භරතමුනි නාට්‍ය ශාලාවල හැඩය අනුව වර්ග තුනක් දක්වයි.
1. විකෘෂ්ට
2. චතුරශ්‍ර
3. ත්‍යශ්‍ර
මේවා ප්‍රධාන වාස්තු විද්‍යාත්මක අංග තුනකින් සමන්විත විය.
1. ප්‍රේක්ෂාලය (ප්‍රේක්ෂකාගාරය)
2. රංග භූමිය
3. නේපත්‍ය ගෘහය
දොරටු දෙකක් සහිත බිත්තියක් මගින් නේපත්‍ය ගෘහය, රංග භූමියෙන් වෙන් විය. රංග භූමිය ද කොටස් තුනකින් යුක්ත විය.

1. රංගපීඨ
2. රංග ශීර්ෂ
3. මත්තවාරණී
රංග ශීර්ෂය, රංගපීඨය පිටුපසින් වූ අතර රංග පීඨයට වඩා තරමක් උසින් වැඩිවිය. මේ රංග භූමි කොටස් දෙක අතර යවනිකාවක් (තිරයක්) තිබුණු බව අභිනව ගුප්ත පවසයි. රංගපීඨය දෙපසින් පැත්තක් රියන් අට බැගින් වූ සමචතුරශ්‍රාකාර මණ්ඩපද්වය, මත්තවාරණී නමින් හැඳින්වේ. මෙම මත්තවාරණීවලින් ඉටු වූ මෙහෙය කුමක් දැයි හරිහැටි කීම දුෂ්කරය. ඒවා අතිරේක රංග භූමි ලෙස භාවිත කරනු ලැබූ බවට සාක්ෂි නැත. දෙවියන් සඳහා විශ්වකර්ම විසින් නිර්මාණය කරන ලද ප්‍රේක්ෂාගෘහයේ ආරක්ෂාව සඳහා මහා බ්‍රහ්මයා එහි විවිධ ස්ථානයන්හි ඒ ඒ දෙවිවරුන් ස්ථාපනය කිරීමේ දී ඉන්ද්‍ර ස්වකීය ආයුධය වූ විදුලිය මත්තවාරණියේ තැන්පත් කළ බව පැවසේ.
මේ අනුව මත්තවාරණියේ විශේෂයෙන්ම රාත්‍රී දර්ශන වලදී, රංගපීඨය ආලෝකවත් කිරීම සඳහා කිසියම් පහන් විශේෂයක් තබා තිබුණු බව අපට අනුමාන කළ හැකිය. දිවා කාලයේ දී රංගපීඨයට ස්වභාවික ආලෝකය ලබා ගැනීම සඳහා දෙපාර්ශවයේ බිත්තිවල කවුළු දෙකක් සාදා තිබුණි.
ප්‍රේක්ෂකාගාරය ඉදිකරනු ලැබුවේ නැගෙනහිර බටහිර දිශාවට අනුකූලවය. රියන් 64 ක් දික් වූත්, 32 ක් පළල් වූත් චතුරශ්‍රකාර භූමිය පළල් අතට හරියට දෙකඩ කිරීමෙන් සෑදෙන සමචතුරශ්‍ර දෙකෙන්, නැගෙනහිර දෙසින් වූ චතුරශ්‍රය ප්‍රේක්ෂක මණ්ඩපය සඳහා වෙන්විය. එහි නැගෙනහිර දෙසින් වූ ප්‍රධාන දොරටුවෙන් ප්‍රේක්ෂකයෝ රංග ශාලාවට ඇතුළු වූහ. බටහිර දෙසින් වූ සමචතුරශ්‍රය නෑවත දෙකට බෙදීමෙන් සෑදෙන රියන් 32 x 16 ක් වූ බටහිර කෙළවරේ පිහිටි ආයාතාශ්‍රය මත නේපථ්‍යාගාරය ඉඳිකරන ලදී. එහි පිටුපසින් වූ බටහිර දොරටුවෙන් නළුනිළි හා සංගීත කණ්ඩායම් ඇතුළු වූහ. මෙකී චතුරස්‍ර දෙකට මැදි වූ බටහිර දොරටුවෙන් නළුනිළි චතුරස්‍රය මත රංග ශීර්ෂය, රංගපීඨය හා මත්තවාරණී ඉඳිවිය.

මත්තවාරණී දෙපාර්ශවයෙන් බිත්තියේ වූ කවුළු දෙකකින් දිවා දර්ශන වලදී අවශ්‍ය වූ ආලෝකය රංගපීඨයට ලැබුණි. නේපත්‍යාගාරයත්, රංග ශීර්ෂයත් වෙන්කරන බිත්තියක් විය. මෙම බිත්තියේ දෙපසින් වූ දොරටු දෙකකින් ශිල්පීහු වේදිකාවට පිවිසියහ.