තම්මැට්‌ටම
 
 

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන නැටුම් සම්ප්‍රදායන් තුනටම පොදු වූත් සෑම ප්‍රදේශයකම බහුල වශයෙන් යොදා ගැනෙන ප්‍රචලිත වාද්‍ය භාණ්‌ඩයකි තම්මැට්‌ටම. පොකුරු බෙරය යනු තම්මැට්‌ටම සඳහා ව්‍යවහරයේ පවතින තවත් නමකි. විතත ඝනයට අයත් මෙම බෙර වර්ගය අන් බෙර වලට වඩා සුවිශේෂී වන්නේ එහි කොටස්‌ දෙකකින් යුක්‌ත වීමයි. හේවිසී වාදනයේ දවුලත් සමග වාදනය කරන මෙම භාණ්‌ඩය දවුලත් සමග මනා සුසංයෝගී පද නිපදවයි. 
 
දකුණු ඇස වම් ඇසට වඩා විශාලය. වම් ඇසෙන් උපදින ප්‍රධාන හඩවල් වන්නේ, දොන් කුන් තොන් යන හඬවල් ය. දකුණු ඇසින් ජෙන්, කිට,කෘන් වැනි හඬවල් ඉපදේ.
 
මෙහි කඳ සකස්‌ කරගන්නේ කොස්‌, ඇහැළ, මිල්ල වැනි ලී කොට භාවිතා කරමිනි. බෙර ඇස්‌ සඳහා තද හමක්‌ භාවිතා කරයි. බොහෝවිට හරක්‌ හෝ මුව හම් මේ සඳහා භාවිතා කරනු ලබයි. මෙහි වර පටි පලලින් හා ඝණ කමින් වැඩිය. බෙර ඇසේ සම තද කර ගැනීම සඳහා වර්පටි අතරට කොට්‌ට නමින් හදුන්වන ලී කැබලි රඳවයි.
(c) Shilpa Sayura Foundation 2006-2017