රෝම යුගයෙන් පසු කාලය, මධ්‍ය කාලීන යුගය ලෙස හැඳින්වේ. ක්‍රි.ව. දහවන ශතවර්ෂය වන විට පූජකවරු ස්වකීය දේවස්ථානවලට පැමිණ බැතිමතුන් ඉදිරියේ ආගමික කතා පැහැදිලි කිරීම සඳහා දේවස්ථානය රඟහලක් ලෙස භාවිතයට ගත්හ. එහෙත් ක්‍රිස්තියානි පූජකවරු නාට්‍ය කලාව පල්ලිය තුළට ගනු ලැබුවේ නාට්‍ය කලාව පෝෂණය කිරීමේ අරමුණෙන් නොව ඔවුන්ගේ ආගම ප්‍රචාරය කිරීමේ මාධ්‍යයක් ලෙසය. එනම් තම බැතිමතුන්ට ආගම තුළින් කියාදෙන පාඩම් වඩාත් තිව්‍ර ලෙස නාට්‍ය මගින් කියාදීමට හැකියාවක් ඇති නිසාවෙනි.
මීළඟට පල්ලියේ වාර්ෂික උත්සව සඳහා නාට්‍ය යොදා ගන්නා ලදී. මේ සඳහා වස්තු විෂය වූයේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණයේ සිට කුරුසයේ ඇණ ගැසීමත්, නැවත උත්තාන වීම දක්වා සිදුවීම්ය. විශේෂයෙන් පාස්කු උත්සවය හා නත්තල් උත්සවය මෙම උත්සව අතර ප්‍රධාන තැනක් ඉසුළුවේය.
දැනට ඉතිරි වී ඇති පැරණිම දේවස්ථාන නාට්‍යය මෙසේය. කන්‍යාවෝ තිදෙනෙක් ජේසු ස්වාමි දරුවන්ගේ සොහොන කරා ළඟාවෙති. ඔවුන් එය වෙත ළඟා වෙත්ම දංවදූතයෝ මෙසේ කියති.
දේවදූතයෝ - සොයන්නහු කවුරුන් මේ සොහොනෙකි කිතුනුවෙනි?
කන්‍යාවෝ - සොයන්නෙමු මෙහි ඇණ ගසන ලද කුරුසේ ජේසු සමිඳාණන් නාසරත්හි පහළ වූ දේව දූතයෙනි ගරුතර
දේවදූතයෝ - උන්වහන්සේ නැත නැඟුණුසේක සගපුර වදාළ ලෙස කල්තියා ගොස් පවසමි සොඳින් නැඟුණු බව මේ සොහොනින්
මේ සරල කෙටි නාට්‍යය, පසුකාලිනව මෙහි මුලට හා අගට කොටස් එකතු කොට ගැනීමෙන් සංකීර්ණ විය. මෙම මුල් යුගයේ දේවස්ථාන තුළම නාට්‍ය නිෂ්පාදනය සිදුවිය. මෙම නාට්‍ය නැරඹුවේත්, රඟපෑවේත් පූජකයන් විසිනි. ක්‍රි.ව. 900-1250 ත් අතර කාලය තුළ දේවස්ථාන ඇතුළත නාට්‍ය රඟ දැක්වූ බව දළ වශයෙන් නිශ්චය කළ හැකිය. එහෙත් 13 වන සියවසේ දී නාට්‍ය දේවස්ථානවලින් පිටතට ඇදෙන්න පටන් ගති. නාට්‍ය කලාව දේවස්ථානයෙන් පිටතට පැමිණි පසු ලෞකික සංවිධාන නාට්‍ය නිෂ්පාදනය කරන්නට පටන් ගති. 15 වන සියවස වන විට නාට්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය බාරගනු ලැබුවේ මධ්‍යකාලීන වෙළඳ ශ්‍රේණියයි. සෑම වෙළඳ ශ්‍රේණියකම තමාගේ පූජකයෙකු ද , ආරක්ෂක සාත්තුවරයෙකු ද සිටි අතර දේවස්ථානයක් ද විය. වෙළඳ ශ්‍රණිය පූර්ණ ලෞකික සංවිධානයක් නොවීය. මෙහිදී සිතිය හැක්කේ පල්ලියෙන් ධෛර්යය හා අනුමැතිය ලැබුණු අතර ලෞකික සංවිධාන මුදලුත් පුද්ගලයනුත් සැපයූ බවයි.

