දොඩම් කපාලා ඇඹුල් තනාලා
නාන්ට යන සැටි බලන් කළු
සේලේ ඇඳලා නෙරිය තියාලා
මිඳුලේ සක්‌මන් කරයි කළු
දහසක් දීලා වළලු තනාලා
දෑතේ අතලා බලයි කළු
දුනුකේ මල සේ උළුගෙයි ඇඳ පිට
ඔළිඳ කෙළින සැටි බලන් කළු
නාන්ට යන සැටි බලන් කළු
සේලේ ඇඳලා නෙරිය තියාලා
මිඳුලේ සක්‌මන් කරයි කළු
දහසක් දීලා වළලු තනාලා
දෑතේ අතලා බලයි කළු
දුනුකේ මල සේ උළුගෙයි ඇඳ පිට
ඔළිඳ කෙළින සැටි බලන් කළු