"ක්‌යෝගෙන්" මධ්‍යතන අවධියේ සිටම "නෝ" නාට්‍යයත් සමග විකාශනයට පත් වූ හස්‍යෝත්පාදක නාට්‍ය කලාවකි. එකල සිටම "නෝ" හා "ක්‌යෝගෙන්" එකට රඟ දැක්වුණු බව සඳහන් වේ. හැම නාට්‍ය සංදර්ශනයකටම නෝ නාට්‍ය තුනකුත්, ක්‌යෝගෙන් නාට්‍ය දෙකකුත් ඇතුළත් විණි. න? නාට්‍ය දෙකක් අතර එක් ක්‌යෝගෙන් නාට්‍යයක් රඟ දැක්වීම සම්ප්‍රදාය විය. ක්‌යෝගෙන් වනාහි නෝ නාට්‍යයට වඩා හාත්පසින් වෙනස් වූ නාට්‍ය ක්‍රමයකි. එහි මුඛ්‍ය පරමාර්ථය ප්‍රේක්ෂකයා තුළ හාස්‍ය රසයක් ජනිත කිරීමයි. නෝ නාට්‍යයෙහි මෙන් නොව ක්‌යෝගෙන් නාට්‍යයෙහි සාමාන්‍ය ජනයාගේ එදිනෙදා ජීවිතය වටා ගෙතුනු පුවත් සුලභය. මෙහිදී දෙවි දේවතාවුන් ද, බලවතුන් ද, ඉහළ සමාජයේ අයද සාමාන්‍ය පුද්ගලයන් සේ නිරූපණය කිරීමට සිදුවේ. බොහෝ ක්‌යෝගෙන් නාට්‍යවල ස්වාමියා - සේවකයා, නැන්දා - බෑණා, මාමා - බෑණා, සැමියා - බිරිඳ ආදීන් අතර ඇතිවන ගැටුම් පදනම් වේ.
ක්‌යෝගෙන් නාට්‍යයේ සන්දර්භය බෙහෙවින් සරලය. එහි භාෂාව තත්කාලීන සමාජයේ කතා ව්‍යවහාරයෙහි පැවති භාෂාවට බොහෝ දුරට සමානය. කතා පුවත විකාශනය වනුයේ චරිත අතර සිදුවන ගද්‍ය සංවාදයේ මාර්ගයෙනි. එහෙත් කාව්‍ය භාෂාවෙන් ලියවුණු කොටස් තැනින් තැන හමුවේ. ඒවා නළුවන් විසින්ම ගායනා කරනු ලැබේ. බොහෝ ක්‌යෝගෙන් නාට්‍ය රඟපෑමේ දී කුඩා රංග භාණ්ඩ ප්‍රයෝජනයට ගනු ලැබේ. කෙසේ වුවද නෝ නාට්‍යවල හමුවන විශාල රංග භාණ්ඩ මෙහි දැකිය නොහැකි තරම්ය. ක්‌යෝගෙන් නාට්‍යයේ ඇතැම් කොටස් ශෛලිගත වුවද, ඇතැම් කොටස් ස්වභාවිකව ද රඟ දැක්වේ. වෙස් මුහුණු පැළඳවීම සුළු වශයෙන් සිදුකෙරේ. ක්‌යෝගෙන් නාට්‍යයක චරිත සංඛ්‍යාව සීමා රහිතය. බොහෝ නාට්‍යවලට චරිත දෙක තුනකට වඩා ඇතුළත් නොවේ. මෙහි ප්‍රධාන චරිතය "ෂිතෙ" නමින් ද, අප්‍රධාන චරිතය "අදො" නමින් ද හැඳින්වේ. මෙම නාට්‍ය පැයකට අඩු කෙටි කාලයක් තුළ දී රඟ දක්වා අවසන් වේ. ක්‌යෝගෙන් තුළින් පොඩි මිනිසාගේ ජයග්‍රහණයත්, ලොකු මිනිසාගේ පරාජයත් හුවා දැක්වේ. ඉන් බලවතුන්, පාලකයන්, පූජකයන්, නායකයන්, දෙවිවරුන් ආදීන් හාස්‍යයට ලක්කොට තිබේ. මනුෂ්‍ය දුර්වලකම්වලට සිනාසීම ක්‌යෝගෙන් නාට්‍යයේ මුඛ්‍ය පරමාර්ථය වූ බව පෙනේ. "පලතුරු කැඩූ තවුසා" (කකි යමබුෂි) නාට්‍යය ක්‌යෝගෙන් නාට්‍යයකට උදාහරණ ලෙස දැක්විය හැකිය.
