භරත මුනි සිය "නාට්‍ය ශාස්ත්‍ර" විමර්ශනය ආරම්භ කළේ නාට්‍යයක් බැලීමට මිනිසුන් පෙළඹෙන්නේ ඇයි ද? යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින්ය. ඔහු නාට්‍යවල විවිධ ලක්ෂණ වර්ග කළේය. නාට්‍යයක එන චරිත, අවස්ථා හා සිද්ධි ආදියේ කවර ලක්ෂණ කුමන ආකාරයෙන් ප්‍රේක්ෂකයන් කෙරෙහි බලපාන්නේ ද යනු ඔහු විභාග කළේය. මේ විභාගයේ මුල් කොටස "රස සිද්ධාන්තය" යනුවෙන් හඳුන්වනු ලැබේ. අප මුලින්ම පැහැදිලි ලෙස තේරුම් ගත යුතු කරුණක් ඇත. එනම් භරතමුනි පැහැදිලි කරන්නේ ප්‍රේක්ෂකයන් කෙරෙහි නාට්‍යය බලපාන ආකාරය බවය. මේ පිළිබඳ ඔහු හෙළි කළ මේ මූලධර්ම, කාව්‍යස්වාදයට ද පොදු බව විශ්වනාථ වැනි පශ්චාත්කාලීන පඬිවරු දැක්වූහ. ඒ නිසා රස වාදය තුළින් කෙරෙන්නේ කලා කෘතීන් ආශ්වාදය කරන්නන්ගේ කල්පනාව හා වින්දනය කෙරෙහි ඒවා දක්වන බලපෑමට පදනම් වන ධර්මතා විස්තර කිරීමයි.
මීළඟට භරතමුනිගේ රස සිද්ධාන්තය අවබෝධ කර ගැනීමට උත්සාහ කරමු.
සාහිත්‍ය, නාට්‍ය තුළ ගැබ් වී ඇත්තේ ස්වභාවික ලෝකයේ සිදුවන දෑ වැනි සිද්ධීන්ය. ස්වභාවික සිද්ධීන් නිසා මිනිසුන්ගේ සිතෙහි භාවයන් උපදී. එනම් සාහිත්‍ය, නාට්‍ය කෘතීන්වලට ගැබ් වී ඇති සිද්ධිවලට භාවයන් ඉපදවීමේ හැකියාවක් ඇත. ස්වභාවික ලෝකයේ සිදුවන ඇතැම් සිද්ධි අප තුළ ප්‍රසන්න භාවයක් දනවයි. ඇතැම් සිද්ධි අප්‍රසන්න භාවයක් දනවයි.
සාහිත්‍යයේ දී නාට්‍යයේ දී ප්‍රසන්න අප්‍රසන්න භාවයන් දනවන කවර සිද්ධීන් වුවත් විඳින්නා තුළ ප්‍රීතියක් (රසාස්වාදයක්) ඇති කරයි. මෙය මානසික තෘප්තියකි. විඳින්නා තුළ ඇති වන ප්‍රීතිය "රසය" යනුවෙන් හැඳින්විය හැකිය.
සෑබෑ සිද්ධීන් නිසා අපගේ සිත්හි පහළවන හැඟීම් කොටස් නවයකට බෙදෙයි. අපගේ සිත්වල ඇතිවන හැඟීම් භාවයන් ලෙස හඳුන්වයි. රසිකයා තුළ ඇතිවන "භාවය" ස්වභාවික භාව නවයට සමාන්තර "රස" ද නවයකි.
භාව රස
රති - ශෘංගාර
හාස - හාස්‍ය
ශෝක - කරුණා
ක්‍රෝධ - රෞද්‍ර
උත්සාහ - වීර
බය - භයානක
ජුගුප්පා - භීඛත්ස
විස්ම - අද්භූත
පසුව මේ අටට "ශම" නම් භාවයක් ද, "ශාන්ත" නම් රසයක් ද එකතු කරනු ලැබීමෙන් නවරසය ඇති වූයේය.
* ශෘංගාර රසය ඇති වන්නේ ආදරය, ප්‍රේමය ආදිය ඇතිවීම සඳහා මුල්වන රතිය ස්ථායි භාවයෙනි.
* හාස්‍ය රසයෙන් අප හඳුන්වන්නේ උපහාසාත්මක තත්ත්වයකි. කෙනෙකු අවඥාවට ලක් කිරීම, කෙනෙකු දෙස උපහාසාත්මකව බැලීම
ආදිය හාස්‍ය රසය වෙයි.
* කරුණා රසය ඇති වීමේ දී ශෝක නමැති ස්ථායි භාවය පෙරටු වෙයි. සිත තුළ කරුණාව ඇති වන්නේ ශෝකය මිශ්‍ර වූ අනුකම්පා
සහගත හැඟීමක් සිත තුළ ඇති වූ විටයි.
