සංඛ්‍යාත බහුඅස්‍රය
 

සංඛ්‍යාත බහුඅස්‍රය ගත්විට එය x-අක්ෂය ඔස්සේ පන්ති ප්‍රාන්තරත්, y-අක්ෂය ඔස්සේ සංඛ්‍යාතයත් නිරූපණය කරන
x-y අක්ෂ පද්ධතියක් වන අතර, පන්ති ප්‍රාන්තරයක ඉහල හා පහල සීමාවන්ගේ මධ්‍යන අගය x-ඛණ්ඩාංක ලෙසත්,
සංඛ්‍යාත y-ඛණ්ඩාංක ලෙසත් ගෙන එම ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය මත ලකුණු කර ඇත.

ලකුණු කරගත් එම ලක්ෂ්‍යයන් සෘඡු රේඛා මගින් එකිනෙක යා කර ඇති අතර මුලින් හා අවසානයට,පන්ති ප්‍රාන්තරය 0වන හා සංඛ්‍යාතය 0වන පරිදි අමතර ලක්ෂ්‍ය 2ක් ගෙන සංඛ්‍යාත බහුඅස්‍රය සම්පූර්ණකර ඇත.

 

(c) Shilpa Sayura Foundation 2006-2017