑ කඩිපුකත් නෑ. ගෙදර උන්න දුක්කිනිත් නෑ. දුක්කිනියගේ අප්පත් නෑ. පොඩි මහත්තයා එහෙම උන්ව දැක්කේ නැද්ද?" (කඩිපුක යනු කඩිප්පුවද, මොරටුව යනු කොරටුවද වන්නේය. හාස්‍යයට වචන දෙපිට පෙරළා ගන්නේ එසේය)
හේවා කෝලම

හේවා කෝලම යනු සියුම් ලෙස හාස්‍ය මතු කරන වෙස් මුහුණකින් යුත් නැටුමකි. මොවුන් කඩු අතේ දරා සිටිති. මොවුන්ගේ මුහුණු කූඩැල්ලන් කා විකෘති වී තිබේ. මේ නිසා හේවායාගේ බිරිඳට ඔහුව හඳුනාගත නොහැකිය.
හේවා කෝලම හඳුන්වන්නේ පහත කවිවලින්ය.

සිටින තනතුරු ලැබගෙන
නමින් බඩ ජලයන
බොළඳ මුක්කං කුණෙක් දැං එන
කඟ පලඟ අතකට
ගත් සැරටිය සුරතට
වෙන කෝලම් කුමට
වරෙන් හේවා රාල හනිකට
ගත් සැරටිය සුරතට
වෙන කෝලම් කුමට
වරෙන් හේවා රාල හනිකට