උඩරට නැටුම් සම්ප්‍රදායට පමණක් ආවේණික වූ ආතත ගණයට අයත් අවනද්ධ වර්ගයේ වාද්‍ය භාණ්‌ඩයකි. ගැට බෙරය යන නම ලැබී ඇත්තේ, එහි බාහිර පෙනුමෙන් පෙනෙන හැඩය මැදින් උස්‌වූ ගැටයක් වැනි ස්‌වභවයක් ගන්නා බැවිනි.
දැව හා සම් වලින් නිශ්පාදිතය. බෙර කඳ සකස් කරනුයේ, ඇහැළ , කොස්, ගංසූරිය, කොහොඹ වැනි විශේෂ දැව කොටයක් බාවිතා කරමිනි. බොහෝවිට හරක් හම් භාවිත කරමින් මෙහි වරපට, වෙනිවැර හා කැපුම් හම සකස් කරයි. බෙරයේ ඇස් ( බෙර තට්‌ටුව ) සඳහා දකුණු ඇසට වඳුරු, තලගොයි හෝ එළු හම්ද , වම් ඇසට හරක් හමක් ද භාවිතා කරයි.
බෙර කඳ සඳහා යොදාගන්නා කොටය ඇතුලත කුහරක් වන සේ හාරා ගනු ලබයි. මෙම කඳ හෑරීමෙදී නියමිත ප්‍රමිතියක් අනුව කරනු ලබයි. මෙම ප්‍රමිතියට හේතු වන්නේ බෙර හඬ හා නියමිත අක්‍ෂර වාදනයට හඬ ඉපදවීමට බෙර කඳේ කුහරය ප්‍රධාන සාධකයක් වන හෙයිනි. එලෙසම බෙර කදේ දිග පලල හා බෙර ඇස් වල දිග පළල විශ්කම්භයද නියමිත ප්‍රමිතියකට අනුව සාදනු ලබයි. ගැට බෙරය වියත් තුනක් හා අඟල් තුනක් දිග ඇතිව ( අඟල් 28ක් පමණ) සාදයි. වම් බෙර ඇස දකුණු බෙර ඇසට වඩා කුඩාය.
ගැට බෙරයෙන් නිපදවන හඬ ඊටම ආවේනික හඬක් වන අතර වෙනත් කිසිඳු බෙරයකින් මෙම හඬවල් නූපදියි. ගැටබෙරයෙන් උපදින ප්‍රධන අක්‍ෂර 4කි. මෙවා බිජාක්‍ෂර නමින් හැදින්වේ. ගැටබෙරයේ උපදුන ප්‍රධාන බීජාක්‍ෂර හතර නම්,
තත්, ජිත්, තොන්, නන්
මෙහිදී තත් හා තොන් අක්‍ෂර වම් බෙර ඇසින්ද, ජිත් හා නන් ස්‌වර දකුණු ඇසිනුත් ඉපදේ. බිජාක්‍ෂර වලට අමතරව ගර්භාක්‍ෂර හා අනුගර්භාක්‍ෂර ද ගැට බෙරයෙන් ඉපදේ. "ත,ට,ද,න" වැනි ගර්භාක්‍ෂරත්, "තරි, දිරි,කුඳ,ජිබ්ඩ වැනි අනුගර්භාක්‍ෂර ද ගැටබෙරයෙන් උපදී.
ආධුනික වාදන ශිල්පියා විසින් ගැට බෙර වාදනය ප්‍රගුණ කිරීමට නම් මූලික පද දොලොසකින් යුත් සරඹ මාලාවක් උගෙන ගත යුතුය. ශ්‍රී ලංකීය දේශිය වාද්‍ය භාණ්‌ඩ අතර ප්‍රධාන තැනක් මෙම ගැට බෙරයට හිමිය. ගැට බෙරයෙන් උපදින හඬ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය මැනවින් කියාපායි.

ගැටබෙරයේ ප්‍රධාන කොටස්
01. බෙර කඳ
02. වරපට
03. දකුණු ඇස
04. වම් ඇස
05. බෙර පුහුළ
06. කයිපුඩු වළල්ල
07. වෙනිවැර කැරැල්ල
08. කන්වරය
09. බෙර ලණුව
10. කැපුම් හම
11. සුරත් තට්‌ටුව