කබුකි නාට්‍යයේ වේදිකා උපකරණ භාවිතය
 

විශාල වේදිකා උපකරණ "ඕදෝගු" නමින් ද, කුඩා වේදිකා උපකරණ "කෝදෝගු" යනුවෙන් ද හඳුන්වනු ලැබේ. වහලේ සිට පහළට එල්ලෙන්නට ඇති සකුරා මල් කලඹ ඕදෝගු වර්ගයට අයත් වේ. නළුවන් අතේ තබාගෙන පාවිච්චි කරන භාණ්ඩ කෝදෝගු වර්ගයට අයත් වේ. මීට උදාහරණයක් වශයෙන් අසිපත දැක්විය හැකිය. මීට අමතරව කබුකි වේදිකාවේ තිරය හරින විට "තී" යනුවෙන් හඳුන්වනු ලබන චතුරස්‍ර හැඩයෙන් යුක්ත ලී පතුරු දෙකක් එකට ගසනු ලබයි.


නළුවන්ගේ ඇඳුම් පැළඳුම්


කබුකි නළුවන්ගේ ඇඳුම් පැළඳුම් සිත් ඇදගන්නා සුළු වර්ණවත් ගුණයෙන් පමණක් නොව චරිතය නියෝජනය කරන සාමාජිකත්වය හා චරිත පෞරුෂත්වය ගොඩ නැගීමට සෑම අතින්ම උචිත විය. කබුකි නාට්‍යවල ඇඳුම් පැළඳුම් වූ කලී එහි වඩාත් ප්‍රේක්ෂකයන් මෝහනය කරන සුලු චමත්කාරජනක අංගයකි. නළුවන් හැඳ පැළඳ සිටි ඇඳූම් පැළඳුම් ඇසුරින් ඔවුන් රඟන චරිත ක්‍රියාවලිය කුමක් ද, යනු පහසුවෙන්ම හඳුනා ගත හැකි විය. රතු කුමාරවරුන්ගේ චරිත රඟපෑ නළූවෝ "විජිනිපතක" හැඩයෙන් යුත් රතු සළුවක් පැළඳි අතර හිසෙහි රිදී වර්ණ මකුටයක් පැළන්ඳාය.

පිරිමි සහායකයෝ දීප්තිමත් වර්ණයෙන් යුත් උඩ කබායක් ඇන්දාහ. පුද්ගල චරිත ක්‍රියාවලින්ට අනුව වර්ණ හා හැඩය සැකසුණේය. සාම්ප්‍රදායික රාජකීය නිලතල දැරූ නිලධාරිහු හැම විටම කණ්ඩායමක් ලෙස පෙනී සිටි අතර සාමාන්‍යයෙන් තද කළු පැහැයෙන් රිදී පාට ඇඳුම්වලින් සැරසුනාහ. ස්ත්‍රී, පුරුෂ නාගරික ජනයා තනි වර්ණයකින් යුත් ඇඳුමකින් සැරසුනාහ. වර්ණය හා හැඩය තීරණය කරනු ලැබු ඉහළ පන්තියේ ප්‍රභූන් විසින් අඳිනු ලැබූයේ විශේෂයෙන් සැකසුණු සුඛෝපභෝගි ඇඳුම් පැළඳුම්ය. ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයම හවරි පළඳින ලදී.

වේශ නිරූපණය


කබුකි නාට්‍යවල වේශ නිරූපණය ප්‍රේක්ෂකයන් ආකර්ශනය කර ඇද බැඳ තබා ගැනීමේ එක් වැදගත් අංගයක් විය. රීතියක් වශයෙන් "සෙවමොනො" නාට්‍යවල වේශ නිරූපණය "ජීදයි මොනො" නාට්‍යවලට වඩා යාථාර්ථ රූපි වූයේය. තරුණියන්, ආර්යාවන් හා රාජසභා කාන්තාවන් යන චරිත රඟ පෑ "ඔන්නගත" නළුවෝ වේශ නිරූපනයේ දැඩි බලපෑමට ලක්වූහ.

පසුතල නිර්මාණය


කබුකි නාට්‍යයේ පසුතල නිර්මාණය අලංකාරයෙන් හා වර්ණවත් බවෙන් ඉහළය. වැඩි වශයෙන් කබුකි වේදිකාවේ පසුබිම වූයේ නිවහනක, මාලිගයක හෝ යුධ අට්ටාලයකට වේදකාවක ඇතුළත කොටස ලෙස සලකනු ලැබීය. වේදකාව තුළ නළුවන් පැමිණිය හැකි, අතුරුදන් විය හැකි රහස් දොරටු පිහිටියේය.

කබුකි සංගීතය


කබුකි නාට්‍යවල නවතාවයකින් යුක්ත වූ සංගීතය අගය කළ යුතු අංගයකි. වේදිකාව මත සංගීතඥයෝ රැඳී සිටි ප්‍රදේශය "ගෙගා" යනුවෙන් නම් කරනු ලැබූ අතර එම වචනයම කබුකි නාට්‍ය සඳහා යොදා ගන්නා සංගීතය වර්ග තුනකට වෙන් කළ හැකිය.


1. අයිකත - පසුමිම් සංගීතය (සම්සෙන් නමැති සංගීත භාණ්ඩයෙන් හඬ උපදවා ගනී)
2. සංගීතය සමඟ මිශ්‍ර වූ ගීත ගායනා
3. නරි මොනො - ලී නළාව, බෙර, රබන් හඬ සංකලනය

මේ සියල්ල එකතු වී පසුබිම් සංගීතය නිර්මාණය වේ. අතිශයින් අමරණීය වූ බස නිසා මේවායේ කාව්‍යමය ස්වරූපය තීව්‍ර විය.

(c) Shilpa Sayura Foundation 2006-2017