ඇරිස්ටෝටල් ක්‍රි.පූ. 384-322 කාලයේ ජීවත් වූ ග්‍රීක දාර්ශනිකයෙකි. ඔහු මැසිඩෝනියාවේ දෙවන ඇමින්ටාස් රජුගේ වෛද්‍යවරයා වූ කිකොමැකස්ගේ පුත්‍රයාය. ඇතනස් නගරයට පැමිණි ඇරිස්ටෝටල්, ප්ලේටෝ නම් දාර්ශනිකයාගේ ශිෂ්‍යයෙකු වශයෙන් ශාස්ත්‍රය හැදෑරුවේය. පසුව මැසිඩෝනියාවේ පිලිප් රජු යටතේ සේවය කරමින්, ඔහුගේ පුත් මහා ඇලෙක්සැන්ඩර්ගේ ගුරුවරයා ලෙසද ඇරිස්ටෝටල් පඬිතුමා කටයුතු කළේය.
ක්‍රි.පූ. 335 දී යළිත් ඇතන්ස් නගරයට පැමිණි ඇරිස්ටෝටල් පසු කලෙක ලයිසියම් නමින් ප්‍රකට වූ ගුරුකුලයේ ප්‍රධාන තනතුරට පත් වූයේය. මෙම කාලය තුළ දී දේශපාලන විද්‍යාව, ආචාර ධර්ම විද්‍යාව, දර්ශනය පිළිබඳව මොහුගේ මූලික අවධානය යොමු වී තිබේ. මෙම විෂයයන් අළලා ඔහු විසින් ලියූ පොත් විශාල සංඛ්‍යාවක් තිබෙන අතර, සාහිත්‍ය කලා පිළිබඳව ලියවී ඇත්තේ කෘති කිහිපයක් පමණී.
හෝමර්, ඉසියඩි, පින්ඩාර්, සෙනෂිනිස්, ඇරිස්ටොෆනීස්, ප්ලේටෝ ආදී විශාරදයන්ගේ මතවාදයන් ඇරිස්ටෝටල්ගේ කෘති කෙරෙහි බලපා තිබේ. විශේෂයෙන් ප්ලේටෝගේ මතවාදය මොහු කෙරේ විශේෂ බලපෑමක් ඇති කරයි. ප්ලේටෝගේ "නීතය පිළිබඳ සංවාද" නම් කෘතියෙහි ඛේදාන්ත නාට්‍ය වනාහි, රාජ්‍යයක ජීවත් වන රටවැසියන්, ආවේගවලින් අවුස්සා ඔවුන් නොමඟ යවන බවත්, රාජ්‍යයක පදනම වන සාධු සම්මත නීතිවලට පටහැනි වීමට රටවැසියන් පොළඹවන සුලු අනතුරුදායක කලා මාධ්‍යයක් ලෙසත් හඳුන්වයි. මේ නිසාම ප්ලේටෝට අවශ්‍ය වූයේ ඛේදාන්ත නාට්‍ය බිහිවීම වැළැක්වීමයි.
ඇරිස්ටෝටල්ගේ අභිප්‍රාය වූයේ ප්ලේටෝගේ විවේචනයට මුහුණ දී ඛේදාන්ත නාට්‍යය රාජ්‍යයට අන්තරාකාරි කලා මාධ්‍යයක් නොවන බව පෙන්වීමය. මේ සඳහාම කාව්‍ය ශාස්ත්‍රය නම් කෘතිය ඔහු විසින් ලියන ලදී. ඇරිස්ටෝටල් මූලික වශයෙන් කාව්‍ය රචනයෙහි හෙවත් නිර්මාණකරණයේ යෙදෙන්නන් උදෙසා ශිල්ප ධර්ම පද්ධතියක් මෙම කාව්‍ය ශාස්ත්‍රය තුළින් ඉදිරිපත් කොට තිබේ. පසු කාලයේ දී කාව්‍ය ශාස්ත්‍රය, සාහිත්‍ය නිර්මාණ කාර්යයටත් වඩා සාහිත්‍ය කලා විචාර සිද්ධාන්ත විකාශනයෙහිලා උපස්තම්බක විය.
ඇරිස්ටෝටල් කතා වින්‍යාසය
කාව්‍ය ශාස්ත්‍රය ග්‍රන්ථයෙහි ඇරිස්ටෝටල් විශේෂ අවධානයක් යොමුකර ඇත්තේ ශෝකාන්ත නාට්‍ය කෙරෙහිය. සෑම ශෝකාන්තයක්ම අංග හයකින් යුක්ත බව පැවසේ.
1. කතා වින්‍යාසය (Plot)
2. චරිත (Character)
3. වාග් විලාසය (Diction)
4. චින්තනය (Thought)
5. ප්‍රේක්ෂාව (Spectacle)
6. සංගීතය (Music)
2. චරිත (Character)
3. වාග් විලාසය (Diction)
4. චින්තනය (Thought)
5. ප්‍රේක්ෂාව (Spectacle)
6. සංගීතය (Music)
මෙම අංග හයෙන් ප්‍රමුඛස්ථානය ලබා දෙන්නේ කතා වින්‍යාසය සඳහාය. ඇරිස්ටෝටල් කතා වින්‍යාසය ගැන මෙසේ සඳහන් කරයි.