නෝ රංග භූමිය
නෝ රංග භූමිය ප්‍රධාන කොටස් පහකින් සමන්විතය. එනම්,
1. බුතයි
2. ආතොෂ
3. ජී උතයිශ
4. හෂිගකරි
5. කගමිනොම
2. ආතොෂ
3. ජී උතයිශ
4. හෂිගකරි
5. කගමිනොම
1. බුතයි :- බුතයි යනු හතරැස් ලී කණු හතරකින් වටවුණු සමචතුරස්‍රාකාර ප්‍රදේශයකි. එහි එක් පසක දිග අඩි 19 යි අඟල් 5 ක් පමණ වේ. නාට්‍යයක ප්‍රධාන රඟපෑම සිදුවනුයේ මෙහිදීය. මෙය රංගපීඨය නමින් ද හැඳින්විය හැකිය.
2. ආතොශ :- රංගපීඨයේ පිටුපසින් පිහිටි කොටස ආතොශ නමින් හැඳින්වේ. එහි දිග අඩි 19 යි අඟල් 5 ක් වන අතර, පළල ඉන් හරි අඩක් පමණ වේ. මෙය රංග ශීර්ෂය යනුවෙන් නම් කළ හැකිය. මෙහි "හයෂි" නමින් හැඳින්වෙන වාදක පිරිසට අයත් සිවුදෙනා වමේ සිට දකූණට පහත දැක්වෙන පිළිවෙළින් වාඩි වී සිටිති.
පළමුව බටලී නළාව (මුළු) වාදනය කරන තැනැත්තා බිම වාඩි වී සිටී. දෙවනුව කුඩා අත් බෙරය (කො - ත්සුශුමි) වාදනය කරන තැනැත්තා අසුනක් මත හිඳගෙන සිටියි. ඔහු කුඩා අත්බෙරය වම් අතින් ඔසවාගෙන, දකුණු උරහිස මත තබාගෙන, දකුණු අතේ ඇඟිලිවලින් වාදනය කරයි. තුන්වෙනුව ලොකු අත් බෙරය (ඕ - ත්සුශුමි) වාදනය කරන තැනැත්තා අසුනක් මත හිඳගෙන සිටියි. ඔහු ලොකු අත්බෙරය වම් අතින් අල්ලාගෙන වම් දණහිස මත තබාගෙන දකුණු අතේ ඇඟිලිවලින් වාදනය කරයි. සිව්වෙනුව මධ්‍යම ප්‍රමාණයේ වටකුරු බෙරය (තයිකො) වාදනය කරන තැනැත්තා අනිත් තිදෙනාට මඳක් පිටුපසින් බිම වාඩි වී සිටියි.
3. ජී උතයිශ :- රංගපීඨයේ වම් පසින් පිහිටි කුඩා පෙදෙසකි. මෙහි දිග අඩි 19 යි අඟල් 5 ක්ද, පළල අඩි 3 ක්ද පමණ වේ. මෙහි එක් පැත්තක් රංගපීඨයට විවෘත වී ඇති අතර දෙපැත්තක් මිටි ලී වැටකින් වට වී ඇත. මෙහි අට දෙනෙකුගෙන් යුත් ගායක පිරිස බිම වාඩි වී සිටිති.
