ඔබ කල ක්‍රියා කාරකම්වලදී කම්පනය ඇරඹීම සදහා කියත් තලයට බලයක් යෙදීම සිදුකරයි.
ප්රථ්යාස්ත වස්තුවක්වන කියත් තලයක් නැමීම නිසා එහි විභව ශක්තිය ගබඩාවේ.
නමන ලද කියත් තලය නිදහස් කළ විට එය චලනය අරඹත්ම විභව ශක්තිය චාලක ශක්තිය බවට හැරේ.
නමන ලද කියත් තලය නිදහස් කළ විට එය චලනය අරඹත්ම විභව ශක්තිය චාලක ශක්තිය බවට හැරේ.
කියත් තලය ඊළඟ අන්තය දක්වා ගිය පසු එය නතර වන්නේ යළි විභව ශක්තිය ගබඩා කර ගෙනය.
එබැවින් කම්පනය වන වස්තුවක ශක්ති පරිවර්ථනය මෙසේ දැක්විය හැක.
විභව ශක්තිය ↔ චාලක ශක්තිය ↔ විභව ශක්තිය
කම්පනය වන වස්තුවකින් හෝ පද්ධතියකින් හෝ බැහැරට මෙම ශක්තිය සම්ප්‍රේෂණය වේ.
මීට උදාහරණයක් වශයෙන් ශබ්දය නිකුත්කරන ස්පීකරයක් උඩුබැලි අතට හරවා ඒ මතට පොලිස්ටයිරින් බෝල කීපයක්දමන්න.
එවිට එම බෝල නිරන්තරයෙන්ම ඉහළට විසිවීම හා පහතට ඒම සිදුවේ.
එහිදී සිදුවන්නේ කම්පන පටලය මඟින් පොලිස්ටයිරින් බෝල වලට චාලක ශක්තිය සම්ප්‍රේෂණය කළ පසු ඒවායේ චාලක ශක්තිය ඉහළ නැඟීම හේතුකොට ගෙන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය බවට පරිවර්තනය වීමය.