කන් අමි මියයන විට සෙඅමිගේ වයස අවුරුදු 22 කි. ඒ වන විට සෙඅමි, සම්පූර්ණයෙන්ම පුහුණුව ලද නළුවෙකු නොවුණ ද, එකී බාධක ඉක්මවා යාමට ඔහුට හැකි වූයේ පියාගේ ක්‍රියාදාමය මෙනෙහි කිරීම හා නාට්‍යානුරූපි ලෙස කලාව මනා ලෙස නිරීක්ෂණය කිරීමෙන් ලද අවබෝධයත් ඔහු සතු වූ නිසාය. "නෝ" පිළිබඳ සෙඅමි විසින් රචනා කරන ලද සියලුම නිර්මාණ රහස්‍ය ග්‍රන්ථ සේ සටහන් වූ අතර දිගු කාලයක් ඒවා ආරක්ෂා කරගනු ලැබීය. සෙඅමිගේ බොහෝ ග්‍රන්ථ රචනා වී ඇත්තේ නෝ නාට්‍ය පිළිබඳව සිය පියාගේ අදහස් හා ආකල්ප පසුකාලීනයට දැන ගැනීමට සැලැස්වීමේ අරමුණ පෙරදැරි කරගෙනය. මේ අතර ක්‍රි.ව. 1402 දී පමණ රචනා කරන්න ඇතැයි සිතන ප්‍රධාන ග්‍රන්ථයක් වන "ෆුෂිකදෙන්" ඉතා වැදගත් තැනක් ගනී. නෝ නාට්‍ය 300 කට වැඩි සංඛ්‍යාවක් ලියවී ඇති අතර ඒවායින් 250 ක් පමණ කන්අමි හා සෙඅමි විසින් නිර්මාණය කළ බැව් පෙනේ.
නෝ නාට්‍ය කලාව වර්ධනය කිරීමට උරදුන්නවුන්ගේ ප්‍රමුඛත්වය හිමිවන්නේ සෙඅමිටය. නාට්‍ය රචනයේ දී සෙඅමි විසින් නිර්මාණය කෙරුණු නාට්‍ය, සංඛ්‍යාව අතින් පමණක් නොව එම නාට්‍යවල කලාත්මක ගුණය අතින් ද අගය කළ හැකිය. සෙඅමි, නෝ නාට්‍ය කලාවක් ලෙස තහවුරු කරන අතරම එය විචිත්‍ර අලංකාරාත්මක නිර්මාණයක් ලෙසද ප්‍රතිරෝපණය කිරීමට අනගි මෙහෙයක් ඉටු කළේය. විශේෂයෙන් ගායනය හා නර්තනය අතින් උසස් කලාත්මක නිර්මාණයක් බවට පත් කිරීමට ද විශිෂ්ට මෙහෙයක් ඉටු කළේය. නෝ අද පවත්නා තත්ත්වයට කලාත්මක ගුණයෙන් වර්ධනය කිරීමේ ගෞරවය නියත වශයෙන් හිමිවන්නේ සෙඅමිටය.
නෝ නාට්‍යයේ වස්තු විෂය
නෝ නාට්‍යයේ වස්තු විෂය
නෝ නාට්‍ය සඳහා වස්තු විෂය කරගනු ලැබුයේ,
1. මිත්‍යා කතා.
2. වංශ කතා.
3. ප්‍රබන්ධ කතා
4. ඓතිහාසික කතා.
5. සමකාලීන කතා ආදියයි.
2. වංශ කතා.
3. ප්‍රබන්ධ කතා
4. ඓතිහාසික කතා.
5. සමකාලීන කතා ආදියයි.
පුරාණ ප්‍රබන්ධ කතා සංග්‍රහවල එන කතා වස්තු විෂය කරගත ජපන් හා චීන සම්භාව්‍ය කාව්‍ය සාහිත්‍යයෙන් ද, තෝරාගත් අත්දැකීම් ඇතැම් නාට්‍යවලට පාදක වූයේය.
නෝ නාට්‍ය විෂය ක්‍ෂේත්‍රය හා නිරූපණය වන කේන්ද්‍රිය චරිත කෙරෙහි සැලකිලිමත් වී කොටස් 5 කට බෙදිය හැකිය.
1. එකී නෝ හෙවත් කමිනෝ (දිව්‍ය නාට්‍ය) - මේ නාට්‍ය වර්ගයේ ප්‍රධාන වීරයා වූයේ දෙවියකු හෝ දෙවඟනකි.
2. සුරනෝ (අසුර නාට්‍ය) - මෙහි ප්‍රධාන වීරයා වූයේ මධ්‍යකාලීන යුගයේ ජීවත් වූ රණශූරයෙකි.
