පංචතූර්ය භාණ්‌ඩ හැදින්වීම
 හැදින්වීම
වාදනය මුල්කොට ගෙන නැටුමක්‌ පවතී. කිනම් හෝ ගායනයක තාලය වයන්නේ තූර්ය භාණ්‌ඩයක්‌ හෝ කිහිපයක්‌ උපයෝගි කොට ගෙනය. පැරණි සාහිත්‍යන්ට අනුව මෙසේ වාදනය කරණ තූර්ය භාණ්‌ඩ නොහොත් වාද්‍යභාණ්‌ඩ පස්‌ වර්ගයකි. පංචතූර්ය භාණ්‌ඩය යන්නෙන් අදහස්‌ කරන්නේ මේ වාද්‍ය භාණ්‌ඩ පස්‌ වර්ගයයි. භාරතයේ සංගීත ශාස්‌ත්‍රයට අනුව විස්‌තර කෙරෙන තූර්ය භාණ්‌ඩ අර්ථකතනයන්ට වඩා වෙනස්‌ ආකාරයෙන් අපේ රටේ පැරැණ්‌නන් මෙම තුර්ය භාණ්‌ඩ වර්ග කොට ඇත. ඒවා නම්...
 

1. ආතතය
අතින් වයනු ලබන වාද්‍ය භාණ්‌ඩ ආතත වර්ගයට අයත් වේ.
උදාහරණ : බෙර, උඩැක්‌කි, රබන්, බුම්මැඩි ආදිය දැක්‌විය හැකිය.
 

2. විතතය
දෑතට ගත් යම් උපකරණයක්‌ මගින් වාදනය කරණ වාද්‍ය භාණ්‌ඩ මෙනමින් හැදින්වේ. මෙහිදී උපකරණයක්‌ ලෙස හැදින්වූයේ ලී දණ්‌ඩක්‌ හෝ කඩුප්පු යුගලයක්‌ හෝ දෑතට ගෙන වැයීමයි.
උදාහරණ : තම්මැට්‌ටම, තම්බෝරුව, දඬු බෙරය ආදියයි
 
3. විතතාතතය ( ආතත විතතය )
එක්‌ අතකින් ද අනෙක්‌ අතින් උපකරණයක්‌ ද රැගෙන වයන වාද්‍ය භාණ්‌ඩ මේ නමින් හැදින්වේ.
උදාහරණ : දවුල්, මහ දවුල්
 
4. ඝණය
ලෝහ මය ද්‍රව්‍යයකින් නිපදවා ඇති වාද්‍ය භාණ්‌ඩවේ.
උදාහරණ : ඝණ්‌ඨාර, මිණී ගෙඩි, තාලම් පොට, ගිගිරි වළලු,පන්තේරූ ආදියයි.
 

5. සුසිරය
කටින් පිඹිමින් වාදනය කරන භාණ්‌ඩ සුසිර වාද්‍ය භාණ්‌ඩ නමින් හැදින්වේ
උදාහරණ : සංකය, බටනලා, හොරනෑ, කොම්බු ආදී පිඹින භාණ්‌ඩ මේ වර්ගයට අයත් වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017