තීර්යක් (සිරස් චලනය) තරංග
 

ස්ලින්කියක් මේසය මත හෝ බිම මත හෝ තබා එක් කෙළවරක් නූලකින්ගැට ගසා ඇඳ තබා අනෙක් කෙළවරින් අතින් අල්ලා කම්පනය කළ විට තරංග වලිතයක් දැක ගත හැකි වේ.

දැන් ඔබ එම ස්ලින්කියේ එක් ස්ථානයක කුඩා පටි කැබැල්ලක් ගැට ගසන්න.
දැන් ඔබට ස්ලින්කිය කම්පනය වන විට පටිය ගැට ගැසූ ස්ථානයේ චලනය කෙසේදැයි ඉතා හොදින් දැක ගත හැක.

එනම් මෙහිදී ඔබට කම්පනයට ලම්භක වූ දිශාවක් ඔස්සේ තරංග ගමන් කරන බව පෙනේ.
මෙය තීරයක් තරංග ලෙස හදුන්වයි.

ජල තරංග ගැන ඔබට ඔබට කිව හැක්කේ කුමක්ද? ජල පෘෂ්ඨය කම්පනය වන්නේ සිරස් ලෙස ඉහළට හා පහළටය.
නමුත් ජල තරංගය ගමන් කරනුයේ තිරස් අතටය.
එනම් ජල තරංග කම්පනයට ලම්භක ලෙස ගමන් කරයි.
එබැවින් ජල තරංගද තීරයක් තරංග වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017