රෝම රාජ්‍යය ගොඩනැගුණේ ක්‍රි.පූ. අටවැනි සියවසේ දී පමණය. ක්‍රිස්තු වර්ෂය ආරම්භය වන විට රෝමය විසින් ලෝකයේ වැඩි ප්‍රමාණයක් තමන්ගේ බලය ව්‍යාප්ත කරගෙන තිබුණි.
රෝමයේ නිශ්චිත වශයෙන්ම රංග කලාව සම්බන්ධයෙන් පළමුවන සාධකය හමුවන්නේ ක්‍රි.පූ. 240 දීය. එනම් ලිවියස් අන්ද්‍රෝනිකස් නම් වූ ග්‍රීක ජාතිකයකුගේ රචනයක්ය. මෙතැන් සිට රෝම ජනතාවගේ ජීවිතයේ අංගයක් බවට නාට්‍ය කලාව පත්විය. රෝමානු නාට්‍ය කලාවෙන්, රංග කලාවෙන් සෑම අංශයක්ම ග්‍රීසියෙන් රැගෙන වෙනස් කොට සාදා ගත්තක් විය. එහෙත් රෝමවරුන්ගේ රුචිකත්වය අනුව යම් යම් අංග ඔවුන් අතින් ද නාට්‍ය කලාවට එකතු කර ගන්නා ලදහ.
රෝමානු නාට්‍යකරුවන් විශාල සංඛ්‍යාවක් නිර්මාණකරණයේ යෙදී සිටියත්, දැනට ඉතිරි වී ඇත්තේ තිදෙනෙකුගේ නාට්‍ය පමණී. එනම්,
1. ප්ලවුටස්ගේ සුඛාන්ත නාට්‍ය 20 ක්
2. ටෙරන්ස්ගේ සුඛාන්ත නාට්‍ය 06 ක්
3. සෙනකාගේ ශෝකාන්ත නාට්‍ය 09 ක් වශයෙනි.
රෝමයේ ද නාට්‍ය රඟ දක්වන ලද්දේ උත්සව අවස්ථාවලදීය. එහෙත් ඒවා ග්‍රීසියේ දෙවියන් පිදීමේ උත්සවයකට පමණක් සීමා නොවීය. විවිධ උත්සව අවස්ථා සඳහා නාට්‍ය කලාව සහභාගි කරගන්නා ලදී.
1. විවිධ දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීමට යොදාගත් ආගමික උත්සව.
2. ධනවත් පුරවැසියන් මගින් පෞද්ගලිකව පවත්වන උත්සව අවස්ථා.
3. විශිෂ්ට පුද්ගලයන්ගේ අවමංගල්‍ය උත්සව අවස්ථා.
4. ජයග්‍රාහි හමුදාවන් ආපසු පැමිණීමේ දී ඔවුන් සඳහා පවත්වන උත්සව අවස්ථා.
5. රෝමානු ක්‍රීඩා උළෙල.

