තරංග චලිතය
 

කුඩා දම්වැල් කැබැල්ලක් මේසය මත දිග හැර තබා එක් කෙලවරක් අතින් අල්ලා රිද්මයකට අනුව කම්පනය කරන්න.

එහිදී ඔබට දම්වැල ඔස්සේ යම්කි කැලඹීමක් ගමන් කරන්නාක්මෙන් පෙනී යයි.
මෙවැනි කැලඹීමක් ඇතිවන්නේ දම්වැලේ කොටස් කම්පනය වීම නිසා ය.
මෙම කැලඹීම තරංග (Waves) හට ගැනීම ලෙස හදුන්වයි.

කැළඹෙන ජල පෘෂ්ඨයක් මත දක්නට ලැබෙන රැලිති (Ripples) ද ජල තරංග ලෙස හැදින්වේ.

ස්ලින්කියක් මේසය මත හෝ බිම මත හෝ තබා එක් කෙළවරින් නූලක් ගැටගසා ඇඳ තබා අනෙක් කෙළවරින් අතින් අල්ලා කම්පනය කම්පනය කළ විට තරංග චලිතයක් දැක ගත හැකිය.

ස්ලින්කියේ එක් ස්ථානයක කුඩා පටි කැබැල්ලක් ගැට ගසා ගත් විට එහි එක් ස්ථානයක් කම්පනය වන අන්දම හදුනා ගැනීම පහසුවේ. 
(c) Shilpa Sayura Foundation 2006-2017