"මේ සවැදෑරුම් අංග අතුරෙන් සිද්ධි ගැළපීමේ හෙවත් කතා වින්‍යාසය ප්‍රමුඛස්ථානය ගනී. මක්නිසාද යත්? ශෝකාන්තය වූ කලී මිනිසා පිළිබඳ නොව මිනිසාගේ ක්‍රියාවන්ගේ ද, ජීවිතයේ ද එසේම මිනිසාගේ ප්‍රීතිජනක හා ශෝකජනක අවස්ථාවන්ගේ ද අනුකරණයක් වන හෙයිනි. ප්‍රීතිය, ශෝකය යන දෙක මිනිසාගේ ක්‍රියා මත රඳා පවතී. එසේම ජීවිතයේ අරමුණ නම් කිසියම් ක්‍රියාමාර්ගයක් මිස ස්වභාවයක් නොවන්නේය. එක් එක් මිනිසා ඒ ඒ ආකාරයෙන් පෙනී සිටිනුයේ ඔවුනොවුන්ගේ චරිත හේතුකොට ගෙනය. එහෙත් මිනිසා සතුටට හෝ දුකට පත් වනුයේ ඔහුගේ ක්‍රියා අනුවය.
මේ අනුව චරිත අනුකරණය කිරීමේ අරමුණ ඇතිව නාට්‍යයේ ක්‍රියා සාධනය සකස් කරනු නොලැබේ. එහෙත් චරිත සකස් වනුයේ ක්‍රියාවේ ප්‍රතිඵල වශයෙනි. ක්‍රියාවෙන් තොරව ශෝකාන්තයක් සම්පූර්ණ විය නොහැකිය, අනෙක් අතින් චරිත නිරූපණයෙන් තොරව ශෝකාන්තයක් සම්පූර්ණ විය හැකිය."
ඉහත ඡේදය තුළින් ඇරිස්ටෝටල් කතා වින්‍යාසය වඩා වැදගත් කොට සලකන බව පැහැදිලි වේ. මේ අනුව ශෝකාන්ත නාට්‍යයක චරිත නිර්මාණයට වඩා වැදගත් වන්නේ, කතා වින්‍යාසය බව සනාථ වේ. ක්‍රියාවන්ගෙන් තොර නාට්‍යයක් විය නොහැකි බව එදා මෙදා තුර නාට්‍ය විචාරකයන් විසින් පෙන්වා දෙන්නකි. ක්‍රියාවන්ගේ අනුකරණය, කතා වින්‍යාසයයි. ඒ අනුව කතා වින්‍යාසය යනුවෙන් හඳුන්වන්නේ නාට්‍යයේ සිද්ධි ගැළපීමේ පිළිවෙළයි.
කතා වින්‍යාසය කරුණු 3 කින් සමන්විත බව, ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රයේ 7 ඡේදයේ දක්වා තිබේ.

1. පරිසමාප්තියකින් යුක්ත වීම.
2. පරිපූර්ණත්වයකින් යුක්තවීම.
3. සැලකිය යුතු දීර්ඝත්වයකින් යුක්ත වීම.
2. පරිපූර්ණත්වයකින් යුක්තවීම.
3. සැලකිය යුතු දීර්ඝත්වයකින් යුක්ත වීම.
තවදුරටත් මේ පිළිබඳ සඳහන් කරන ඇරිස්ටෝටල්, "යම් දීර්ඝත්වයකින් යුක්ත වීම වුවමනා බව පවසන ලද්දේ මෙම අවශ්‍යතාව සම්පූර්ණ නොවන කර්තව්‍යයක් වුව පරිපූර්ණ විය හැකි නිසාය. පරිසමාප්තිය යන්නෙන් අදහස් කරන්නේ මුල, මැද, අග යන කොටස් තුනකින් යුක්ත වීමය. ආරම්භය (මුල) වනාහි අවශ්‍යයෙන්ම කිසියම් අනෙක් සිද්ධියකට පශ්චාත්භාගව නොසිට ඒ පටන්ගත් තැන සිට යම් යම් දේ ස්වභාවිකව සිදු වන්නා වූ අවස්ථාවකි. අනෙක් අතින් පරිසමාප්තිය (අග) නම්, අවශ්‍යයෙන්ම යම් යම් සිද්ධිවලට පශ්චාත්භාගව සිටින්නාවූ ද ඉන්පසු ස්වභාවික කිසිවක් සිද්ධ නොවන්නා වූද අවස්ථාවකි. මධ්‍යස්ථව (මැද) වූ කලී, ඊට ඉදිරියෙන් ද, පසුව ද යම් යම් දේ සිදුවන්නා වූ අවස්ථාවයි. මේ අනුව හොඳ කතා වින්‍යාසයක් ගොතන තැනැත්තා අහම්බෙන් කෙළවර කළ යුතු නොවේ. කතා වින්‍යාසය ගැළපිය යුත්තේ පූර්වෝක්ත කොටස් තුනෙන්ම සමන්විත වන අයුරිනි."
එමෙන්ම යම් සත්ත්වයෙකුගේ යම් යම් අවයවයන් එම සතාගේ ස්වරූපයට ගැළපෙන පරිදි දිගින් යුක්ත විය යුතුය. එසේම නාට්‍යයක් ද, යෝග්‍ය අන්දමේ දීර්ඝත්වයකින් තිබිය යුතු බව ඇරිස්ටෝටල් පවසා තිබේ. අති විශාල සතෙකු අපගේ එකවර ග්‍රහණය කර ගත නොහැකිය. එසේම බලන්නාට එම සතාගේ ඒකීයත්වය සහ පරිපූර්ණත්වය පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට නොහැකි වන නිසා, පහසුවෙන් ග්‍රහණය කරගත හැකි, මතක තබා ගත හැකි දීර්ඝත්වයකින් හා ප්‍රමාණයකින් යුක්ත වීම අපේක්ෂා කෙරේ.