තව තවත් රෝමානු උත්සව වැඩි වීමත් සමග නිර්මාණය වන නාට්‍ය සංඛ්‍යාව ද ක්‍රමෙයන් වැඩිවිය. ක්‍රි.පූ. 78 වන විට දී පොදුජන නිල ආගමික උත්සව වලදී නාට්‍ය දර්ශනය සඳහා වසරකට දින 48 ක් වෙන්විය. ක්‍රි.ව. 354 වන විට පොදුජන උත්සව දවස් 175 ක් වූ අතර එයින් 101 ක්ම රංග කලාව නැරඹීම සඳහා වෙන්විය.
ක්‍රි.පූ. දෙවන සියවසේ ප්ලවුටස්ගේ කාලයේ ප්‍රධාන උත්සව හතරක දී නාට්‍ය ප්‍රදර්ශනය කරන ලදී. සැප්තැම්බර්වල පැවැත්වුණු රෝමානු ක්‍රීඩා උළෙලේ දී දවස් හතරක් නාට්‍ය සඳහා වෙන්විය. ක්‍රි.පූ. 220 පටන් නොවෑම්බරයේ දී පැවැත්වුණු මහජන උළෙලේ දී යටත් පිරිසෙයින් තෙදිනක් ඒ සඳහා වෙන්විය. ක්‍රි.පූ. 212 සිට ජූලි මස පැවැත් වූ උත්සවයේ දී දින දෙකක් ද, ක්‍රි.පූ. 204 සිට අපේල් මස පැවැත්වුණු තවත් උත්සවයක දින හයක් ද ඊට වෙන්විය.
රෝමයේ නාට්‍ය නිෂ්පාදනයේ දී එහි වියදම් දරන ලද්දේ ආණ්ඩුව හෝ ධනවත් පුරවැසියන් විසිනි. නාට්‍ය ප්‍රයුංජනයේ මූලික වියදම දැරීමට අමතරව නාට්‍ය රඟ දැක්වීමට අවශ්‍ය රංග ශාලාව සම්පාදනය කිරීම ද ආණ්ඩුවේ සිරිත විය.
ටයිටස් මැසියස් ප්ලවුටස් (ක්‍රි.පූ. 254-184)
ටයිටස් මැසියස් ප්ලවුටස් (ක්‍රි.පූ. 254-184)
රෝමයේ සුඛාන්ත නාට්‍ය රචකයන් රාශියක් සිටි අතර, දැනට ඉතිරී වී ඇත්තේ ප්ලවුටස් හා ටෙරන්ස්ගේ කෘති පමණී. මෙම දෙදෙනා අතරින් පැරණිතම රචකයා වන්නේ ප්ලවුටස්ය. විවිධ නාට්‍යවල කර්තෘත්වය ඔහුගේ නමින් තිබුණ ද ඒවා අතරින් නාට්‍ය 25 ක් ඔහුගේ බව අවිවාදයෙන්ම පිළිගත හැකිය. මේවායින් 20 ක් දැනට ඉතිරි වී තිබේ. ඔහුගේ වඩාත් ප්‍රකට නාට්‍ය ලෙස පහත සඳහන් ඒවා දැක්විය හැකිය.
1. ඇමිෂිට්‍රියන්
2. ද ප්ලොට් ඔෆ් ගෝඩ්
3. ද කැප්ටිවීස්
4. ද බ්‍රැගාට්වොරියර්
5. ද ට්වින් ෂිනිවිම් (මෙය "තාරාවෝ ඉඟිලෙති" නමින් ලූෂන් බුලත්සිංහල විසින් අනුවර්තනය කර නිෂ්පාදනය කරන ලදී.)
පබිලියස් ටෙරෙන්ටියස් ආෆර් (ටෙරන්ස්) - ක්‍රි.පූ. 195-159

උතුරු අප්‍රිකානු වැසියකු වූ ටෙරන්ස් වහලකු ලෙස රෝමයට ගෙන එන ලදී. පසුව ඔහුව වහල්කමින් මුදා හරින ලදී. මොහු විසින් පහත සඳහන් නාට්‍ය රචනා කඑන ලදී.
1. ද වුමන් ඔෆ් ඇන්ඩොස්
2. ද සෙල්ෆ් ටෝමන්ටි
3. යූනක්
4. ෆොෂියෝ
5. ද මදර් ඉන් ලෝ
6. ද බ්‍රදර්ස්
2. ද සෙල්ෆ් ටෝමන්ටි
3. යූනක්
4. ෆොෂියෝ
5. ද මදර් ඉන් ලෝ
6. ද බ්‍රදර්ස්
මෙම නාට්‍යකරුවන්ගේ සුඛාන්ත නාට්‍ය, ග්‍රීක නව සුඛාන්ත නාට්‍ය ඇසුරු කොටගෙන නිර්මාණය වූ ඒවාය. එහෙත් නොයෙකුත් වෙනස්කම් ද රෝමවරු විසින් කර තිබේ.
1. ගායක වෘන්ද ඉවත් කිරීම.
2. නාට්‍ය අංකවලට හෝ දර්ශනවලට බෙදීම අත්හැරීම.
3. සංගීතය නාට්‍ය පුරාම විසුරුවා හැරීම.
4. දේශපාලනික හා ජාතික ප්‍රශ්නවලින් ඉවත් වී ගෘහ්‍ය සිදුවීම් කතා වස්තුව සඳහා යොදා ගැනීම.
5. කතා වස්තුව තුළ සංකීර්ණ වූ පැටලිලි සහගත තත්ත්වයක් ඇති කිරීම.
6. නාට්‍ය සඳහා වර්ග චරිත යොදා ගනී. එනම් තම ධනය ගැනම හෝ දරුවන් ගැනම සැලකිලිමත් වන මහල්ලාගේ චරිතය, අධිකාරයට විරුද්ධව කැරලි ගසන තරුණයා, වහල්ලු, පරපුටුවා, වහල් වෙළෙන්දා සහ බියගුළු සොල්දාදුවා වශයෙනි.

7. රෝම නාට්‍යයක කාර්යය විදියක සිදුවන ලෙස සකස් කිරීම, ගෙවල් ඇතුලේ සිදුවන දේවල්, ඉන් පිටත රඟපෑමටත්, නළුවන් ලවා ගෙවල් ඇතුළත සිදු වූ දේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ කියා පෑමටත් සලස්වයි.