ස්ථම්භ ප්‍රස්තාර
 

ස්ථම්භ ප්‍රස්තාරයක් මගින් දත්ත සමූහයක සංඛ්‍යාත ව්‍යාප්තිය x-y අක්ෂ පද්ධතියක් මත නිරූපණය කරයි.

එහිදී පන්ති ප්‍රාන්තර x-අක්ෂය ඔස්සේ වන අතර
සංඛ්‍යාතය හෝ සාපේක්ෂ සංඛ්‍යාතය y-අක්ෂය ඔස්සේ වෙයි.

එක් එක් පන්ති ප්‍රාන්තර ස්ථම්භ(සෘඡුකෝණාශ්‍රාකාර)මඟින් දැක්වේ. ස්ථම්භයේ පාදම මගින් පන්ති ප්‍රාන්තරය නිරූපණය කරන අතර උසින් සංඛ්‍යාතය නිරූපණය කරයි.


 

ඡාල රේඛය ස්ථම්භ ප්‍රස්තාරයට සමාන වන අතර, නමුත් මෙහි ස්ථම්භවල(සෘඡුකෝණාශ්‍රාකාර) පාදම, පන්ති ප්‍රාන්තරවල තරමට සමාන වන නියත දිගින් යුක්තවේ.

සෘඡුකෝණාශ්‍රාකාර ස්ථම්භ පන්ති ප්‍රාන්තරවල ඉහල හා පහල සීමාවන්ට මැදිවන විට, යාබද පන්ති ප්‍රාන්තරවලට අයත් සෘඡුකෝණාශ්‍රාකාර ස්ථම්භ එකිනෙකට යාවී පවතී.  

(c) Shilpa Sayura Foundation 2006-2017