සංඛ්‍යා ව්‍යාප්තිය
 

මෙහිදී දත්තයන් විවිධ පන්ති ප්‍රාන්තර වලට ලැයිස්තුගත කිරීමක් සිදුකරයි.
පන්ති ප්‍රාන්තරයක් ගත්විට එයට ඇතුලත්විය හැකි අඩුම අගය පහල සීමාව වන අතර වැඩිම අගය ඉහල සීමාව වේ.

ඉහල සීමාව හා පහල සීමාව අතර වෙනසින් පන්තියක තරම නිරූපනය කරයි.
සංඛ්‍යාත ව්‍යාප්තියක පන්ති ප්‍රාන්තර සකස්කිරීමේදී සෑම පන්තියකම තරම එකම ප්‍රමාණයට සකස්කිරීම වඩා යෝග්‍යවේ.

සංඛ්‍යාත ව්‍යාප්තියක් ගත්විට එහි සාපේක්ෂ සංඛ්‍යාත ව්‍යාප්තිය,ප්‍රතිශත සංඛ්‍යාත ව්‍යාප්තිය යන කොටස් අන්තර්ගතවේ.

එක් එක් පන්ති ප්‍රාන්තරයට ඇතුලත් වන අගයන් ගණන වෙනුවට, එම එක් එක් පන්ති ප්‍රාන්තරයේ අගයන් ගණන මුළු අගයන් ගණනට දක්වන අනුපාතය ද ඇතුලත්වීම සාපේක්ෂ සංඛ්‍යාත ව්‍යාප්තියේ දක්නට ලැබේ.

සාපේක්ෂ සංඛ්‍යාත ව්‍යාප්තිය, සංඛ්‍යාත ව්‍යාප්තියට සමාන වේ.

එක් එක් පන්ති ප්‍රාන්තරයේ සාපේක්ෂ සංඛ්‍යාත ව්‍යාප්තිය 100%න් ගුණකිරීම මඟින් ප්‍රතිශත සංඛ්‍යාත ව්‍යාප්තිය ලැබේ.


 

මෙම උදාහරණය සලකමු.
 
















































2.5

5.9

3.2

1.4

7.0

4.3

8.9

0.7

4.2

9.9

3.4

4.6

5.0

6.4

1.1

9.2

7.7

0.9

4.0

2.3

5.6

2.2

3.1

4.7

5.5

6.6

1.9

3.9

6.1

5.2

8.2

3.3

2.2

5.8

4.1

3.8

1.2

6.8

9.5

0.8


ඉහත දැක්වෙන සෑම අගයක්ම 0-10.0 අගය පරාසය තුල පවතී.

අපට පහත දැක්වෙන පරිදි පන්ති ප්‍රාන්තර සකස්කලහැක.
 

පන්ති ප්‍රාන්තරය   

1              0- 1.0

2              1.0 - 2.0

3              2.0 - 3.0

4              3.0 - 4.0

5              4.0 - 5.0

6              5.0 - 6.0

7              6.0 - 7.0

8              7.0 - 8.0

9              8.0 - 9.0

10            9.0 - 10.0

 

එක් එක් පන්ති ප්‍රාන්තරයට අයත් වන අගයයන් ගණන ගණනය කිරීමේදී පහත සංඛ්‍යාත ව්‍යාප්තිය ලැබේ.

පන්ති ප්‍රාන්තර 2ක් අතර අගයක් වූ විට එය පන්ති ප්‍රාන්තර 2න් පෙර ඇති පන්ති ප්‍රාන්තරයට ඇතුලත් කරයි.

උදාහරණයක් ලෙස 4.0 සැලකූවිට එය 4වන පන්ති ප්‍රාන්තරයට ඇතුලත් කරයි.

 

               






























































පන්ති ප්‍රාන්තරය  අගයයන් ගණන සාපේක්ෂ සංඛ්‍යාතය ප්‍රතිශත සංඛ්‍යාතය

 0.0 - 1.0

3

0.075

7.5 %

1.0 - 2.0

4

0.100

10.0 %

2.0 - 3.0

4

0.100

10.0 %

3.0 - 4.0

7

0.175

17.5 %

4.0 - 5.0

6

0.150

15.0 %

5.0 - 6.0

5

0.125

12.5 %

6.0 - 7.0

5

0.125

12.5 %

7.0 - 8.0

1

0.025

2.5 %

8.0 - 9.0

2

0.050

5.0 %

9.0 - 10.0

3

0.075

7.5 %
මුළු ගණන  40 1.000         100%

 

4.0 - 5.0 පන්ති ප්‍රාන්තරය ගත්විට එහි පහල සීමාව 4.0 වන අතර ඉහල සීමාව 5.0 වේ.

එමෙන්ම පන්තියක තරම 5.0 - 4.0 = 1.0 වේ.

සෑම පන්ති ප්‍රාන්තරයකම තරම මෙය වේ.

 

ඉහතින් දැක්වූ සංඛ්‍යාත ව්‍යාප්තියට අදාල සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තිය පහත දැක්වේ.                                                

                






























































පන්ති
ප්‍රාන්තරය
සමුච්චිත
සංඛ්‍යාතය
සාපේක්ෂ
සමුච්චිත සංඛ්‍යාතය
ප්‍රතිශත
සමුච්චිත සංඛ්‍යාතය

0.0 - 1.0

 3

0.075

7.5 %

1.0 - 2.0

7

0.175

17.5 %

2.0 - 3.0

11

0.275

27.5 %

3.0 - 4.0

18

0.450

45.0 %

4.0 - 5.0

24

0.600

60.0 %

5.0 - 6.0

29

0.725

72.5 %

6.0 - 7.0

34

0.850

85.0 %

7.0 - 8.0

35

0.875

87.5 %

8.0 - 9.0

37

0.925

92.5 %

9.0 - 10.0

40

1.000

100.0 %

මුළු ගණන

40

1.000

100.0 %


වෙනත් ආකාරයකට


 
















































කැමතිම පාට

පුද්ගලයෝ ගණන

සාපේක්ෂ සංඛ්‍යාතය

ප්‍රතිශත
සංඛ්‍යාතය

රතු

16

0.2000

20.00 %

කොල

18

0.2250

22.50 %

නිල්

10

0.1250

12.50 %

කහ

9

0.1125

11.25 %

රෝස

13

0.1625

16.25 %

කලු

6

0.0750

7.50 %

වෙනත

8

0.1000

10.00 %

මුළු ගණන

80

1.0000

100.00 %

(c) Shilpa Sayura Foundation 2006-2017