පැරණිතම සංස්කෘතික නාට්‍ය කෘතීන් අයත් වන්නේ ක්‍රි.ව. පළමුවන සියවසටයි. මෙම කාලවකවානුවට අයත් "ශාරිපුත්‍රකරණය" නම් නාට්‍යය අශ්වඝෝෂ හිමියන් විසින් කරන ලද්දක් බව සඳහන් වේ. මෙහි කතා නායකයා වූයේ බුදුරජාණන් වහන්සේ අග්‍රශ්‍රාවක ශාරිපුත්‍ර මහා ස්ථවිරයන් වහන්සේය. ශාරිපුත්‍ර, මෞද්ගල්‍යාන යන දෙනම බුදු දහම වැලඳගෙන, බුදුන් වෙතින් ශ්‍රමණභාවය ලබා ගැනීමේ සිද්ධිය ඉන් නිරූපණය වූ බව පෙනී යයි.
අශ්වඝෝෂගේ තුන්වැනි නාට්‍යය ද ප්‍රකරණ වර්ගයට අයත් නාට්‍යයක් බව පෙනේ. එහි ගණිකාවක්, විදුෂක, ධනංජය නම් රාජ කුමරෙක්, සැරියුත් මුගලන් අගසවු දෙනම ද චරිත වශයෙන් එති. මෙය සුප්‍රසිද්ධ ප්‍රකරණයක් වන මෘවිජකටිකය හා සමාන බවක් දක්වයි. අශ්වඝෝෂගේ මෙම නාට්‍යවල ඇති තවත් වැදගත් ලක්ෂණයක් නම් ඒ හැම එකකම දක්නට ඇති බෞද්ධ තේමාවයි. අශ්වඝෝෂ හිමියන් මෙම නාට්‍යය රචනා කළේ ධර්ම ප්‍රචාරය කිරීම සඳහා යොදා ගැනීම පිණිස යැයි සිතාගත හැකිය.
භාස
භාස නමැති සංස්කෘත නාට්‍යකරුවා අයත් වන්නේ ක්‍රි.පූ. 3 වන සියවසටය. කාලිදාස පවා මොහුගේ ආභාෂය ලබාගත් බව සඳහන් වේ. භාසගේ ජනප්‍රියම කෘතිය වන්නේ "ස්වප්න වාසවදත්තා" නාට්‍යයි. භාසගේ නාට්‍ය කෘති අතර ඒකාංග නාට්‍ය පහකි. මධ්‍යම ව්‍යායෝග, කර්ණභාර, දුතඝටෝත්සව, දූත වාක්‍ය හා ඌරුභංග යන මේ කෘති සියල්ලටම වස්තු විෂය වී ඇත්තේ මහා භාරතයේ එන කතාය. අංක තනකින් යුක්ත පංචරාත්‍රයද, කුරු ලාණ්ඩව යුද්ධය පසුබිම් කරගෙන ඇත. අංක පහකින් යුත් නාට්‍යයක් වන බාලචරිත කෘෂ්ණගේ බාල කාලය පිළිබඳ රසවත් කතා ප්‍රවෘත්ති මත පදනම් වී ඇත. අභිෂේක නාට්‍ය හා ප්‍රතිමාන නාටක යන කෘති දෙකට පදනම් වී ඇත්තේ රාමායණයේ එන රාම - සීතා කතාවයි. අංක හයකින් සමන්විත "අම්මාරක" නම් නාට්‍යයේ කතා වස්තුව උපුටාගෙන ඇත්තේ ද සංස්කෘත කතා සාහිත්‍යයෙනි.
කාලිදාස
කාලිදාස
ක්‍රි.ව. 400-472 අතර කාලය තුළ කාලිදාස නම් ශ්‍රේෂ්ඨ කවියා ජීවත් වුණි. ඔහු විසින් මාලවිකාග්නිමිත්‍ර, වික්‍රමෝර්වශිය, අභිඥාන, ශාකුන්තලය වැනි නාට්‍යයන්, සෘතුසංහාරය, මේඝදූතය වැනි මහා ඛණ්ඩ කාව්‍ය හා කුමාර සම්භවය, රඝුවංශය වැනි මහා කාව්‍යයන් ලෝකයට දායක කර තිබේ. ගුප්ත රාජ සමයේ උදේනි නුවර විසූහයි සැලකෙන කාලිදාස භාරතය බිහි කළ ශ්‍රේෂ්ඨතම කවියාය. මහා භාරතයේ එන කතාවක් වන ශකුන්තලෝපඛ්‍යාතය වස්තු කොට ගත් අභිඥාන ශාකුන්තලය, සංස්කෘතයෙන් ලියැවී ඇති උසස්ම දෘශ්‍ය කාව්‍ය ලෙස පශ්චාත්කාලීන විචාරකයෝ සැලකූහ.
ශ්‍රී හර්ෂ
ශ්‍රී හර්ෂ
ශ්‍රී හර්ෂ ක්‍රි.ව. 606-648 අතර කාලය තුළ ජීවත් වූ විශාල රාජ්‍යයක් පාලනය කළ නරපතියෙකි. ඔහු විසින් නිර්මාණය කළ රත්නාවලි නාගානන්ද, ප්‍රියදර්ශිකා නාට්‍ය, සංස්කෘත ශ්‍රව්‍ය කලාවේ විශිෂ්ට කෘති ලෙස සැලකේ. රත්නාවලි නාට්‍යය, පශ්චාත්කාලීන විචාරකයින් විසින් සංස්කෘත නාට්‍යවලට නිදර්ශන සැපයීම සඳහා බෙහෙවින් උපුටා දක්වන ලද දෘශ්‍ය කාව්‍යයි. මොහුගේ මුල්ම කෘතිය ලෙස පිළිගැනෙන ප්‍රියදර්ශිකාවත්, රත්නාවලියත් නාටිකා ගණයට අයත් නිසා ඒවායේ අංක සංඛ්‍යාව හතර බැගින් වන අතර නාගානන්දයේ අංක පහක් වේ.
රත්නාවලියේ හා ප්‍රියදර්ශිකාවේ කතා වස්තු එකම ප්‍රවෘත්තියක් වටා රචනා වී ඇත. එම පුරාවෘත්තය නම් ක්‍රි.ව. පළමුවැනි සියවසේ රචිත වූවයි සැලකෙන ගුණ්‍යාගේ ප්‍රාකෘත ප්‍රබන්ධ කාව්‍යයක් වන බෘහත් කතා නම් කතා සංග්‍රහයේ අඩංගු වූ උදයන, වාසවදත්තා ප්‍රේම වෘත්තාන්තයයි.
රත්නාවලියේ හා ප්‍රියදර්ශිකාවේ කතා වස්තු එකම ප්‍රවෘත්තියක් වටා රචනා වී ඇත. එම පුරාවෘත්තය නම් ක්‍රි.ව. පළමුවැනි සියවසේ රචිත වූවයි සැලකෙන ගුණ්‍යාගේ ප්‍රාකෘත ප්‍රබන්ධ කාව්‍යයක් වන බෘහත් කතා නම් කතා සංග්‍රහයේ අඩංගු වූ උදයන, වාසවදත්තා ප්‍රේම වෘත්තාන්තයයි.