පණ්ඩුකාභය කුමාරයා

 Link 

 

පඩුවස්දෙව් රජුට සහ භද්දච්චායන බිසවට පුතුන් දස දෙනෙකු සහ චිත්‍ර නම් දියණියක විය. රූපයෙන් අගතැන්පත් වූ චිත්‍රා කුමරිය දුටුවන් මන්මත් කරවූ නිසා 'උන්මාදචිත්‍රා' නමින් ප්‍රකට විය.

චිත්‍රා කුමරිය උපන් මොහොතේ නැකැත් කරුවන් විසින් පළකළ අනාවැකියකට අනුව ඇයට පුතෙකු ඉපදෙන බවත් එම කුමරු පසුකලෙක මාමාවරුන් මරා ලක්දිව රජවෙන බවත් පැවසිණි. මේ පුවත දැනගත් චිත්‍රාකුමරිගේ සොහොයුරන් ඇය මරා දැමීමට සැරසුණි.

නමුත් වැඩිමහල් සොහොයුරු අභය කුමරුගේ මැදිහත් වීමෙන් ඇයට ජීවිත දානය ලැබුණි. පිටස්තර කිසිවෙකු ඇසුරු කිරීමට නොහැකි වන සේ ඇය එක්ටැම් ගෙයක සිරකර තැබීය. එක්ටැම්ගෙයි ආරක්ෂාවට චිත්‍රරාජ සහ කාලවේල යන යක්ෂ ගෝත්‍රිකයන් දෙදෙනා යොදවනු ලැබීය.

මේවන විට රජවාසල සේවයේ යෙදී සිටි දීඝගාමිණී කුමරු සහ චිත්‍රා කුමාරිය ආදරයෙන් බැඳුන අතර චිත්‍රරාජ සහ කාලවේල දෙදෙනාගේ උපකාරයෙන් චිත්‍රා කුමරිය රහසින් ඇසුරු කළේය. මේ නිසා කාලයක් ඇවෑමෙන් ඇය පුත් කුමරෙකු බිහිකළාය. එම කුමරු පණ්ඩුකාභය නම් විය. කුමරුවාගේ ආරක්ෂාව පතා ඔහු දොරමඩලාව නම් ගමට දාසියක අත පිටත්කර යැවීය. එම අවස්ථාවේ දී කිහිපවරක්ම මරණයෙන් ගැළවුණ මේ කුමරු පණ්ඩුල නම් බමුණෙකුගෙන් ශිල්ප හදාරා සේනා සංවිධානය කොට මාමාවරු පරාජය කර අනුරාධපුය පාලන මධ්‍යස්ථානය කර ගනිමින් රජවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017