පළමුව බටලී නළාව (මුළු) වාදනය කරන තැනැත්තා බිම වාඩි වී සිටී. දෙවනුව කුඩා අත් බෙරය (කො - ත්සුශුමි) වාදනය කරන තැනැත්තා අසුනක් මත හිඳගෙන සිටියි. ඔහු කුඩා අත්බෙරය වම් අතින් ඔසවාගෙන, දකුණු උරහිස මත තබාගෙන, දකුණු අතේ ඇඟිලිවලින් වාදනය කරයි. තුන්වෙනුව ලොකු අත් බෙරය (ඕ - ත්සුශුමි) වාදනය කරන තැනැත්තා අසුනක් මත හිඳගෙන සිටියි. ඔහු ලොකු අත්බෙරය වම් අතින් අල්ලාගෙන වම් දණහිස මත තබාගෙන දකුණු අතේ ඇඟිලිවලින් වාදනය කරයි. සිව්වෙනුව මධ්‍යම ප්‍රමාණයේ වටකුරු බෙරය (තයිකො) වාදනය කරන තැනැත්තා අනිත් තිදෙනාට මඳක් පිටුපසින් බිම වාඩි වී සිටියි.
3. ජී උතයිශ :- රංගපීඨයේ වම් පසින් පිහිටි කුඩා පෙදෙසකි. මෙහි දිග අඩි 19 යි අඟල් 5 ක්ද, පළල අඩි 3 ක්ද පමණ වේ. මෙහි එක් පැත්තක් රංගපීඨයට විවෘත වී ඇති අතර දෙපැත්තක් මිටි ලී වැටකින් වට වී ඇත. මෙහි අට දෙනෙකුගෙන් යුත් ගායක පිරිස බිම වාඩි වී සිටිති.
4. හෂිගකරි :- රංග ශීර්ෂයේ දකුණු පසින් කැටපත් සහිත කාමරය (කගමිනොම) දෙසට මඳක් ඇල වී දිවෙන මාවතක් බඳු පෙදෙසකි. මෙහි දිග අඩි 33 - 52 අතර ප්‍රමාණයකි. මෙහි පළල අඩි 6 යි අඟල් 8 ක් පමණ වේ. මෙම මාවත දෙපසින් මිටි වැටවල් දෙකක් පිහිටා තිබේ. හෂිගකරි මාවත මගින් ප්‍රධාන රංග භූමිය, කැටපත් සහිත කාමරයටත්, පිටුපස පිහිටි නේපථ්‍යාගාරයටත් සම්බන්ධ වේ. මෙහි නේපථ්‍යාගාරය පිහිටා ඇත්තේ අපරදිග නාට්‍ය ශාලාවල මෙන්ම නාට්‍ය ගෘහයේ පිටුපසිනි. හෂිගකරි පෙදෙස නළුවන්ට හා වාදක පිරිසට රංගපීඨයට ඇතුළු වීමට හා ඉන් පිටවීමට තිබෙන මාර්ගයකි. මෙය රංග භූමියේම කොටසක් හෙයින් නළුවා මෙහි පිවිසි තැන් සිටම ඔහුගේ කාර්යය ආරම්භ වූ ලෙස සැලකේ. හෂිගකරි මාවත ඊටම විශේෂ වූ ෂිටි වූ වහලකින් යුක්තය.
5. කගමිනොම :- හෂිගකරි මාවතේ කෙළවර පිහිටි කාමරයකි. මෙය හෂිගකරි මාවතට පිවිසීමට සැරසී සිටින නළුවන් තාවකාලිකව රැඳී සිටින ස්ථානයයි. මෙහි බිත්තියේ සවිකොට ඇති විශාල කැටපත, රඟපෑමට සූදනම් වී සිටින නළුවන්ට අවසාන වරට තම හැඩරුව නැරඹීම සඳහා ප්‍රයෝජනයට ගැනේ. හෂිගකරි මාවතට පිවිසෙන ස්ථානයෙහි පිහිටි දොරටුවකි. මෙහි "අගෙමකු" නමින් හැඳින්වෙන තිරයක් වේ. මෙය නෝ නාට්‍ය රංග භූමියේ තිබෙන එකම තිරයයි.
මීට අමතරව රංග ශීර්ෂයේ කෙළවර පිහිටි ලී බිත්තිය, කැටපත් ලෑල්ල යන අරුත් ඇති "කගෂි - ඉත" නමින් හැඳින්වේ. මෙහි විශාල මත්සු ගසක චිත්‍රයක් ඇඳ තිබේ. මෙය කවර නෝ නාට්‍යයක වුවද යෝග්‍ය පසුබිමක් ලෙස සැලකේ.