තාරාතාවය හා ස්වර
 

සරසුලකින් මෙන් නොව බට නලාවකින් විවිධ හඬ නැංවිය හැකි බව ඔබ දනී.
සරසුලක් කම්පනය කිරීමෙන් නැංවෙන හඬ එකම නාදයක් පමණි.
සංගීත භාණ්ඩයකි විවිධ ස්වර වලින් (Notes) නාද නිපදවිය හැකි වේ.
පෙරදිග සංගීතයේ මේ ස්වර ස, රි, ග, ම, ප, ධ, නි ලෙස මූලික වශයෙන් නම් කර ඇත.
විවිධ ස්වර වාදනය කරන විට අපට ඇසන නාදයේ තාරතාවය (Pitch) වෙනස් වේ.
ස්වරය උපදවන ධ්වනි තරංගයේ සංඛ්‍යාදය අනුව එහි තාරතාවය තීරණය වේ.
වාදනය කරන හෝ ගායනය කරන හෝ නාදයට සවන් දීමෙන් එම ස්වරයේ තාරතාවයේ උච්ච බව හෝ අවම බව ගදුනා ගත හැති වේ.
නිදසුනක් ලෙස වැඩි සංඛ්‍යාතයකින් යුත් "නි" ස්වරයේ තාරාතාවය ඉහළය.
අඩු සංඛ්‍යාතයකින් යුක්ත "ස" ස්වරයේ තාරාතාවය පහළය.

තාරාතාවයේ ආරෝහණ හෝ අවරෝහණ හෝ පටිපාටියෙන් ස්වර සප්තකයක් යොදා ගත් සංගීත ග්‍රාමයක් (Musical Scale) ගොඩ නැගේ.

මේ අනුව ස, රි, ග, ම, ප, ධ, නි යනු සරල සංගීත ග්‍රාමයකි.
(c) Shilpa Sayura Foundation 2006-2017