සොකරි : සොකරි ඉතාමත් රූමත් කාන්තාවකි. සොකරි අම්මා, සොකරිය, ගුරුහාමිනේ යන නම්වලින් ඈ අමතනු ලබන්නීය. සොකරි උඩරට සාරිය ඇඳ, කැපී පෙනෙන ලෙස කොණ්ඩය බැඳ, කූරු ගසා, පබළු මාල හා අත් වළලු පැළඳ සිටී. සොකරියගේ චරිතය රඟපානු ලබන්නේ පිරිමි නළුවකු විසිනි. ඒ නිසාම මෙම චරිතය නරඹන්නා හට අපූර්වත්වයෙන් යුක්ත දසුනකි.
පරයා හෙවත් පච්චමිරා :
පරයා, රාමා ලෙස හඳුන්වනු ලැබේ. මොහු ගුරුහාමිගේ මෙහෙකරුවායි. සොකරි නාටකයේ ඉතාමත් සක්‍රිය චරිතය ලෙස පරයාගේ චරිතය හැඳින්විය හැකිය. පරයා සුදු රෙද්දකින් ජෝතියක් හැඳ සිටින අතර සමහර පළාත්වල තේ වතු කංකානම් කෙනෙකුගේ ඇඳුමට සමාන කොටකලිසමක් හා සාක්කු ඇති අත්දිග කමිසයකින් සැරසී සිටී. සිංහල බස වරද්දවා හසුරුවන මොහු සොකරි නාටකය පුරා හාස්‍ය රසය ඉස්මතු කරලීමට දායක වේ. කොලොන් කොළයෙන් හෝ පුවක් කොළපුවෙන් කැපූ වෙස් මුහුණක් පරයා පළඳී.
වෙදරාල :
වෙදරාල විශාල රැවුලක් සහිත කුදු මිනිසෙකි.
ලිහිල් වෙස් මුහුණක් ඇතැම් විට පළඳී. කෝට් එකකින් හා සරමකින් සැරසී සිටී.
සොත්තානා හෙවත් සොක්කා :
සොත්තානා හෙවත් සොක්කා :
මොහු වෙදරාලගේ ආවතේවකරුවාය. පැඳුරක් කිහිල ගන්වාගෙන සරමක් කොටට හැඳගත් මොහු රූකඩයක් වැනිය. සෑම චරිතයක්ම පිරිමින් විසින් රඟ දැක්වීම සම්ප්‍රදාය වේ. දෙපාවල ගෙජ්ජි පැළඳීම විශේෂයි. සොකරිගේ චරිතය හැර අනික් සෑම චරිතයක්ම පාහේ වෙස් මුහුණු භාවිතා කරයි. එහෙත් සමහර පළාත්වල වෙස් මුහුණ භාවිතා නොකරන අවස්ථා දක්නට ලැබේ.
කතාව රඟ දක්වන්නේ අනුරූපණ මාර්ගයෙනි. පසුබිම් කවි ගායනා සේම සංවාද සහ අභිරූපණ රංගන ක්‍රමද යොදා ගනී. ගමන්තාල බොහෝ විට නාටකය පුරාම දක්නට ලැබේ. සංස්කෘත නාට්‍යවල එන "පරිස්ක්‍රමණ" අවස්ථා සොකරි නාටකය තුළත් දක්නට ලැබේ. පරිස්ක්‍රමණය යනු රංග භූමියේ වටය ගොස් නළු නිළියෝ සිටින ස්ථානය වෙනත් ස්ථානයක් බවට පත්කර ගැනීමයි.

මුඛරි සංවාද, උත්ප්‍රාසාත්මක, හාස්‍යජනක අභිරූපණ යනාදියට වැඩි අවධානයක් යොමා ඇති බව පෙනෙයි. ඇතැම් අවස්ථාවලදී රංග භාණ්ඩ භාවිතයට ගැනේ. උදාහරණයක් ලෙස කෙහෙල් පිතිවලින් සාදා ගන්නා නැව සඳහන් කළ හැකිය. වචන උච්චාරණය වැරදි ලෙස භාවිතා කරමින් හාස්‍ය රසය මතු කරයි. උදාහරණයක් ලෙස ලේලි යන්න ලෑලි වශයෙන්ද, හොරණෑව හොරණෑයෝ වශයෙන්ද භාවිතා කිරීම පෙන්වාදිය හැකිය.
සොකරි නාටක රංග ශෛලියේ විශේෂ ලක්ෂණ
01. අනුකරණ මාධ්‍යයෙන් කතා පුවත ඉදිරිපත් කිරීම.
02. කමත රංග භූමිය ලෙස භාවිතා කිරීම.
03. උඩරට නැටුම් සම්ප්‍රදායට අනුව සරල ලෙස නිර්මාණය කර යොදා ගැනීම.
04. ගැමි රංග භාණ්ඩ සරල ලෙස නිර්මාණය කර යොදා ගැනීම.
05. සරල වෙස් මුහුණු භාවිතය.
06. සීමිත චරිත ප්‍රමාණයක් තිබීම.
07. පිරිමි පමණක් චරිත නිරූපණයෙහි යෙදීම.