මේ මණ්ඩප බොහෝ විට තැනිතලා ප්‍රදේශයක ඉඳි වූ බැවින් ප්‍රේක්ෂකයින්ට එය වටා රොක් වී නැරඹීමට හැකි වන සේ පොළොව මට්ටමින් උස පීඨිකාවල රඳවා තිබුණි. තව ද පසුතලය ලෙස චිත්‍ර වස්ත්‍ර යොදා ගැනීම ද මේ සමඟ ඇරඹුණි. සංදර්ශන කරත්ත වඩා විශාලව හා විචිත්‍රව නිර්මාණය වී තිබුණි. බොහෝ විට මේවා තුළින් බයිබලයේ කතා ඉදිරිපත් වූ බැවින් ස්වර්ගය හා අපාය පෙන්වීම සඳහා වේදිකාවේ දෙපස ඊට උඩින් මන්දිර තනා තිබුණි. මෙම සන්දර්ශන කරත්ත තුළ ප්ලැටියා (Platea) නමින් හැඳින්වුණු පොදු රංග භූමියක් ද මෙහි පිහිටුවා තිබුණි. මේවයේ සිට දෙවිවරු හා යක්ෂයෝ ඉහළ සිට ප්‍රතිහාර්යන් මෙන් පත්වීම විශේෂ ලක්ෂණයක් විය. තවද සීක්‍රටිස් (secrets) නමින් නමින් හැඳින්වුණු රහස් දොරවල් හා මාර්ග, නළු නිළියන් හා වේදිකා භාණ්ඩ එහා මෙහා කිරීමට තනා තිබුණි. මෙම සංදර්ශන වේදිකා සම්ප්‍රදාය තවමත් ආගමික දේවස්ථානවල ආගමික උත්සවවල දී භාවිතයට ගැනේ. මෙම සංදර්ශන කරත්තවල ස්වභාවික වාදි දර්ශන මැවීම සඳහා විවිධ තාක්ෂණික ක්‍රම භාවිතයට ගන්නා ලදී. ක්‍රි.ව. 1501 දී බෙල්ජියමේ නිරිත දිග පිහිටි මොන්ස් නුවර වේදිකාගත වූ නාට්‍යයක අපාය පෙන්වීමේ යන්ත්‍රය මෙහෙය වීමට පමණක් මිනිසුන් දාහත් දෙනෙකු යෙදවූ බව සඳහන් වේ. ඒවා චිත්‍ර වස්ත්‍ර පින්තාරු කිරීමට වැටුප් ගෙවූ මිනිසුන් හතර දෙනෙකු යොදාවාගෙන සිටි බව හෙළි වේ.
මෙම රඟ දැක්වූ නාට්‍ය තුළ පොදු ලක්ෂණ කීපයකි. එනම්,
1. සෑම නාට්‍යයකම පරිහරණය වූයේ දේවස්ථානයෙන් උරුම වූ රංග සම්මුතිය.
2. කෙටි නාට්‍ය මාලාවක් පෙන්වීම. (මෙම කෙටි නාට්‍ය පෙන්වීම තීරණය වූයේ බයිබලයට අනුව විනා ඒවා අතර ඇති හේතුඵල සම්බන්ධයෙන් නොවේ.
2. කෙටි නාට්‍ය මාලාවක් පෙන්වීම. (මෙම කෙටි නාට්‍ය පෙන්වීම තීරණය වූයේ බයිබලයට අනුව විනා ඒවා අතර ඇති හේතුඵල සම්බන්ධයෙන් නොවේ.
3. මෙම සෑම නාට්‍ය මාලාවකටම ස්වර්ගය, මනුලොව හා අපාය යන තුන් තැන්හි සිදුවන කාර්යය ඇතුළත් විය. (මනුලොව මැදත්, ස්වර්ගය දකුණෙත්, අපාය වමෙත් වශයෙන් රංග භූමිය බෙදා ගන්නා ලදී)
4. නිරූපණය කරන සිද්ධීන් විශ්වාසනීය වන අයුරින් යථාර්ථවාදී කිරීමට මහන්සි විය. (මෙයට එක් හේතුවක් වන්නේ නෙත් වශී කරන ප්‍රේක්ෂාවක් ඇති කිරීමට ඇති කැමැත්තයි)
ක්‍රිස්තුස් වහන්සේ ජලය මත සක්මන් කිරීම, අපායේ දොරටු කටින් ගිනි පිටකරන විශාල රකුසෙකුගේ නිරූපණය ආදි සිද්ධීන් උදාහරණ ලෙස දැක්විය හැක.
