ගැමි කලා (Rural Arts)
 

ගැමි කලා (Rural Arts)


ගැමි සමාජ ක්‍රමය තුළ තිබෙන්නා වූ සාහිත්‍යය, සංගීතය, චිත්‍ර, මූර්ති, නාට්‍ය ආදී කලා මේ යටතට වැටේ. ලංකාවේ ජ කතා හා ජන කවි, ගැමි සාහිත්‍ය කලාව ලෙස ද, ජන ගායනා හා ජන කවි ගැමි සංගීතය ලෙස ද, බිලි චිත්‍ර, බලි ඇඹුම් නුවර යුගයේ පන්සල් චිත්‍ර හා වෙස් මුහුණු ආදිය ගැමි චිත්‍ර හා මූර්ති, කලාව ලෙස ද, සොකරි, කෝලම් හා නාඩගම් ආදිය ගැමි නාට්‍ය කලාව වශයෙන් ද නිදසුන් කොට දැක්විය හැකිය.



මෙම ගැමි කලාවන් මටසිලුටු බවින් අඩු වීමත්, මිනිසා විසින් පවත්වාගෙන ඇති ඇතැම් සීමාවන් අතර ඇති ඉඩ පටු වී තිබීමත්, බොහෝ විට මිනිස් සිතෙහි භාවමය පැත්ත හා පමණක් සම්බන්ධ වීම හේතුවෙන් ඔහුගේ විඥානය පුළුල් කිරීමෙහි ඇති ශක්තිය අතින් හීන වීමත් නිසා මේවා ලලිත කලා යටතට ගනු ලැබේ. අනුරාධපුර යුගයේ චිත්‍ර හා මූර්ති කලාව ලලිත කලා වශයෙනුත්, එයට වඩා සියවස් ගණනාවක් අලුත් වූ නුවර යුගයේ චිත්‍ර ගැමි කලාවන් වශයෙනුත් හඳුන්වනු ලැබේ. එයට හේතුව වන්නේ නුවර යුගයේ චිත්‍ර තුළ චිත්‍ර කලාව තුළ තිබිය යුතු ශාස්ත්‍රිය අංග ලක්ෂණ නොතිබීමයි. එනම් එළිය, අඳුර, ත්‍රිමාණ බව, පර්යාවලෝකය වැනි ලක්ෂණයන් ය. එහෙත් අමතක නොකළ යුතු කාරණයක් ඇත. එනම් සෑම ලලිත කලාවක්ම ආරම්භ වී ඇත්තේ ගැමි කලාව පදනම් කරගෙනය.

 

(c) Shilpa Sayura Foundation 2006-2017