දේශීය වාද්‍ය භාණ්‌ඩවල සංස්‌කෘතික පදනම
 
ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ විවිධ වූ වාද්‍ය භාණ්‌ඩ විශාල වශයෙන් භාවිතා කළ බවට පැරණි පොත්පත් හා පැරණි චිත්‍ර කැටයම් සාක්‍ෂය දරයි. නමුත් වර්තමානයේ එකී බොහෝ වාද්‍ය භාණ්‌ඩයන් දක්‌නට නොලැබෙතත් විවිධ වර්ගවල විවිධ වාද්‍ය භාණ්‌ඩ්‍යන් අදටත් අප සතුව පවතී. මේ දේශීය වාද්‍ය භාණ්‌ඩ අතරින් බෙරයට ප්‍රමුඛ ස්‌ථානයක්‌ හිමිවේ. බෙරය වාද්‍ය භාණ්‌ඩය නැටුමට ගැයුමට මෙන්ම වෙනත් සමාජීය කර්තව්‍යන් සඳහා ද භාවිතා විය.
 
 * පණිවුඩ සන්නිවේදනය
 * මංගල අවමංගල අවස්‌ථා
 * ආගමික උත්සව අවස්‌තා
 * යුධ කටයුතු වලදී සේනා දිරිමත් කිරීමට
 * පුද පුජා
 
 වැනි ඉහතින් දැක්‌වූ සමාජීය අවශ්‍යතාවන් සඳහාද භාවිතා වූ වාද්‍ය භාණ්‌ඩයකි බෙරය. මෙසේ එදිනෙදා හෙල ජනයාගේ සාමාජිය හා සංස්‌කෘතික අංගයන් අතර ප්‍රධාන තැනක්‌ මේ වාද්‍ය භාණ්‌ඩ හිමි වූ තැන නිසාම අදටත් අපේ අනන්‍යතාවය පිළිබිඹු කෙරෙන අංශයක්‌ ලෙස බෙර වාදනය ඇතුලු තූර්ය වාදනයන් දැක්‌විය හැකිය.
(c) Shilpa Sayura Foundation 2006-2017