ග්‍රීක රංග භූමියෙහි උපත ද එරට පැවති පූජා කර්ම සමග බැඳී පැවතුනි. මුලින්ම ඩිතිරුම්බය ගායනයට වෙන්වුණු වටරවුම් පීඨය ක්‍රමයෙන් නාට්‍ය කලාව දියුණු වී නාට්‍ය තරඟ දක්වා විකාශනය වූ විට ඊට අදාළව පුළුල් රංග භූමියක අවශ්‍යතාව ඇති විය. ඒ අනුව ඇක්‍රොපොලිස් කඳුපාමුල බෑවුමෙහි පඩිපේළි මෙන් කපා සාදන ආසන සහිත වටකුරු ප්‍රේක්ෂකාගාරයක් සහිත එහි මැද ඉදිවුණු වෘත්තාකාර රඟමඬලක් බිහි වී ක්‍රි.පූ. 5වන සියවස පමණ වන විට විවිධ ලක්ෂණ සහිතව 17,000 ක් පමණ ප්‍රේක්ෂකයින්ට නැරඹිය හැකි සුවිසල් රංග භූමි සංකීර්ණයක් දක්වා එය විකාශනය වුණි.
මෙම රංග භූමියේ රංගනය සඳහා ප්‍රධාන වශයෙන් යොදාගනු ලැබුයේ අල්තාර සහිත රවුම් ප්‍රදේශයි. මීට අමතරව "ප්‍රොසිනියම්" "ඉදිරිපිට" යන අර්ථය දෙන කොටස තුළ ද රංගනය සිදු වී තිබේ. රංගනයට අදාළව නළු නිළියන් විසින් උස් වූ තැන්වල සිට කතා කරන බව හඬ මගින් ඇඟවීම සඳහාත්, ස්කින ගොගනැඟිල්ලේ උඩ තට්ටුව මෙන්ම අංගනය ද යොදා ගනී. ස්කිනය ඉදිරිපිට ඇති ඉඩකඩ "කතා කරන ස්ථානය" යන අර්ථයෙන් "ලෝජියම්" යන නමින් පසුව හැඳින්විණි.
1. ප්‍රේක්ෂකාගාරය
2. සංගීත කණ්ඩායම හා ඔවුන්ගේ රංගන
3. අල්තාරය
4. ප්‍රොසිනියම් (නළු නිළියන්ගේ අවකාශය)
5. පැරඩොස් (ගායක, නළුනිළි රංගාවතිරය)
6. ස්කීනය (නේපත්‍යාගාරය)
7. පැරසිනියම් (නේපත්‍යාගාරය හා සම්බන්ධ කාමර දෙක)
පෙනේ. ස්කින ගොඩනැගිල්ලේ මෙම පැරසිනියාවල දෙපසින් රංග පථයට විවෘත වූ අලංකාරවත් කළ හතරැස් බිත්ති තීරුවක් පිහිටුවා තිබුණි. මෙය ප්‍රොසිනියම් යනුවෙන් හැඳින්වෙන අතර රංගනයට ද යොදාගෙන තිබුණි. ස්කින ගොඩනැගිල්ලේ උඩ තට්ටුවක් ද තිබුණි. එය එපිසිනියම් නමින් හැඳින්විණි. මෙහි ප්‍රේක්ෂාගාරයට සම්බන්ධ දොරවල් කිහිපයක් ද යොදා ගෙහ තිබුණි.
කීන ගොඩනැගිල්ලෙහි දෙපසෙහි ඇති පැරසිනියා නම් නෙරා ගිය කොටස් ඉදිරියෙන් රංග මණ්ඩලයට පිවිසෙන පැති ප්‍රවේශ දෙකක් ද පිහිටා තිබුණි. මෙම තීරු පැරඩෝස් නමින් හැඳින්වූ අතර නළු නිළියන් හා සමහර අවස්ථාවල ප්‍රේක්ෂකයන් ද මෙම ප්‍රවේශ මාර්ග භාවිතා කර ඇත. වැඩි වශයෙන් පැරඩෝස් භාවිතා කරන ලද්දේ ගායක කණ්ඩායම විසිනි.