ඇත, නැත යන නිපාත යෙදීම
 

සමහර වාක්‍යවල ආඛ්‍යාතය වෙනුවට ඇත, නැත යන නිපාත යෙදේ. එවිට උක්‌තය උක්‌ත ස්‌වරූපයෙන්ම තැබේ.

මේ කාරණයට මම සම්බන්ධ නැත.
ඒ ගමි වැසියෝ ශීලාවාර නැත.
අත්තා තරම් මුත්තා උස නැත.
අප අතර සතුරෝ ත් ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017