3. කශුර නෝ (කාන්තා හවරි නෝ) - චරිත ක්‍රියාවලිය ගීතාත්මක වූ අතර, ප්‍රධාන කතා නායක චරිතය වංශවත් කුලකාන්තාවක් වූවාය.
4. උම්මන්තකයන් ගැන විවරණය වන "කුරුයි" නෝ නාට්‍ය.
5. යක්ෂයින්, රාක්ෂයින් හා සමාන උපකල්පනාත්මක සත්ත්වයන් ගැන විවරණය වන "කිරි" නෝ නාට්‍ය.
නෝ නාට්‍ය හුදු රසාස්වාදය පමණක් මුල් කරගත් කලාවක් නොවේ. එහි ආගමික පරමාර්ථයක් ද ගැබ්වේ. නෝ නාට්‍ය පහළ වූයේ බුදු දහම ජපානයේ බෙහෙවින් ජනප්‍රියව පැවති අවධියකදීය. එබැවින් බුදු සමයේ අදහස් උදහස්, සිතුම්පැතුම්. ඇදහිලි, පුදපූජා ආදිය බොහෝ දුරට ඊට ඇතුළත් විණි. "සුමිද නදිය" නමැති නෝ නාට්‍යයේ මව තම දරුවට අමිතාහ බුදුන් වහන්සේගේ පිහිට පතා සිටියි. "දෝජෝ විහාරය" නෝ නාට්‍යයේ පූජකවරු බෞද්ධ දෙවි දේවාතාවුන්ට කන්නලව් කිරීමෙන් කාම තෘෂ්ණාව නිසා පළිගැනීමේ චේතනාවෙන් පෙළෙන තරුණියකගේ අවතාරය දමනය කිරීමටත්, ඇයගෙන් පැමිණිය හැකි උවදුරුවලින් වැළකීමටත් සමත් වෙති. බුදු දහම සරණ යෑම මිනිසාට මෙලොවදීත්, පරලොවදීත් පිහිටවන ඒකායන මාර්ගයයි. නෝ නාට්‍යයේ මුඛ්‍ය පරමාර්ථය බුදු සමයේ බල මහිමය නාට්‍යානුකාරයෙන් ප්‍රකාශ කිරීමයි.
"සුමිද නදිය" සෙඅමි මොතොකියොගේ පුත්‍රයෙකු වන කන්ශෙජුරෝ මොතොමසෙ විසින් රචනා කෙරුණු කෘතියකි. මෙය වත්මන් නාට්‍ය වර්ගයට අයත් වෙයි. සුමිද නදිය ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය නෝ නාට්‍යයකි. මීට වහල් වෙළෙන්ඳෙකු විසින් පැහැර ගෙන ගිය ළමයකු අතරමඟ මිය යාම පිළිබඳ ජනප්‍රවාදයෙහි පැවති ශෝකජනක පුවතක් මූලාශ්‍ර වූ බව සිතිය හැකියි. මෙහි නාට්‍ය අලංකාර කරනු පිණිසත්, සංවාදය ප්‍රබෝධමත් කරනු සඳහාත් පැරණි කාව්‍යයන්ගෙන් උපුටා ගැනුණු පාඨ තැනින් තැන දැක්වේ. සුමිද නදිය නාට්‍යයේ කතා සාරාංශය මෙසේය.
"වර්ෂයකට පෙර පැහැරගෙන ගිය තම දරුවා සොයමින් යන එක් උමතු ස්ත්‍රියක් සුමිද නදියේ තොටුපළ වෙත පැමිණෙයි. රෑ බෝ වීමට ආසන්න හෙයින් වහාම තමා නදියෙන් එගොඩ කරන ලෙස ඇය තොටියාගෙන් ඉල්ලා සිටියි. ඔහු ඇය කැටුව නදිය තරණය කරන අතර වර්ෂයකට පෙර වහල් වෙළෙන්ඳකු හා පැමිණි දරුවකු සුමිද නදිය අසල දී මියගිය හැටි විස්තර කරයි. එම විස්තරයෙන් ඒ තමාගේ දරුවා බව ඇයට වැටහේ. තොටියා දරු දුකින් පෙළෙන මව, මියගිය දරිවාගේ සොහොන වෙත කැඳවාගෙන එයි. එහිදී මහත් කනස්සල්ලට පත්වන ඇය දරුවාගේ ආත්මය වෙනුවෙන් අමිතාහ බුදුන් වහන්සේට යාඥා කරයි. එවිට මියගිය දරිවාගේ අවතාරය මවගේ දෙනෙත් ඉදිරිපිට මැවී පෙනේ. රාත්‍රිය ගෙවී ගොස් පසුව දා අරුණ නැගෙන විට ඇය හමුවේ දිස්වූයේ වල්පැළෑටි ගහණ සොහොනක ඡායාවක් බඳු පස් ගොඩැල්ලක් පමණී"