* සිත තුළ ක්‍රෝධය, වෛරය වැනි දුෂ්චිත්තාවන් ඇති වූ විට රෞද්‍ර රසය මතුවේ.
* වීරත්වයක් සිත් තුළ ජනිත වීමට, උත්සාහය සිත තුළ ජනුත විය යුතුය. එවිට මතු වන්නේ වීර රසයයි. ඒ අනුව වීර රසය සඳහා භාවය
වනුයේ උත්සාහයයි.
* භයානක රසය ඇති වීම සඳහා පෙරටුවන ස්ථායිභාවය බියයි. තමා බිය වූ විට දී ඇතිවන්නේ ද භයානක රසයයි.
* ජුගුප්සාජනක දෙයක් දුටු විට දී හෝ එවැනි සිද්ධියක් ශ්‍රවණය කළ විට දි හෝ ඉබේම මුහුණ වෙනස් ඉරියව්වකට පෙරළේ. එවැනි වෙනස්
වීමක් සඳහා පෙරටු වූයේ ජුගුප්සාව නමැති ස්ථායි භාවයයි. එවිට ඇති වන්නේ භීබත්ස රසයයි.
* අද්භූත රසය ඇති වීමට විශ්මය යන භාවය මුල්වේ. උදාහරණයක් ලෙස සිංහබාහු නාට්‍යයේ සිංහ සීවලී රන් ආභාරණ, මාලිගා පිළිබඳ
මනෝ සංකල්පනා මවා ගැනීම දැක්විය හැකිය.
* නවවැනි රසය, ශාන්ත රසයයි. ශාන්ත රසය ඇති වීමට සිත, ශම යන ස්ථායි භාවයකට සම වැදෙනු ඇත. සිත තැන්පත් හා ශාන්ත
ස්වභාවයක් ගනු ඇත.
මීළඟට නාට්‍යයක් තුළ හා නාට්‍යයක් රසවිඳින ප්‍රේක්ෂකයා තුළ "රසය" හටගන්නේ කෙසේදැයි විමර්ශනය කර බලමු.
නාට්‍ය පිටපතක් ලිවීමට මූලික වශයෙන් යොදා ගන්නා අවස්ථාවක හෝ සිද්ධියක ප්‍රධාන භාවය, "ස්ථායි භාවය" යනුවෙන් හැඳින්වේ. මෙම ස්ථායි භාවය නිර්මාණය වන්නේ වචන, අදහස් හා කල්පිත අභිනයෙනි. ස්ථායි භාවය නිපදවීමට හේතුවන මේ අංග ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. එනම්,
1. විභාව
2. අනුභාව
යනුවෙනි. විභාව නම් ප්‍රධාන අංගයයි. අනුභාව නම් අතිරේක අංගයයි. විභාව නම් විස්තර කරන අවස්ථාවේ ප්‍රධාන ලක්ෂණය වේ. නාට්‍යයක නම් චරිත හා ස්ථාන විභවයන් වේ. විභාව කොටස් දෙකකින් යුක්ත වේ. එනම්,
1. ආලම්බන විභාව
2. උද්දීපන විභාව
යනුවෙනි. ආලම්බන විභාව නම්, අති ප්‍රධාන අංගයි. නායක ප්‍රධාන චරිත, ආලම්බන විභාව වේ. එනම් මනමේ නාට්‍යයේ මනමේ කුමරු හා මනමේ කුමරිය ගත හැකිය. උද්දීපන පසුතල නිර්මාණය, සංගීතය වැනි දෑ ගත හැකිය. විභාවයන් සජීවි ලෙස නිර්මාණය වන්නේ අනුභාවයන් මගිනි. නාට්‍යයේ විස්තර වන අවස්ථා අප මනසේ ජීවමාන සිද්ධීන් ලෙස සටහන් කිරීමට උපකාරි වන විශේෂ වස්තු, ක්‍රියා හා සිද්ධි පිළිබඳ විස්තර අනුභාව නම් වේ.
වේදිකාව තුළ නිර්මාණය වන දෙය ප්‍රේක්ෂකයා තුළ සංකල්පිතව භාවයක් උපදින ආකාරය "ව්‍යභිචාරිභාවය" යනුවෙන් හඳුන්වා ඇත.මෙසේ කල්පිත වින්දනයයකට පෙරළෙන භාවය "ව්‍යභිචාරිභාවය" යනුවෙන් ද, එයින් ප්‍රේක්ෂකයා ලබන ආශ්වාදය නැතහොත් මානසික තෘප්තිය "රස" යනුවෙන් ද භරතමුනි නම් කරයි.