තරංග ආයාමය, සංඛ්‍යාතය හා ප්‍රවේගය
 

තිර්යක් තරංගයක යම් මොහොතක ඉහළ නැගි ස්ථාන ශීර්ෂ (Crests) ලෙස ද පහළ බැස ඇති ස්ථාන නිම්න (Troughs) ලෙස ද හදුන්වනු ලැබේ.

තිර්යක් තරංගයක අනුයාත ශීර්ෂ දෙකක් අතර දුර හෝ අනුයාත නිම්න දෙකක් අතර දුර හෝ තරංග ආයාමය (Wavelength) ලෙස සැලකේ.

λ (ලැම්ඩා) යන්නෙන් තරංග ආයාමය සංකේතවත් කෙරේ.


අංශු ශ්‍රේණියක මුල් පිහිටීමේ (මධ්‍ය රේඛාවේ) සිට ශීර්ෂයක ඉහළ ම ලක්ෂ්‍යයට ඇති විස්ථාපනය මුල් පිහිටීමේ සිට පහළ ම ලක්ෂ්‍යයට ඇති විස්ථානය හෝ තරංගයේ විස්තාරය (Amplitude) ලෙස හැදින්වේ.



(c) Shilpa Sayura Foundation 2006-2017